සීගිරිය අභය භූමියට අයත් වනජීවී සංරක්ෂිතයේ කැළෑ හෙලි පෙහෙලි කරමින් ගස් කපා ගිනි තබා ඉඩම් අත්පත් කැර ගැනීමේ ක්‍රියාවලියක් මේ දිනයන්හිදි සිදුවෙයි.
අක්කර 20- 25 ක් පමණ මෙසේ අත්පත් කැර ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙය සිදු කරන බව තොරතුරු ලැබී ඇත.
මේ පිළිබදව සිගිරිය වනජීවි කාර්යාලයයේ නිලධාරියකු පැවසුයේ මේ පිළිබදව සොයා බලා දැනට නිතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
තවත් එවැනි තැන් ඇත්නම් ඒ සදහා පියවර ගන්නා බවද හේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන අය දැනගන්න ගහ කොළ වල තියෙන වටිනාකම. අපි ගහ කොළවලට සලකන්න ඕන දෙමවුපියන්ට වගේ. මම ඉන්න රටේ ගහකොළ නැති නිසා මිනිස්සු බොහොම අමාරුවෙන් ගහ කොළ හිටවලා සාත්තු කරනවා හැබැයි i කවරු හරි අත්තක් හරි කඩලා තිබුනොත් රුපියල් 25000 ක් විතර දඩයක් ගෙවන්න වෙනවා.(නදී)
"දළදා මැදුර අධිකව මිල කළ හැකි ය සිරිමා බෝධියේ ලංසුව පැහැදිලි ය කළු ගල් වලට විකුණාගෙන සීගිරිය සීගිරි කුරුටු ගී බයිලා කළ හැකි ය" (kurutugegeepawra.blogspot.com ) (ස)
දිල්හානි නගෝ ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කීවාලු. ගම නගරය විය යුතුයි, නගරය මහා නගරබවට පත්විය යුතුයි. අනේ මේ පෞරාණික කැලෑවක් තියාගෙන මක් කොරන්නද? ඔයාලා වගේ අයටමේ කැලෑවේ හේනක් වවාගෙන පැල් කවි කිය කියා ඉන්න පුලුවන්.ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න කෝ. (ස)
නැහැ නැහැ ඕනෑ නැහැ.එක ගලක්වත් කඩන්න ඕනෑ නැහැ.කැලේ තියෙන ගස් කපන්නත් ඕනෑ නැහැ. අනාගතේ ඉපදෙන දරුවන්ට ලංකාවේ කිසි දෙයක් දකින්න නැති වෙයි,මෙහෙම ගියොත් නම්.....!!! (නි)
මේ ගහක් හැදෙන්න මොන තරම් කාලයක් ගතවෙනවද? කපලා දන්නා පුළුවන් අසුරු සැණින්.හිතෙන්නේ නැද්ද දෙවියනේ මම මේ කරන්නේ අපරාදයක් කියලා? නුඹලාට සොබා දහමෙන්ම දඩුවම් ලැබේවා! (නි)
අනවසරය තමයි අපේ රටේ ජනප්‍රියම ක්‍රමය.හේතුව,නීතිය හරියට ක්‍රියාවේ නොයෙදීම. (නි)
මේ යන හැටියට සීගිරි ගලත් කළු ගල්වලට කඩන්න ගල් කොරියක් දැම්මා කිව්වත් මම නම් පුදුම වෙන්නේ නැහැ. (ස)
ඔන්න ඔය කැලෑ කොටලා පුච්චන වෙලාවක සීගිරියේ ඉන්න ඔක්කොම දෙබරු ටික ඇවිස්සිලා එලව එලව අනින්න ඕනේ පණ එපා කියල දුවන්න. (ස)
මේවා කරන එවුන්ටත් අනුබල දෙන උන්ටත් හෙන හතම ගහන්න ඕනේ. පරිසරය විනාශ කරාම මිනිස්සු හුස්ම ගන්නේ කොහොමද කියන එක නොදන්නා බුරුවො නිසා අපේ දරුවෝ අකාලයේ ලෙඩ රෝග වලට ලක්වෙනවා. පාසලේ, ටීවී එකේ, පත්තරවල පරිසරය විනාශ කිරීමේ ආදීනව නිතර කියා දෙනවා නම් අනාගත පරපුර මේවට විරුද්ධව ක්‍රියාකාරී වේ . මේ වනාන්තර කපන්න සාමාන්‍ය මිනිහකුට බෑ .මේවා කරන්නේ දෙසපලුවෝ. මේවයින් පෙන්නේ ඔවුන්ගේ බලලොබය .ඔවුන්ට රටට මොනවා උනත් කමක් නැ මඩිය තර වෙනවා නම්. (ස)
අනේ, ලංකාවේ වන සංරක්ෂණේ උන්දලා නිදිද? සල්ලි කීයක් හරි දුන්නම ඒ ගොල්ලන්ගේ අරුණු ඇස් වැහෙනවා. (ස)
ගස් කපන්නේ නැතුව රට දියුණු කරන්න පුලුවන්ද? කොහොමද ගොඩනැගිලි හදන්නේ, මේවා මේ දියුණුව දකින්න බැරි ඉරිසියාකාරයන්ගේ වැඩ ...දැන් බලන්න අපේ දකුණ සංවර්ධනය වෙන හැටි ...ගහක් කැපුව කියල රට විනාශ වෙන්නේ නැහැ දියුණු වෙනවා මිසක්. සමහරුන්ට ඕනේ කැලේටම වෙලා ඉන්න තමයි. (ස)
අපට පුතේ රටක් නැතේ. (ස)
දිල්හානි නංගි, ඕව ගණන් ගන්නෙපා. මේ දොන් සේතන් තනිකර ගොන් සේතන් කෙනෙක්. මිනිහ දන්නේ නැහැ සංචාරක හොටෙල් පරිසරය සහ ආරක්‍ෂිත සංස්කෘතික වන පරිසරය අතර වෙනස. ඔය වගේ මෝඩයින්ට පාලනය ගියොත් මහා මෙව්නා උයනෙත් හෝටල් හදයි. (ස)
සීගිරියට අධිවේගී මාර්ගයක් දාල දෙන්නකෝ ! (ස)
වන සංරක්ෂණය ඇත වනයම කපණු ඇත, වනජීවියක් ඇත සත්තුන් මරනු ඇත, රජයක් කියා ඇත පාලනයක් නොමැත, මොලයක් කියා ඇත නරකම කරනු ඇත. (ස)
මොහොමඩ් ., ඔයාගේ මොලේ අමාරුවක්ද...?සිගිරි ගල කඩල ගෙවල් හදන්න කියන්නේ ......? (ස)
ශාප වේවා!!! (නි)
වන සංරක්ෂණය නිදියි ගස් හොරු රජයයි, වනජීවීයන් සිටියදී මස් හැලි උතුරයි, මැති ඇමතියන් සිටියදී වන පෙත වනසයි, කරුමෙට මේව දැක දැක මගේ හද කකියයි. (ස)
මගේ රූපා නංගියේ මහා මෙවිනා උයන කියලා මොකක්ද තියෙන විශේෂත්වය එහි උනත් හෝටලයක් හැදුවා නම් කාටද ආඩමිබර. දැන් බලන්න හම්බන්තොට කැලෑ බද ප්‍රදේශ නාගරීකකරණය වුනා. අධිවේගී මහා මාර්ග පද්ධති ඇතිවුනා. වානිජකරණය තුලින් නාගරීකරණයවී නවීකරණය තුලින් සමාජය දියුණු වීමට නම් සීගිරියත් එසේ නොවිය යුතුයයි ඔබ කියන්නේ කෙසේද? අනේ අම්මපා කෙල්ලේ කලාත්මකව සිතන්න පුරුදු වෙන්න කෝ. (ස)
වීෂ්නු කතරගම කඩවර ගම්භාර.... අස්න උණුවෙලා බල සක් ඇස් ඇහැර... ගස්ම කප කපා වනසන උන් නොහැර... භශ්මයක් සදා මොළ සෝදන් මෙවර... (නි)
මේකටත් කෝ සේනාව කියලා අහන්න එපා. (නි)
ලංකාවේ තිබෙන වටිනා තැන්, වැසි වනාන්නතර ආදියේ ඡායාරූප අරගෙන තියාගන්න ඕනෑ දැන්ම. පසුව අපේ දරුවන්ට පෙන්වන්න (නි)
මමත් සීගිරියේ, මේ යන විදියට අලි ගෙවල් කඩන එක අහන්නත් දෙයක්ද? පුදුම වෙන්න දෙයක්ද? මහත්තුරුනේ, අලි එනවට වැටවල් ගහලා හරියන්නේ නැහැ. මේ දේවල් නවත්වන්න කරුණාකර.(නදී)
බොදුබල සේනා,රාවණ බලය,හෙළ උරුමය,ජාතික නිදහස් පෙරමුණ,ජවිපෙරමුණ , සිංහල උරුමය,...සියයක් විතර මැතිඇමතිවරු.... අප්පේ ඉතින් මොකද බැරි මේවා නවත්වන්න?බලන්න හෙට ඉඳලා මේ අසාධාරන වැඩ ඔක්කොම ඉවරයි (නි)
චන්දි නෝනා මම කියන්නේ සීගිරි ගල කඩන්න නෙමෙයි. ඒක ඉතුරු කරලා වටේට තිබෙන ගල් ටික කඩන්න (නි)
කොහෙන් හරි සම හරක් දේශපාලුවෝ මේකට ගැවිලා ඇති. කතා කරන කෙනා තමා අන්තිමට වැරදි. අනේ මගේ ලංකා මාතාවට ගිය කලක්. (නි)
කොළඹ ලස්සනයි ගහකොළ හිටවනවා, මල් වවනවා කුඹුරුත් වපුරා දෙනවා, කැපුවට කැලේ ගස් ටික වෙනවද මොනවා... ගැමි පරිසරය අපි කොළඹට ගෙනයනවා. (නි)
ඕවා සියල්ලම ඔය ලොකු ලොක්කන්ගේ වැඩ. (නි)
මොවුන්ගේ පවුල් පිටින් විනාශ වේවා! (නි)
නමුත් නායකයෝ පපුවට ගසා කියන්නේ පළමුවත් රට ,දෙවනුවත් රට,තුන්වෙනුවත් රට කියලයි. (නි)
ගහ කොළ කපා රට තොට එළිකරලා ගනිවු... වැව් ටික ගොඩකරලා හෝටල් හදමු බොලවු... උල් දිය මොටද බෝතල් දිය බීලා බලවු... ගඟ දිය මොටද මුහුදට පැන ජොලිය දමවු.... (නි)
සීගිරි ගලත් කළුගල් වලට විකුණනවා කියලා ප්‍රවීණ ගායිකාවක් ගීතයකුත් ගායනා කළා අරගොල්ලන්ගේ කාලේ. ගල කඩන්න කෙසේ වෙතත් පෙරළන්න හදන්නේ මේ කාලේ. මෙහෙම වෙන්න ඕනෑ ආශ්චර්යට යන්න නම්. (නි)
සරදියෙල් ඉවසුවේ නැහැ අසාධාරණේ. මේ විනාශය නවත්තලා කැළෑ වවන්න ඕනෑ නැවතත් කපපු අය ලවාම පුළුවන් නම් (නි)
අමිල, මේ විදියට කියන්න වෙන්නේ " දෙවියනි ඔබ කොහෙද" කියා නොවෙයි. " දෙබරුනි ඔබ කොහෙද" කියා. අනේ දෙබරුනේ උඹලවත් මේ ගැන ඉදිරිපත් වෙයල්ලා. (නි)
ස්තුතියි ඉන්දු, ලිප්ටෝන් වට රවුමේ අපේ රතු මල්ලිලා වෙන රටක මුකුත් උනොත් බලන්න එපායැ සද්දේ. දෙන්නකෝ පොඩි සද්දයක් මේවටත්. නැත්නම් කුරුඳු පොලු අරන් යන්නකෝ 500ක් විතර, ලබන සැරේ ඡන්දෙ වත් ටිකක් හරි වැඩි කර ගන්න. (නදී)
බුදු හාමුදුරුවොත් ඉස්සෙල්ලම කීවේ ' වනරෝපා' කියලා . ආරාම හදන්න කීවේ දෙවෙනියටයි . මේ ටික වටහල දීල පාලකයන්ව නැගිට්ටවන්න අපේ හාමුදුරුවරුනේ! ඉතිහාසෙත් බේරුනේ එහෙම කරලයි. මේ වෙන විනාසේ හමුදාව දාල කරන්න ඕනේ යුද්ධයක් තරමට උග්‍ර වෙලා දැන්. ගෝඨාභය, රණවක වගේ රට ගැන හිතපු අයට මොකද වුනේ? (නදී)
අපි තමයි මේ රජය පත් කරන්න දායක උනේ. මේ අපරාද නැවත් වුයේ නැත්නම් ඉතින් විපක්ෂයකුත් නැති එකේ ආපසු කලින් තිබුන ත්‍රස්තවාදය නැවත ඒවි. එදාට අපිත් කරුමේ කියල බලා ගෙන ඉන්නවා මිසක සපෝර්ට් එක නම් සුම්මා.(නදී)
රනා, උපාලි,සැමුවෙල් සහෝදරවරුනි,ඔබගේ අදහස් වගේම සාහිත්‍යම ලෙස ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි. ඉතා අර්ථවත් පද සංකලනයක් තව තවත් රසබර ලෙස අදහස් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා ! පතමි.(නදී)
රනා - උපාලි - සැමුවෙල් සහෝදරවරුනි, ඔබගේ අර්ථාන්විත සහ රසබර අදහස් ඉතාමත් ඉහලයි. ලංකාදීප එසැනට සාහිත්‍ය රසයද එක් කිරීමට ගන්නා සාර්ථක උත්සාහයට සුභ පතමි. තව තවත් ලියන්න. ඔබේ සැගවුණු හැකියාවන් මේ තුලින් එලි දක්වන්න .(නදී)
එක ඇමතියෙකුට එක කාලයක් බාර දුන්න නම් කැලා ටික ආරක්ෂා කරන්න පුළුවන් තරමට දේශ පාලකයෝ ඉන්නවා. ඒ අය කපා ගන්නේ අල්ලා ගන්නේ නැත්නම්? පබා මාලිනි වගේ නිලියෝ ඉස්සරහට ඇවිත් කතා කලොත් ලොකු වෙනසක් කරන්න බලේ එයාලට තියෙනවා.. කවුරුහරි මේක එයාලට කියන්න.? ලෝකේ හැම තැනම කලා කාරයෝ අද විනාසය නවත්තන්න එයාලගේ ජනප්‍රිය කම යොදනවා. අපිට ඉන්න අය කතාකරන්නේ උතුරේ ප්‍රශ්න ගැන විතරයි? මේවා ජාතික ප්‍රශ්න..දැන්වත් ඇස් අරින්න!(නදී)
රුවන් රට නිසි මග මෙහෙයවන නියමුවාට ආචාර වේවා.(නදී)
සිරිලක බැබලේවා සුබ අනාගතයක් රට ඉන්න අපිට ඉක්මනට ගෙදර යන්න පුළුවන් ජයවේවා(නදී)
මේක හොඳ වැඩක්..අගේ කරන්න..අවුරුදු 30 යුද්දයෙන් ආපස්සට ගිය රටයි මේ නැගිටින්නේ...සතුටුවන්න..(නදී)
රට ආශ්චර්ය කරා යන ගමන..(නදී)
මගේ රට ගැන මට හරි සතුටුයි (නදී)
ජනාධිපතිතුමනි, ඔබටත් මෙයට දායක වී ඇප කැප වූ සැමටත් ස්තුතියි. ඔබතුමා රට වෙනුවෙන් කරන සෑම හොඳ වැඩක්ම ඉතා ඉහළින් අගය කරනවා(නදී)
නිකන් තියන වනන්තරේ කපලා හෝටලයක් හැදුවොත් සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන් ....හැමදාම වැද්දෝ වගේ ඉන්න තමයි සමහර අයට ඕනේ ...නිකන් තියන ගලක් කඩලා අහිංසකයන්ට ගෙවල් හදන්න දෙන්න පුළුවන් .නිකන් තියාගෙන ඉදල වැඩක් නැහැ (නදී)
සුරංග අපේ අතිගරු ජනාධිපතිතුමා සුරයා, විරයා...(නදී)
කවුද මේවා කරන අය ? මේවා රට විනාශ කරන සැලැස්මක් වෙ තැනම වෙන මේ විනාශය පටන් ගත්තේ ත්‍රස්තවාදේ නැතිකළ දා ඉඳලයි. මිනිස්සු මීට වඩා හිතන්න. රට ජාතිය කී වතාවක් විනාශ වුනාද ඉතිහාසේදී? සමගි වුනේ නැත්නම් මේ ජාතියත් ආගමත් නැතිවෙනවා කියන විදියටම. (නි)
හොද දෙයකට හොදයි නොකියන දේශපාලන කණ්ණාඩි දාගෙන අන්තවාදී අදහස් දාන අන්තවාදියන්ට අපායට පාරකුත් දාන්න ඕනෑ. (නදී)
මොනවා කිවුවත් රටේ පැහැදිලි දියුණුවක් අපි දැක්කේ මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ.(නදී)
මෙහෙම ගියොත් ගලත් කඩලා දායි (නි)
ගුණදාස, රණවක, විමල්, ජවිපෙ , එජාපෙ කැසිනෝ වලට දාපු විරෝදය මේකටත් දාන්නකෝ. නැත්නම් ඉතින් පස්සේ කැසිනෝ කියල තමයි කියන්න වෙන්නේ. එදාට ඔන්න අපි නැහැ. ගෝඨාභය මහත්තයෝ ඔබතුම මේ ගැන දන්නෙම නැද්ද. (නදී)
දැන් වැඩේ අවසානයි. (නි)
කැකිල්ලේ , ඉන්දු,චන්දි,තිසර ඔබගේ සාහිත්‍යම අදහස් පෙළ ගැස්මත් අපුරුයි. එසැනින් පුවත් පිටුව අද කවි මඩුවක් වගෙයි. ඔබ සිවු දෙනාට තව තවත් මෙවැනි නිර්මාණයන් ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා! මට ලියන්න බැරි උනාට ලියන අයගේ හැකියාවට මම ආදරය කරනවා. අගය කරනවා. ගරු කරනවා.(නදී)
ඉඩම් අයිතිය පළාත් සභා වලට දැනටම තියෙනවා. 'මලී' නාට්‍ය බලද්දී ඒක හොඳට පෙනුනා. මේ ගැන ලිපිත් පලවෙලා තිබුනා, ඕනෙම ජරා සතෙකුට කැලේ ඉඩම් ගන්න පුළුවන්, ලේකම්, සභාපති, ග්‍රාම සේවක වගේ කෙනෙක් අල්ල ගත්තම . ඔය 'දෙන්නේ නැති අයිතිය' කියලා කෑගහන්නේ අක්කර දහස් ගණනක් වගේ දෙන ඒවාටයි. පොඩි කැලි ඕනේ විදියට අල්ලනවා, ඔප්පු දෙනවා ප්‍රාදේශීය සභාවලින්.? දැන්වත් මේ රැවටීම නවත්තලා, ඇත්තට මූණ දීල කතාකරන්න. අලි ගම් වලට එන එක 2009 ඉඳන් වැඩි වුනේ මේ නිසයි. උන් එන්නේ මිනිස්සුන්ගෙන් උදවු ඉල්ලගන. එත් මිනිස්සු හක්ක පටස් කරලා පැටියෝ අල්ලගන වහල් වැඩට ගෙනියනවා. මොන තරම් පහතට වැටිලද අපේ රට, ජාතිය? (නදී)
ගහක් කොලක් කපනවා කියන්නේ ජාති ජාති සහගහන අපරාධ,මේ ගහක් වැඩෙන්න කොපමණ කාලයක් යනවද?ඇයි මිනිසාට මේවා තේරුම් ගන්න බැරි ,ඇයි මේවට දැඩි දඩුවම් ක්‍රියාමත්මක කරන්නේ නැත්තේ.(නදී)
අනේ සකුරුන්ද, ඔබ කියන එක හරි ඇත්ත. අපි මෙයාලව බලයට ගත්තු යුතුකම වන බෝම්බ ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තු එකත් හරි. දැන් තියෙන්නේ මෙයාලගේ ගෝලයින්ගෙන් වන විනාශ ත්‍රස්තවාදය නැතිකර ගන්න මෙයාලා උනන්දු වෙන්නේ නැත්නම් අපි ජේනරල්ට රට බර දෙනවා ලබන පාර. අපි ජෙනරාල් ගෙන් ඉල්ලනේ නියම හිත්කාමින් එකතු කර ගන්න. ජනතාව ප්‍රතික්ෂප කරපු පරණ නායක නායිකාවන් එකතු නොකර ගන්න. ඉදිරියටම යන්න. දැන්ම ඉඳන් මේවට විරුද්දව හඬ නගන්න.(නදී)
කැළෑ කපා පරිසරයම වනසනවා.. ගල් කඩලා කඳු පහළට අද්දනවා.. අනාගතේ සිදුවන දේ හැඟවෙනවා.. සීගිරි ලඳුන් රජ දහනෙන් වෙන්වෙනවා... (නි)
උපාලි කලින් තිබුන ත්‍රස්ත වාදේ අය පාර්ලිමේන්තුවේත් ඉන්නවනේ? ඒත් දැන් බලෙත් තියෙද්දී මුකුත් කරන්නේ නැහැ?(නදී)
සියලුම දෙනා මේ ගැන හඬ නගන විට, මටත් හිතුනි වස් කවියක් කියන්නට, යම පල්ලනට වැඩ නැත්නම් මේ කලට ,වරෙව් පෙන්නපව් වැඩ විත් සිරි ලකට. (නදී)
දෙබරුනි,ඔබ කොහේද? (නි)
කරන්න ඕනේ සීගිරි ගල උඩත් ගස් වවන එකයි? එහෙනම් කියන්න පුළුවන් ආශ්චර්ය කියලා , සීගිරි ගලත් කළුගල් වලට විකුණනවා කියලා සින්දු කියපු ඒ කලා කාරයෝ සද්ද නැහැ දැන් ? මොන තරම් වටිනා පුරාවස්තු තියෙන බිමක්ද මේ වනසන්න දෙන්නේ? කොච්චර සින්දු ලියන්න පුලුවන්ද දැන් මේ විනාසේ ගැන? ඇයි නිහඬ? (නදී)
මේවා කෙරෙන්නේ හොරෙන් නොවේ. ඉහළින් අනුග්‍රහය ඇතුව. කාටවත් නවත්තන්න බැහැ. දැන් නවත්තන්න දෙයක් නැහැනේ. වෙලා ඉවරයි. වැටත් නියරත් ගොයම් කයි නම් අපි කාට කියන්නද? ඉවසනවා හැරෙන්න. (නි)
ඒ පපුවට ගහගෙන කියන්නේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මේක කනවා,කනවා කියලයි. ඉතින් හරි කතාකරන අය නිහඬ කරවලා කනවා කනවා.(නදී)
හෝටලේක සීගිරි දර්ශනය පෙනෙන්න ගස් කපන හැටි වාර්තා වුණා මීට පෙර. ඒක නැවත්තුවාද? ගස් කපලා අවසනද නවත්තන්න යන්නේ? මෙහෙම තමා ඉතිහාසේදීත් අපි වහල් වුණේ. මිනිස්සුන්ට ප්‍රතිපත්ති නැහැ. (නි)
සීගිරි වනරක්‍ෂිතය පසුගිය දිනකද ගස් කපා ඩෝසර් කර තිබුනා. මේ අය කවුද? මේ අයට රැකවරණය බලය දෙන්නේ කවුද? ඉදිරි අනාගත දරු පැටවුන්ට පරිසරය වැනසීමෙන් අත්වන ඉරණම කුමක්ද? රජෙන් පත්කර සිටින පුරාවිද්‍යා දේපාර්තමේන්තුව, වන රක්‍ෂණ දේපාර්තමේන්තුව, මේ ආයතන නමට පමණක්ද? මේ පළාත් බාර මහ ඇමති කෙනෙක් නැද්ද? මේ ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවන නිසාද ලංකාවේ සෑම තැනකම මේවා දිගින් දිගටම සිදුවන්නේ? (නි)
රූප නංගි, දේවාලේ වැඩ පටන් ගත්ත වගේ. හොඳයි, හොඳයි, මොනවා කරන්නද අපිත් දුන්නනේ. දැන් වස් කවිවත් කියමු. (ස)
රට වෙනුවෙන්ම හරි සැලැස්මක් නැතිව කරන සංවර්ධනය විනාශයක්. පළාත් වලට ඕනේ විදියට කැළෑ විනාශ කරන්න බැහැ. පුරාවස්තු වන සත්තු ඔය සේරම රකින විදියටයි සැලසුම් හදන්න ඕනේ. මේක දියුණුව කියලා අදහස් දාපු අය ලෝකේ වෙන දේ ගැන හොයල බලන්න. (ස)
ඇති තරම් ගස් කපාගත්තට පස්සෙයි නවත්තන්නේ සමහර තැන්වල.? ගෙනියපු ගස් අල්ලන්න පොලිසිය යනවද? හම්බන්තොට, සිංහරාජේ වගේ හුඟක් තැන්වල මෙහෙම ගස් කපාගන්තා අපි දැක්කා.. මේක ජාතික අපරාධයක්. (ස)
පොලිසිය හමුදාව අත ඇත තුවක්කු, වන නිල දරුන්හට දී ඇත තුවක්කු, ඇමති රැකවලුන් ඇත ඇති තුවක්කු, කුමටද මෙතන නැති පුස් කන තුවක්කු. (ස)
මේ අයට කිසි දෙයක් තේරෙන්නෑ. බලන්න සීගිරිය ගල අවට මහා කැලෑවක් අඩියක් ගහන්න බෑ. නයි පොලොංගු සර්ප විමානෙ දෙබරු විමානේ මේවා සමිපුර්ණයෙන් සංවර්ධනය කර සුද්ද පවිත්‍ර කරන් ඕනා. හොටෙල් සාදා විදේශිකයන්ට ලබාදී විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කල යුතුයි. (ස)
මේවා වගකිව යුත්තන් නොදැන කෙරෙන වැඩ නොවෙයි.අඩු තරමින් ග්‍රාම සේවක කියලා කෙනෙක් නැත්ද මේ අඩවියට. වන නිලධාරින් උදේ හවස යන එන පාරවල්.පළාත් සභා වල අය එමටයි.මට පෙනෙන විදියට දේශපාලුවෙක් මෙතෙනත් ඇති කියලයි. (ස)
සීගිරියට කැසිනෝ සහිත ලොකු හෝටල් සංකීර්ණයක් දෙන්ඩකෝ. හැබැයි ගමේ අයට රක්ෂා ඕන. (ස)
රටේ දියුණුවට ඊර්ශියා කරන එවුන් අදත්, ඉන්නවා, හෙටත් ඉන්නවා. හෝටල් කියන්නේ සංචාරකයෝ, සංචාරකයෝ කියන්නේ ඩොලර්. කරුමේ තියෙන්නේ තුට්ටු දෙකේ හෝටල් හදන්නේ මේ කැලේ කපන්නේ. (ස)
මේවා දුටුවිට අපේ බඩපපුව දාලා යනවා.මේවා අපේ ජාතික උරුමයන්. පරිසරවේදින් හා රටේ මහජනයාට පරිසරය රෑකගන්න අනාගතයේදී පොලු මුගුරු ගන්න සිදුවෙන දිනය වෑඩි ඈතක නැහැ වගේ.අපේ රටවෙනුවෙන් අපි ලෝකයට කෑගහලා වෑඩක් නැහැ.අපේ මිනිසුන්ම අපේ රටේ පරිසරය වනසනකොට. (නි)
දවසින් දවස කපනවා ගස් මහ කැලයේ... පිස්සුව වැඩි වෙලා ලොකු උන්ගේ මොළයේ... මිරිකන්නට හිතයි බෙලි තඩි කිටි කිටියේ.... සාරය උරා බොනවනේ මුන් මහ වනයේ ...!!! (නි)
කාශ්‍යප රජතුමනි, ඔන්න වැව බැම්මට තියල ගහනවා නම්... තාත්තා මරපු පව සමා කරගන්නත් එක්ක.බැරිම නම් වල් අලි රංචුවක්වත් එවලා වැඩක් දෙන්න .අලි විතරයි.ඇත්තු එපා. (නි)
සැමුවෙල්ගේ කවිය නම් වස් කවියක් වගෙයි ගණ පිහිටුවලා හදලා තියෙන්නේ. අගේ ඇති නිර්මාණයක්.... (නි)
කැලේ සතා සීපාවා මසට ගනිවු.... ආගම මොටද මෙලොවට පරලොවට බොලව්.... සඟිස්කෘතිය මලවා කන්නටද කියව්.... මේ ලෙස ඉඳල මැරුණම නිරයටම යමව්....!! (කැකිල්ලේ,, ඔබේ කවිය කියවා මටත් තව පදවැලක් එක් කරන්නට සිත්විය)(නදී)
චන්දි,මෙය තර්කානුකූලව බැලිය යුතු ප්‍රශ්නයක්. (නි)
අනේ දෙවියනේ මුන්ට හෙන ගහපිය(නදී)
වනජීවී,පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුවටත්,ඒවායේ ඇමති, නියෝජ්‍ය ඇමතිලාට හොඳ වචන ටිකක් කියන්න හිතෙනවා..... (නි)