පසුගියදා (4) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වීදියකදී කැසිනෝ රජු ජේම්ස් පැකර් ඔහුගේ මිතුරෙකු වන ඩේවිඩ් ජින්ගෙල් සමග ප්‍රසිද්ධියේ හැටි ගුටි ඇන ගැනීම පැකර්ගේ නාමයට කළු පැල්ලමක් එකතු කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් පරීක්ෂණ පැවැත්වේ. එයින් ගුටි බැට හුවමාරු කරගත්තැයි පැකර් වැරදිකරු වුවහොත් ඔහුගේ නාමය තවත් කිළිටි වනු ඇතැයි එම වාර්තාවන්ගේ දැක්වේ.
මෝස්තර නිරූපිකාවක වන තම පෙම්වතියගේ ඡායාරූප ගැනීමට පැමිණියේයැයි තම මිතුරෙකුගෙන් ලද ආරංචියක් මුල් කරගනිමින් පැකර් ජින්ගෙල් සමග ගුටි ඇන ගත්තේයැයි සදහන්ය.ජින්ගෙල් නයින් එන්ටර්ටේන්මන්ට් නම් සමාගමක ප්‍රධානියා වන අතර එම සමාගම මෝස්තර නිරූපණ කටයුතු හා විනෝදාස්වාද කටයුතු සම්බන්ධයෙන් වැඩසටහන් මෙහෙයවන්නකි.
ගුටි කෙළියෙන් පසු පැකර්ගේ එක් ඇසක් සම්පූර්ණයෙන් නිල් පැහැවී තිඛෙනු දක්නා ලදී.ගෙදරට අදින ඇදුමක් පැළදගෙන ඔහු හා ගුටි ඇණගත් ජින්ගෙල්ද තැලූම් තුවාළ ලබා සිටිනු දැකගත හැකිවිය.
ගැටුම අවසානයේ ප්‍රකාශයක් නිකුත් කළ දෙදෙන කුඩා කළ සිට මිතුරන් වන තමන්ට මෙම ගැටුම ගැටලූවක් නොවන්නේයැයිද ඉදිරියටත් තමන් හොද මිතුරන් ලෙස සිටින්නේයැයිද පැවසීය.ගැටුමට මුල්වූයේ තමන්ගේ ක්‍රියාකාරකම් යැයි ජින්ගෙල් පිළිගත්තේය.
ගැටුම සමථයකට පත්වුවද එයින් ලෝකයේ විශාලතම කැසිනෝ ව්‍යාපාර හිමිකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන පැකර්ගේ නමට එල්ල වී ඇති කැළළ නම් තවමත් මකා ගැනීමට ඔහුට හැකිව නොමැති සෙයක් පෙනේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හා මෙල්බර්න් නුවර විශාල ප්‍රමාණයේ විනෝදාස්වාද මධ්‍යස්ථාන හා කැසිනෝ ශාලා ඇතිකිරීම සදහා ඔහුට බලපත්‍රද හිමිව තිබූ අතර ගැටුමින් පසු ඒවා ලබාදීම කෙරෙහි නැවත සළකා බැලීමට නගර බළධාරීන් තීරණය කර ඇත.
zzඅප පොලිස් පරීක්ෂණ කටයුතු ගැන විමසිල්ලෙන් සිටින්නේ.ගැටුම නිසා ඔහුට ලබා දී ඇති බලපත්‍රයේ වෙනසක් සිදුවෙන්නත් පුලූවන් නොවෙන්නත් පුලූවන්zz යැයි මෙල්බර්න් නුවර බළධාරීන් පවසයි.
zzසිඩ්නි නුවර දෙවන කැසිනෝ හල විවෘත කිරීමට ඔහුට බලපත්‍රයක් ලබා දීමට කටයුතු කළා තමයි.නමුත් දැන් අප සිටින්නේ ඔහු එවැන්නකට අත ගැසීමට තරම් ගැලපෙන පුද්ගලයෙකුදැයි සොයාබලමින්.ඔහු ඇතිකරගත් ගැටුම ඔහු අවංක,හොද නමක් ඇති,හොද හැකියාවක් ඇති පුද්ගලයෙකුදැයි සිතා බලන්න අපට යමක් ඉතිරි කළාzz යැයි පවසන්නේ සිඩ්නි නුවර බළධාරීන්ය.
ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ හා ජපානයේද කැසිනෝ හල් දෙකක් ඇති කර තම කැසිනෝ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට පැකර් සැළසුම් කර තිබේ.
පැකර්ගේ ගැටුම ඔහුගේ පෞද්ගලික ජීවිතය හා බැදුනක් මිස ඔහුගේ වෘත්තිමය කටයුතු හා සම්බන්ධයන් නොමැති බව ශ්‍රී ලංකා බළධාරීන්ගේ අදහසයි. දැනටමත් ගිවිසුම් අත්සන් කර අවසන් බවත් එවා ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකරගෙන යන බවත් ඔවුන් කියයි.
පැකර්ගේ ක්‍රවුන් එන්ටර්ටේන්මන්ට් සමාගම සමග ශ්‍රී ලංකාව එළැඹ ඇති ගිවිසුම අනුව ඩොලර් ලක්ෂ 4000 ක වටිනාකමක් ඇති හෝටල් සංකීර්ණයක් හා ඒ හා බැදුණු විනෝදාස්වාද මධ්‍යස්ථානයන් ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙනු ඇත.
ජපානයේද කැසිනෝ හලක් ඉදිකිරීමට පැකර් බලාපොරොත්තුවෙන් සිටින අතර කැසිනෝ ව්‍යාපාරය හා සම්බන්ධ නීති ලිහිල් කිරීමට එරට රජය කටයුතු කිරමින් සිටීම තමන්ගේ වාසියට යොදාගැනීමට ඔහු අපේක්ෂාවෙන් සිටී.
ගුටි කෙළිය නිසා පැකර්ගේ ඉදිරි වැඩකටයුතු වලට බාධා පැමිණෙනු ඇතැයි ඕස්ට්‍රේලියාවේ කොටස් වෙළදපොල කොටස් හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ස්ටෙෆන් මෙයර් පවසයි.
‘ඔහු ලෝකයේ විශාලතම කැසිනෝ ව්‍යාපාර හිමිකරුවන්ගෙන් කෙනෙක්.කැසිනෝ ව්‍යාපාරයක් පටන්ගන්න බලපත්‍ර ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම තමන් ඒ සදහා ගැලපෙන සුදුසු පුද්ගලයෙකු විය යුතුයි.මේ කරුණ බළධාරීන් ඉතා තදින් සොයා බලනවා.ඉතින් වීදියක ප්‍රසිද්ධියේ ගුටි ඇණ ගත්තහම ඒ පුද්ගලයා දිහා ඔහුට මොන බලපුලූවන්කාරකමක් තිබුණත් කවුරුත් බලන්නේ වපර ඇහින්.දැන් වෙලා තිඛෙන දේ අනුව ඉදිරියේදී පැකර්ට කැසිනෝ බලපත්‍ර ගන්න එක ලේසි වන එකක් නැහැ‘ ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ වෙන සිද්ධීන් දිහා බැලුවම මේක සුළු දෙයක්. සුළු ගැටුමක්. අපේ රටේ අවසන් වන්නේ මිනීමැරුමකින් හෝ ශාරීරික අවයව නැති කිරීමෙන් (නි)
කැසිනෝ කියන්නේ කළු පැල්ලමක් තමයි (නි)
මේ සිද්ධිය කිසිම බිස්නස් එකකට කිසිම විදියකින් බලපාන්නේ නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් වත් පොලිසි ගියෙත් නැහැ.යන්නෙත් නැහැ. ජේම්ස් ගේ තාත්තා වන කෙරී පැකර් සහ සීයා වන සර් ෆ්‍රෑන්ක් පැකර් දෙන්නත් ප්‍රසිද්ධියේ ගුටි ඇන ගත්ත අය . (දී)
කැසිනෝ කියන්නේ කළු පැල්ලමක් තමයි. පැකර් මහත්තයා ගැන නම් මම දන්නේ නැහැ (දී)
මේවා මොන වැඩද මහත්තයෝ.... අපි නේ වැඩකාරයෝ. (ස)
ලංකාවේ කැසිනෝ තියෙන්නේ දැනට අවුරුදු 35 කට ප්‍රථම සිට. ගම්වල හොරට ගසන බුරු පොලත්, නීති ගත කරපු කැසිනොවෙත් දෙකෙම්ම වන්නේ මුදල් සුදුවට යොදවිමය. බෞද්ධ දර්ශනයේ හැටියට සුදුවත් නොකළ යුතු දෙයක්. (ස)
සයිමන්, කාෙහාමත් දැන් කැසිනෝ වලට අත්සන් කරලා අවසානයි. (ස)
කළු පල්ලම් තියන්න ඉතුරු වෙච්ච තැනක් කැසිනෝ ජාවාරම් කාරයෙකුට තියනවද? මම හිතුවේ මෙයා මුළු ශරීරේම තාර ගාගත්තු කෙනෙක් කියලයි.(නදී)
මෙහේ ඕව ගණන් ගන්නේ නෑ.(ස)
මේ ඒ මනුස්සයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් ව්‍යාපාර වලට බලබාන්නේ කොහොමද (දී)
සැමදේම විනාශයට යන කාලේ ඔය කැසිනෝ ගෙනල්ලා ඔය ඉවරවෙන වැඩේ අධිවේගයෙන් කරන්න යන එක තමා ප්‍රශ්නේ. රජයක් කියන්නේ මොකක් හරි විනිමයක් ගෙන වැඩ කරන එක නෙමෙයි. රටට අයත් සංස්කෘතියට සහ සදාචාරය අදාළ ක්‍රම උපාය ගන්න එක නේද? (නි)
අපේ අයට ඕක මොකකද්ද. මිනිමරපු අය ලොකු මණ්ඩලවල ඉන්නේ. කළු ලප නොව නිල් රතු ලප දාල වැදලා හෙට පිලිගනීවි.(නදී)
කාට ඕන පැකර්ලද මීට වඩා හොදයි පොල් කඩන ජෙමයියාෙ.(නදී)
පැකර්ගේ නමට කළු පැල්ලම් ගෑවුණාට සල්ලි වල පැල්ලම් නැහැනේ (නි)
බුදු දහමට මුල්තැන දෙනවා නම්, බුදු දහමේ සුදුව වරදක්නම් කොහොමද මේ බෞද්ද රටේ කැසිනෝ වගේ සුදු තියෙන්නේ? පොඩ්ඩක් ඇත්නම් පැනල කඩාගෙන ගිහින් ගෝරනාඩු දෙන කට්ටියටවත් මේක වරදක් හරියට පෙනෙන්නේ නැතිව වගේ! (නදී)
මේ දේවල් වල ආදීනව දකින්නේ තව ටික කලකින්. (ස)
මම නම් කැමතියි නීති ගත කරන කැසිනෝ ලංකාවේ තිබෙනවාට . වැදගත් විදියට ගිහින් තමන්ට කැමති සුදු වක් කරලා විනෝද වෙන්න හොඳම තැන. සුදුවේදී දිනුම පැරදුම දෙකම බලාපොරොත්තු වන්නට ඕනේ. මට ලෙබෙන සෑම අවස්ථාවකම මම යනවා කැසිනෝ හල් වලට.(නදී)
හරි ෂොක්. ප්‍රසිද්ධියේ ගහ ගන්න පුළුවන් කියන්නේ අපේ විදියට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කෙනෙක්. එන්න අපේ ලංකාවට, අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. අපිට දැන් අඩු ප්‍රසිද්ධිය තමයි. (ස)
කිසිම ප්‍රස්නයක් නැහැ මහත්වරුනි මෙයා හොඳයි මොකද මෙයා හොඳ උස සුදු ලස්සන මහත්තයෙක් . ඉංග්‍රීසිත් වතුර වගේ. (දී)
ලැජ්ජාවක් නැති මිනිස්සු ලංකාවට ගෙන්න ගන්නෙ මොකටද? (ස)
අපේ මිනිස්සු ජේම්ස් පැකර් ව මෙහාට මල් මාල දාල ගෙන්වා ගන්න තීරණය කලේ මිනිහ හොඳ මිනිහෙක් නොවන බව දන්නා හින්ද. (ස)
ගහගත්තත් උන් සුද්දෝනේ ඉතින් . දැන් මේ රටේ අයට තියෙන ලොකුම දැවෙන ප්‍රශ්නය පැකර් ගහගත්ත එක.(නදී)
හැමදාම හැමතැනම ඇහෙන්නේ පැකර්, පැකර් දැන් මේක අහලම එපාවෙලා (දී)