(අනීෂා මානගේ)
වැලිසර වීරවිල, කුරුණෑගල, අනුරාධපුරය සහ රත්නපුර තොග ගබඩාවල සිට දිවයින පුරා පිහිටි සතොස වෙළෙදසැල් 420කට ආසන්න ප්‍රමාණයකට කිසිඳු හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර ඇතැයිද රුපියල් 500සිට 2000 දක්වා මිලගණන් යටතේ ආහාර ද්‍රව්‍ය පැකට් මහජනතාවට ලබා ගැනීමට හැකියාව ඇතැයි අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද වීරකැටිය මැදමුලන නිවෙසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
හෙට(23) උදෑසන 6ට ඇඳිරිනීතිය ඉවත් කරන ප්‍රදේශවල ජනතාවට කලබලයකින් තොරව ඇවිත් ආහාර රැගෙන යන්න පුළුවන්. කිසිඳු හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය තිබෙනවා. වෙළෙදසැල් ඇතුළට පස්දෙනකුට වඩා යන්න එපා. හැමෝටම ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
වැලිසර, වීරවිල, කුරුණෑගල, අනුරාධපුරය සහ රත්නපුර රජයේ තොග ගබඩාවල සිට දිවයින පුරා ආහාර ද්‍රව්‍ය සතොස වෙළෙදසැල් 420කට ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 500, 1000, 1500 සහ 2000 යන මිලගණන්වලට පැකට් කර බෙදාහැරීමටත් කොළඹ පිහිටි තට්ටු නිවාස ආසන්නයට පැකට් කළ ආහාර ගෙනගොස් ලබා දීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.
වතුවල තිබෙන පොල් සතොස වෙළෙදසැල් ආසන්නයේදී බෙදා හැරීම සිදුකරනවා. අනවශ්‍ය විදියට ආහාර රැස් කරන්න එපා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. කරුණාවෙන් ඉල්ලා සිටිනවා කලබල නොවී සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ආයතන ලබා දෙන උපදෙස් පිළිපදින්න
සුපිරි වෙළෙදසැල් අපිට විශාල සහයෝගයක් දක්වනවා. තොග ලෙස ආනයනය කරන ව්‍යපාරිකයන් සම්පූර්ණ සහය රජයට ලබා දෙනවා. අපි ආයතනවලට උපදෙස් දී තිබෙනවා ජංගම වෙළෙදසැල් පවත්වාගෙන යන්න කියලා.
එදිනෙදා හම්බකරගෙන යන අයට සහන සලසන්න ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ව්‍යාපාරිකයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිනවා. එවැනි පවුල් හඳුනාගෙන ආහාර ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඉවසීමෙන් කටයුතු කරන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් නොකරන ගම්පහ, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රීක්කවලටත් ජංගම වෙළෙදසැල් හරහා ආහාර බෙදා දිමට කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව රට කෑව එක විතරයි කළේ.
අහාර හිඟයක් නැහැ කියන්නේ ඔහේගේ ගෙදරද...? ඔහෙලට අහාර හිඟ නැතිබව අපි දන්නවා...? රට නැත්තටම නැතිකළේ ඔබලා බව මිනිස්සුන්ට දැන් හොදටම තේරිලා ඉන්නේ. චන්දෙ තිබ්බොත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ.
වුල් පාලනේ හතර වරිගෙම ඉන්න අයට මොන දෙයින් අඩුවක්ද? බලලෝභී බඩගොස්තරවාදියෝ කරපු දේවල් ගෙන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මේකට ගිලින්න රස ආහාර මිටි ගණන් ගෙදර ඇති... අනේ දෙවියනේ...
රවී හරියටම හරි එයාලට අහාර හිගයක් නැතුව ඇති අපේ ඒවත් කන්නේ මේ අයනේ. ගෙදරට වෙලා ඉදන් කයිවාරු නොගහ නගර දෙක තුනක ඇවිදලා බලන්න අහාර හිගද නැද්ද කියා.
ඔබට සහ ඔබගේ ළඟ නෑයන්ට එම කෑම කිසිම හිඟයක් නැතුව ඇති, දුප්පතාට නම් පුදුම හිඟයක්. ඊළඟ ඡන්දෙදි ඔයාලට ටටා බායි තමා.
මේ රටේ මුළු ජනතාවගෙන් 70%ක් පමණ ඉන්නේ දුගී දුප්පත් එදිනෙදා හම්බකරන් ජිවත් වෙන අය.... මේ ජනතාව අද ඉතාම අසරණයි. මේ රෝගය පාලනයට හරි ක්‍රමවේදයක් නැති බව GMOA එක ඉතාම සරලව රටට පැහැදිලි කලා සහ ආණ්ඩුවට හරි දේ කියා දුන්නා. ඉතින් ලොකුවට ආහාර හිඟයක් නැහැ කිව්වට දුගී දුප්පත් ජනතාවට අබ සරණයි....
ඕව කාටද කියන්නේ? මුළු සෙට් ඒකම මුට්ටියම උස්සගෙන ගිහිල්ලනේ තියෙන්නේ . අපිට දන් කුඩ ටිකක් වත් තියල ගිහින් නැහැෙන්....
ලංකාවෙ මිනිස්සු ඔක්කොම බඩු ගන්නේ සතොසින්ද?