කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සඳහා කසිප්පු පෙරන්නෙක්ගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා රුපියල් දහඅටදහසක් හා රන් දම්වැලක් ලබා ගත්තැයි කියන පොලීසියේ තිදෙනකුට මතුගම අතිරේක මහේස්ත්‍රාත් චමරී වීරසුරිය මහත්මිය ඇප නියම කළාය.
කළුතර පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මාලික අරවින්ද ,පොලිස් කොස්තාපල්වරුන්වන් එම් එස් රංජිත් හා දිමුතු මධුෂංක මෙන්ඩිස් එම තිදෙනාය.
මතුගම,තෙබුවන හා බුලත්සිංහල පොලිස් බල ප්‍රදේශයන්ට ඇතුළු නොවන ලෙසද ඔවුනට කොන්දේසි පැනවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලව අරින්න ඕනේ වැලිකඩට ටිකක් සැප විදලා එන්න කියල (දිල්)
මේ නඩුව අල්ලස් කොමිසමෙන් නේද මෙහෙයවන්න ඕනෑ? (නි)