(ගයාන් සූරියආරච්චි)

මාරවිල ප්‍රදේශයේදී නීති විරෝධී මත්වතුර බවට සැකකරනු ලබන දියරයක් පානයක කිරීමෙන් පුද්ගලයන් 5 දෙනකු මියගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මත්වතුර අලෙවිකළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බවත් වෙන්නප්පුව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයන් මාරවිල තඹරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර දෙදෙනකු මිරිස් මෝලක රැකියා කරනු ලබන පුද්ගලයන් වන අතර අනෙක් තිදෙනා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාව තඹරවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

එහිදී මිරිස් මෝලක රැකියා කරනු ලබන දෙදෙනකු, තඹරවිල ප්‍රදේශයේ එක් පුද්ගලයකු සහ අසාධ්‍ය තත්ත්වයෙන් මාරවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනකු එම දියර පානය කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.