කළුතර කොට්ඨාස දුෂන මර්දන අංශයේ ස්ථානාධිපති අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කසිප්පු වැටලීමකට සම්බන්ධ වු ත්‍රී රෝධ රථයක් උසාවියට ඉදිරිපත් නොකිරීමට රුපියල් දහඅටදහසක මුදලක් සහ රත්තරන් චේන් පොටක් ත්‍රීරෝද රියදුරාගෙන් ගත්තැයි ඔහු ඇතුළු තවත් කොස්තාපල් වරුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔහු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර පළාත රත්තරන් චෙන් වලට හොදට ප්‍රසිද්ධයි දැන් එක්කෙනෙක් මැතිසබයේ .(දිල්)
කුමාර හරියටම හරි.. ඒ තමයි රත්තරං ඔය කසිප්පු වලට බෙල්ල දාන එකම එක කෙනා. එස්.අයිට දීපු ගේමක් වගේ මේක..(දිල්)
පග ගැන මොන කතාද ?ඉඩමක ඔප්පුවක් හොයන්න ගියත් එකේ ඇතුලේ ඉන්න සේරටම පගාව දෙන්න ඕන .පගාව දුන්නේ නැත්නම් ඔප්පුව නැහැ ඒවා දැන් පුච්ච්ළලු කියල කියන්නේ .ඒ කියන්නේ ඇතුලේ බඩු තියනවා අපිට ගානක් දුන්නොත් හරි කියන එක .ඉතින් තමන්ට උවමණා දේ ගන්න ,මිනිස්සු කොමහරි කීයක් හරි දීල අරක ගන්න බලනවා ,(අ)
චමින්ද මම හොද සුද්ද සිංහල. හරි....... හිතට අවංකව මේකට උත්තරයක් දෙනවද? ඔයා කොලඹ ජිවත් වෙන කෙනෙක් කියල හිතමු. ඔයා යනවා අනුරපුරේ එතකොට අල්ලනවා පොලිසියෙන් ඔයාගේ වරදකට. ඔයා ඒ දඩ ගෙවන්ඩ වෙන දවසක යනවද නැත්තම් අල්ලපු කෙනාට කියක් හරි දීල මාරු වෙනවද? චාමින්ද උත්තරයක් බලාපොරොත්තු වෙනවා.(නදී) \
පොලීසිය අපහසුතාවයට පත්කිරීමක්. කසිප්පුකාරයෝ බලවත් බව තහවුරු කිරීමක්. (නි)
ඕක කසිප්පුකාරයින්ගේ කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ.කළුතර වැඩක් නේ. (නි)
අරුණ මම හිතන්නේ ඔබ ඉපදිලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි වෙන කොහේදෝ රටක. මිනිස්සු බලෙන් පොලිසියට පගාව දෙන්නේ පිස්සුවටද? කටින් පගාව ඉල්ලන හන්ද , මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති හන්ද , මිනිස්සු පගාව දෙනවා. අදහස් ප්‍රකාස කරන්න කලින් හිතන්න මොනවද කියන්නේ කියල. (අ)
ඔයගොල්ලෝ මේ කතා කරන්නේ හරියට අපේ පොලිසි ගැන නොදන්නා විදියට. (නි)
අද නීතිය සුරක්ෂිතව කරන්න ඕනෑ නිලධාරින්ම ඒවා කඩනකොට මුදල් වලට හා අන් දේවල් වලට රටේ නීතියක් ගෙන යන්නට පුලුවන්ද? (නි)
ඇයි ඔවුන් ක්‍රියාකරන්නේ ඔවුන්ට නීතියක් නැහැ කියලා හිතාගෙනද? (නි)
කවුද ඔය දුෂණ අංශයේ ස්ථානාධිපති ගැන පොලිසියේ උසස් තැන් වලට පැමිණිලි කළ කෙනා. ඒ ගැන අපැහැදිලියි.මම නම් හිතන්නේ නැහැ රියදුරා ඒ දෙය කරන්න ඇති කියලා. (නි)
ඔච්චර අපරාධ බයක් නැතුව මෙහෙම සිද්ධ වෙන්නේ කොහොමද? (නි)
පොලිසියත් දැන් බල්ලට ගිහින්.කරන තරම් හොර වැඩ කරන්නේ බලනකොට පොලිසියේ ලොක්කෝනේ. (නි)
කවුරු කවුරුත් හැකි විදිහට මුදල් සොයනවා. රටකට ගිය කල! (නි)
මිනිස්සු පොලිසියට බනිනවා. නමුත් පොලිසියට පගාව දෙන්නේත් මිනිස්සුමයි. මම හිතන්නේ මිනිස්සු හැදිලා ඉන්න ඕනෑ පොලිසිය හදන්න. එතකොට පොලිසියත් ඉබේටම හැදේවි... (නි)
අපිට නම් මේවා අහල අහල කම්මලේ බල්ලට වගේ.. ලංකාවේ ඉන්න ඔයාලටත් එහෙම නේද? නැත්නම් මේවට පිළියමක් නීතියෙන් සිදුවන්ට එපාය. (නදී)