කිංස්බරි කඨින මහා පිංකම සති අන්තයේදී පැවැත්විණි.
ලන්ඩනයේ පදිංචි බෞද්ධ මෙන්ම අනෙකුත් ආගමික ශ්‍රී ලාංකික සහ අන්ජාතිකයෝ ඔවුනගේ ආගමික, සමාජීය, සංස්කෘතික සහ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා සේවය සලසන්නා වු බ්‍රිතාන්‍යයේ පිහිටි ප්‍රමුඛ ශ්‍රී ලාංකික විහාරස්ථානයකි.
මෙවර එහි පැවැත්වුයේ 24 වෙනි වාර්ෂික කඨින පුජෝත්සවයයි.
විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරවාසී සියලුම මහා සංඝයාවහන්සේගේ සහභාගිත්වයෙන් විහාරස්ථානයේදී දින දෙකක් පුරා පැවති මෙවර පිංකම ආරම්භවුයේ කිරුලපන ශ්‍රී ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් පැවැත්වූ අටවිසි බෝධිපුජාමය පිංකමකිනි.
මේ සඳහා විහාරස්ථානයේ අටවිසි බුදුරජානන් වහන්සේලා තැන්පත්කළ අලංකාර මන්දිරයක් නිර්මාණය කර තිබුනේ ජයරත්න බණ්ඩාර සහ විහාරස්ථානයේ තරුණ දායක දායිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙනි.
පසුදින උදෑසන 6.30ට කඨින පිංකමෙහි ප්‍රධාන දායකත්වය දැරූ රන්ජිත් කරුණාරත්න, පුජිත සිල්වා, විමල් විමලදාස සහ ප්‍රමොදිනි ලියන්වෙල යන පවුල්වල නිවෙස්වල සිට අලංකාර පෙරහරකින් කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජා භාණ්ඩ විහාරස්ථානය වෙත ගෙන එනු ලැබිය.
එදින විශාල පිරිසක් අෂ්ඨාංග ශීලය සමාදන්ව සිටි අතර දවස පුරාම දාන, ශීල, භාවනා, ධර්ම සාකච්චා සහ ධර්ම දේශනාමය වැඩසටහන් පැවැත්විණි.
විශේෂ භාවනාමය වැඩසටහනක් අචාර්ය සෙනෙවි අතුරුපාන විසින් මෙහෙයවනු ලැබිය.
විහාරස්ථානයට රැගෙන ආ කඨින වස්ත්‍රය චිවරයක්ලෙස මසා සුදානම් කිරීම සඳහා බොහෝදෙනෙක් උපකාරිවුහ.
කඨින පිංකම දහවල 3 ට ආරම්භවූ අතර සහභාගිවූ සියලුම මහා සංඝයා වහන්සේගේ ඒකමතික තීරණය මත මේවසරේ කඨින චිවරය පියදස්සි නා හිමියන්වෙත පුජාකරනු ලැබිය.
පිංකම සඳහා ශ්‍රී ලංකාවේ සිට උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළුව ගාල්ලේ කච්චුවත්ත පුරාණ මහා විහාරාධිපති උලුවිටකේ බෝධිසීහ නිමි,දෙවාලපොල වෙලුවනාරාමාධිපති මාතලේ විජේවංශ හිමි, ලන්ඩන් නුවර ප්ලාස්ටෝ බුද්ධ විහාරධිපති කබලැවේ සිරිසුමන හිමි සහ බාර්ත් ස්පා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය දීගල්ලේ මහින්ද හිමි වැඩමකර සිටියහ.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමා නියෝජනය කරමින් මහකොමසාරිස් කාර්යාලයේ එච්.එම්.කේ.හේරත් මහතා සහ කෝකිලා වෛද්‍යරත්න මහත්මිය පිංකම පැවති දින දෙකෙහිම ඒ සඳහා සහභාගී වුහ.
මෙවර පිංකම සඳහා බලපොරොත්තුවුවාටත් වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් දින දෙක පුරාම විහාරස්ථානයට පැමිණිබව පියදස්සි හිමියෝ පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන ලොව දස දෙස බැබළේවා !!! (නි)
මේ හරියේ සුද්දෝ නැහැ .. ඔක්කොම ඉන්දියානු පකිස්තාන් අය තමි.. මම ඉන්නේ මීට මිනිත්තු 15ක් විතර දුරින්.. ලන්ඩන් වල එන්ග්ලිෂ් ජාතිකයින් ගොඩක් අඩුවෙන් තමි ඉන්නේ ...(ස)
බුදුදහමේ පදනම අල්පේච්ඡතාවයි. මෙම ගතිය පිටරටවල තිබෙන පන්සල් වල සහ ජනතාව අතර තිබේද? (නි)
කඨින පින්කම් වලට එන්නේ ලංකාවේ අය. සුද්දෝ එන පින්කම් වෙනම තිබෙනවා (නි)
සාදු.සාදු.සාදු!!! මේවා අට මහා කුසල් වේ.ඔබත් පින් සිදු කරගන්න.ඔබත් ධර්ම දානයකට සහභාගි වීමට කැමති නම් පමණක් අමතන්න. තෙරුවන් සරණයි. 00393341227517 (නි)
ඉතාම අලංකාර වැඩක්. අනේ ඒ උත්සව වලට සුද්දෝ එන්නේ නැද්ද? (නි)
සාදු ..සාදු ..සාදු !!! (නි)