කොළඹ කොල්ලුපිටියේ කැසිනෝ හලකට රුපියල් දෙදාහේ හොර නෝට්ටු තුනක් දමා ක්‍රීඩා කළ ගාල්ලේ ව්‍යාපාරික ඩී ඩබ්ලිව් සමින්ද ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
එකම අංකය සහිත මෙම නෝට්ටු තමාට වෙනත් පුද්ගලයකුගෙන් ලැබුණු බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක් වෙන්නේ අපේ ඇමති කෙනෙක් කැසිනෝ ගොඩාක් හොද දෙයක් කියලා පහුගියදා කියපු කතාව.අපේ රටේ නුගතුන් උගතුන්ව පාලනය කරන්න පත්වෙලා,අසත්පුරුෂයෝ සත්පුරුෂයන්ව පාලනය කරන්න පත්වෙලා,ගණිකාවෝ මුළු කාන්තා පාර්ශයවම පාලනය කරන්න පත්වෙලා.මීට වඩා රටක් විනාශ වෙන්න දෙයක් තියෙනවද?දුප්පත් මිනිසුන්ට ඡන්දෙ කාලේදී කන්න දීලා,සෙල් ෆෝන් දීලා රවටාගෙන මැතිවරණ පවත්වන රටක් මේක. මිනිසුන්ගේ දුප්පත්කම නැති කරන්න,උගතුන් බිහිකරන්න මේ පත්වෙන අය කැමති නැහැ.මේ ක්‍රමය වෙනස් කරන්න කැමති නැහැ මේ අය.අපේ රට ගොඩ ගන්න බැරි අගාධයක් වෙලා ඉවරයි. (නි)
හොර සල්ලි වලින් කළයුතු එකම දේ ඔන්න ඕකයි. ඉබේම කැසිනෝ වැහිලා යාවි.පැකර්ලා පස්ස නොබලා දුවයි (නි)
මෙවැනි හොර සල්ලි ගහන අයට සහය දෙන අයට ඔවුන්ගේ වත්කම් රාජසන්තක කර හිරේ යැවිය යුතුයි. එමෙන්ම මෙවැනි අය තවම චුදිතය පමණි කියමින් බේර ගැනීමට ඉදිරි පත් වෙන අයත් ඉදිරිපත් වීමට පෙර දෙවරක් සිත බැලිය යුතුයි(දිල්)
මෙයා කියන්නේ ලොකු බොරුවක් .. මෙයා හදල තියෙන්නේ මේක අත්හදා බලන්න .. මෙයා මේ හොර සල්ලි ගැන දැනගෙනම තමයි කැසිනෝ වගේ දෙකට මේක යොදවල තියෙන්නේ .. මෙයා හරියටම මේ හොර නෝට්ටු 3 පමණක් ක්‍රීඩාව සඳහා පාවිච්චි කලානම් ඒ ගැන තදින් හොයලා බලන්න වෙනවා .. දකුණේ හින්ද කාගේ කාගේ සම්බන්දකම් වලින් ව්‍යාපාරිකයෙක් උනාද දන්නේ නැනේ ..දැන් දැන් ඉස්සර හිටිය නැති විදියට දකුණෙන් ලොකු ලොකු ව්‍යාපාරිකයෝ හතු පිපෙනවා වගේ බිහිවෙනවා නේ ..(දිල්)
හොර වැඩවලට යන කොට හොර සල්ලි අරන් ගියාට මොකද? (දිල්)