අම්බලන්ගොඩ කන්දෙගොඩ පුරාණ මහාචේතිය පිරිවෙන් වාර්ෂික කඨින පූජාව දායකයෝ කපු රෙද්දක් ගෙන චීවරය මසා පාරම්පරික ‘‘පඬු වර්ණ” යොදා පූජා කළහ.
කන්දෙගොඩ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සංවිධානය කැරිණි. පඬු වර්ණ ගැන්වීමේ ප්‍රයෝජන ගැන අමරපුර මහා නිකායේ අධගහපිටිය පාර්ශවයේ ලේඛකාධිකාරී කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මාදම්පාගම අස්සජීතිස්ස හිමියෝ කොස් කොළ සහ බෝම්බු කොළ තම්බාගත් ඖෂධීය ජලයෙන් පොඟවාගත් චීවරය දෙවැනිවරට අරටු කොස්මුල් අරටු තම්බාගත් ජලයෙන් පොඟවා වේලා ගන්නා බවත් එවැනි සිවුරු පෙරවීමෙන් මදුරුවන්, මැස්සන් වැනි කෘමි සතුන්ගෙන් ආරක්ෂා වන අතර කුෂ්ඨ රෝග වැළඳීමද වළකින බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුගල ආරන්‍ය සේනාසනයට පිරිනමන වාර්ෂික දානයේදී කොස් පඬු සැකසීමේ පුණ්‍ය කර්මයට වාර්ෂිකව සහභාගී වීමේ භාග්‍යය අපි ලබා ගත්තෙමු.(1973 සිට 2003 දක්වා නොකඩවා වසර 30ක් ) එහිදී මේ සත්‍යය අපි මැනවින් අවබෝධ කර ගත්තෙමු, වනයේ කුටිවල භාවනා කරන උගත් සිල්වත් භික්ෂුන් වහන්සේලා මේ සිවුරු පාවිච්චිය නිසා මැසි මදුරුවන්ගේ දෂ්ඨ කිරීම් වලින් ආරක්ෂා වෙන බව උන් වහන්සේලා අපට පැවසුහ.(හේ)
මැසි මදුරු කුෂ්ඨ රෝග වැඩි වශයෙන් ගිහියන්ටත් ඇතිවන නිසා අපිට මේ මූලධර්මය උපයෝගී කරගෙන යමක් කරන්න බැරිවෙයිද? (නි)
ජනතාව තව තවත් පන්සලට එක්රොක් වී මෙවැනි පුන්‍ය කටයුතු වල දීමෙන් රටත් සමාජයත් සදාචාර සම්පන්න වෙනවා ඒ වගේම තරුණ පරපුරේ ඇති වී තිබෙන මානසික අතතියෙන් මිදී සුමගට පැමිණෙනවා අපේ දේ රැකගෙන හොද විනයක් ඇතිව ඉදිරියට හැම දෙනාටම ශක්තිය ලබේවා.සියලු දෙනාට බුදු සරණයි !!(හේ)