පොලිස් බුද්ධි අංශයේ යැයි පවසමින් වැඩිහිටි දෙමළ ජාතිකයන්ගේ බෑග් පිරික්සා මිල මුදල් හා රන් බඩු පැහැර ගන්නා බව කියන පුද්ගලයකු බම්බලපිටියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු කැසිනෝ සූදුවට ඇබ්බැහි වූවෙකියි ලැබී ඇති තොරතුරු සත්‍යදැයි සොයන බව පොලිසිය පවසයි.
මෙවැනි පැමිණිලි 12ක් පමණ කොළඹ පොලිසිවලට ද, පිට පළාත්වලට තවත් පැමිණිලි 10ක් පමණ ද ලැබී ඇතැයි ද, පොලිස් නමින් පෙනී සිටින මෙම පුද්ගලයා පොලිසියේ අයකු නොවන බව ද පොලිසිය කියයි.
වැඩිහිටි දෙමළ ජාතිකයන් කොටි සංවිධානයට හවුල්දැයි පිරික්සීමට තමා පත් කර ඇති බව ඔහු කියා ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩිව දඩුවම් දෙමු.(නදී)