දින කිහිපයකට යුරෝපා සංචාරයක් සදහා පෑමිණි ඇමැති පාඨලි චම්පික රණවක මහතා නෑවත රෝම ගුවන් තොටුපළින් ඩුබායි බලා යෑමට සුදානම් වු මොහොතේ එසෑණ සමග කෙටි දුරකථන සංවාදයකට එක්විය.
ප්‍රශ්නය
යුද්ධය අවසන් වී වසර පහක් ගතවී තිබෙනවා, පස්වන ජයග්‍රාහි යුද සෑමරුමට සහභාගි විමට ඔබ රෝමයටත් පෑමිණියා. යුද්ධය අවසන් කිරිමත් සමගම වර්තමාන රජය කෙරෙහි විශාල ජනතා බලාපොරොත්තුවක් ඇති වුණා. ඒ ජනතා බලාපොරොත්තුව සපල කරන්න ඔබ නියෝජනය කරන රජයට හෑකි වුණාද?
පිළිතුර,
එල් ටි ටි ඊ සංවිධානය කියන්නේ යුද දෙශපාලන හා මතවාද යන කරුණු තුන එක්ක ලොකයේ තිබුණු බලගතුම ත්‍රස්තවාදි සංවිධානය.
යුරෝපයේ නාසිවාදය යුදමය අතින් වගේම දේශපාලන හා මතවාදයෙන් පරාජය කරන්න යුරෝපයට පුලුවන් වුණාට එල් ටි ටි ඊ ත්‍රස්තවාදය යුදමය අතින් පරාජය කළත් දේශපාලන හා මතවාදෙන් පරාජය කරන්න තවම අපිට නොහැකි වෙලා තියෙනවා.
අන්න ඒ මතවාදය තමයි වෙනම රටක් ඉල්ලලා දෑන් කෑ ගහන්නේ. එකට ඇමෙරිකාව එන්ගලන්තය වගේ ප්‍රබල රටවල් ඔවුනට උදව් කරනවා. අපි මොන පහසුකම් දුන්නත් උතුරේ බහුතරය ඉන්නේ වෙන් වී යා යුතුයි කියන මතවාදයේ. අන්න ඒ මතවාද පරාජය කරන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ.
එන්ගලන්ත යටත් විජිතයෙන් පසු අපෙ රටේ මාර්ග පද්ධතිය අද නවිකරණය වෙලා තියෙනවා. ජලය විදුලිය දුරකතන පහසුකම් ගමින් ගමට අරන් ගිහින් තියෙනවා.
දිනෙන් දින ඉහළ යන පරිසර දුෂණයත් එක්ක පිරිසිදු වතුර ටිකක් රටේ ජනතාවට ලබා දෙන්නෙ කොහොමද? ඉහළ යන ජිවන වියදම අඩු කරන්නේ කොහොමද? රටේම කතා බහට ලක්වෙලා තියෙන මහා පරිමාන දුෂණය නෑති කරන්නේ කොහොමද? රාජ්‍ය දුෂණයෙන් තොර රටක් නිමාණය කරන්නේ කොහොමද? මෙන්න මෙවාට අපි දිර්ඝ කාලින සෑලසුම් සකස් කළ යුතුයි. නෑත්නම් රට විනාසය කරා යන එක වළක්වන්න බැහැ.
ප්‍රශ්නය,
හොදයි කෑසිනෝ බදු සහන පනතේදි ඔබ එයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. රජයේ බහුතරය පක්ෂ වෙද්දී ඇයි ඔබ විරුද්ධ වුණේ?
පිළිතුර,
මෙක ජනතා රැල්ල දිහා බලා අපි ගත් තිරණයක් නොවේ. පක්ෂයක් විදියට සාමුහිකව හිතලා ගත්තු තිරණයක්. දැනටමත් අපේ රටේ කැසිනෝ ස්ථාන හතරක් තියෙනවා. මේ එන්න යන්නේ මෙගා කෑසිනෝ සුදු පොළක්. මෙතනදි සුළු අවි හරඹ ,ගණිකා සේවනය අනිවාර්යෙන්ම බිහි වෙනවා. ඒ වගෙම මහා පරිමාණ කළු සල්ලි වෙළද පළක් ඇති වෙනවා.
මහා නායක හාමුදුරුවරුන් ආගමික නායකයින් වගේම රටේ බහුතරය මෙගා කෑසිනෝවට විරුද්ධ වෙද්දි පාර්ලිමේන්තු අනුමැතියක් ගන්න තරම් කැසිනෝ ව්‍යාපාරය බලවත් වුණා.
ඔවුන්ගේ මුදල් වලට හෑම දේම යටයි. ඕක අපේ රටට ගෙනාවොත් පාර්ලිමේන්තුවක් වෑඩක් නෑති වෙනවා. මොකද රටේ තිරණ ගන්න තැන බවට කැසිනෝ හල පත් වෙනවා. සුදුවට හොරකමට මත්කුඩු ජාවාරමට අපි විරුද්ධ නිසා දිගටම අපේ සටන අපි ගෙනියනවා.
ප්‍රශ්නය,
විදෙශ වල සිට පවත්වාගෙන යන සිංහල මාධ්‍ය කිහිපයක සටහන් කර තිබුණේ ඉදිරියේදි ඔබ ඈතුලු තවත් ඈමති වරයකුට විරුද්ධව ක්‍රියා කිරිමට රජයේ ඈතෑම් පිරිස් සුදානම් බවයි. මෙවෑනි තිරණවලට යෑමෙදි ඈමැති කම අහිමි වෙන්නත් පුළුවන්. එවැනි දෙයක් සිදු වුණොත් ඔබට බලය අහිමි වෙනවා නේද?
පිළිතුර,
අපි ඇමැති කම් බබලවපු අය. අපිට දෙන්නේ මොකක්ද දුන්නේ මොකක්ද අපි ඒ හෑම තෑනදීම වෑඩ කරලා පෙන්නුවා. බලය දිහා බලාගෙන නෙමෙයි අපි තිරණ ගන්නේ ප්‍රතිපත්ති මත සිටයි. මගේ ඇමැති කම නැති කරන්න පුළුවන් එකම පුද්ගලයා ජනාධිපති තුමා විතරයි. එතුමාට ඒක කරන්න අවශ්‍ය නම් ඒක කරයි. ඇමැති කම් නැති වුණා කියලා අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ
( විශේෂ ස්තුතිය දඹදෙනියේ ධම්මාරාම හිමියන්ට)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මේවගේ ප්‍රශ්ණ ඇති වුණේ බංඩාරලාවගේ මිනිස්සු අපේ ජතියේ ඟිග නිසා. (අ)
අපිට හැම දාම වැරදුනේ දේශපාලකයෝ කියන දේ මත තීරණ ගැනීම නිසා. අල්විස් අපි හිතන්න ඕනේ මේ අය පෞද්ගලිකව කරන්නේ මොකක්ද කියල මිසක් කතාව නෙමියි. ක්‍රියාවයි වැදගත්. (ස)
තාරක,ඔය විදිහට කොන්ද කෙළින් තියාගෙන කතා කරන එකම වැදගත්කමක් නොවේද? (නි)
තාරක. දේශපාලකයින් කතා නො කර කිසිවක් කොරන්නේ නැහැ. අපි යමක් දැනගන්නේ ඔවුන්ගේ කතාවෙනුයි. අනික චම්පික රණවක ගරු ඇමතිතුමා කතාවෙන් කියූ දේවල් කෙරුවාවෙන්ද පෙන්වා දී ඇති බව ඔබතුමා නො දන්නවාට දන්නා අය දන්නවා. ලංකා දේශපාලන කරලියේ කිලිටි නොවූ භූමිකාවක් රගන මෙතුමා බව දැනගන්ට වැඩි කාලයක් ගත නො වනු ඇත. (ස)
කෑසිනෝ වලට මම විරුද්ධයි.නමුත් කළු සල්ලි නිසිමඟට ගන්න මේ වගේ දේවල් වැදගත්. මේ වගේ දෙයක් තිබීම හොඳයි කියලා හිතෙනවා. (නි)
තාරක, ඔබ හරි. දෙමළ මතවාදය බොරුවක් බව ලෝකයේ උගතුන් හොඳින් දන්නවා.නමුත් සියල්ල පෙනෙන්නේ දැන්ද? (නි)
දැනට තියන කැසිනෝ සදහාත් කතා කරන්න. සියල්ලම නැති කරන්න.(නදී)
හැමතැනම අශ්ව රේස්. මේවා කැසිනෝ වලට වඩා භයානකයි. ඇයි කිසිවකු කතා නොකරන්නේ? (නි)
නරකද තම පිරිස සමඟම ඉවත් වෙලා සටන් කළොත්? (නි)
ගරු ඇමතිතුමා ඔයා ඉදිරිපත් කරන ප්‍රශ්න ජනාධිපති තුමා එක්ක විසඳන් ගන්න පුළුවන් ඒවා , නමුත් මෙතන වෙන ලොකු බලතන්නාවක් තියෙන බවක් පෙන්නවා (ස)
පසුගිය දින කිහිපයේ දී නොයෙකුත් ආකාරයේ මඩ සහ මල් අතර දෝලනය වූ පාඨක අදහස් වලට තිත තබා සුගම කතාබහකට යෙදෙන්නට හොඳ පසුබිමක්, මා ප්‍රිය ලංකාදීපය විසින් ඇතිකළා. මෙම සටහනේ සිටින පාටලී චම්පික රණවක ගරු ඇමතිතුමා සම්බන්ධයෙන් මා අදහස් ගොනු කළේ එතුමාගේ අවංක සහ ඍජු ප්‍රතිපත්ති නිසාය. (ස)
සියලුම ලාංකික බොදු දරුවනේ මේ අහපල්ලා . නුඹලාගේ දරුවන්ගේ ලෝකය රැකපල්ලා. වැලේ ගෙඩි වැලට බර නැති බව හිතපල්ලා. දහයක් පහළොවක් දරුවන් හදපල්ලා. පිට රට යන ගමන නවතාපල්ලා නිල්වන් රටේ අටු කොටු වවලා කාපල්ලා . පිටරට උන්ගේ ඉදුලෙන් මුදවාපල්ලා ජාතිය මළගමෙන් ගලවාපල්ලා දෙසපාළුවන් ඇස් ගෙඩි අරපල්ලා රටට වින කරන එක නවතාපල්ලා නැතිනම් මැරුනු වලටත් හෙන ගහපල්ලා (නදී)
දැන් චන්දයක් ළඟ එනවා ඇති , එකයි මේ සද්දය , පෙරහැර එනකොට ඉස්සෙලම එන්නේ කස කාරයෝ සහ ගිනිබෝල නේ. (ස)
ඔබතුමාවත් ඇත්ත පෙන්වා දෙන්න ඉදිරිපත් වෙන්න (නි)
සියලුම ලංකික බොදු මිනිසුනේ හිත පල්ලා පළවැනි අම්මා ලක් අම්මව බව දැනගල්ලා මෑ රකින්න බලමුළු දැන් බැදපල්ලා ඉතිහාසයෙන් තොරතුරු උකහගල්ලා පර සතුරන් මේ පොළවෙන් එලවාපල්ලා . නුබලගේ දරුවන්ගේ ලෝකය දැන් රැකපල්ලා. රට රකින්න අඩු වයසෙන් බැදපල්ලා. වැලේ ගෙඩි වැලට බර නැති බව හිතපල්ලා. දහයක් පහළොවක් දරුවන් හදපල්ලා ගැහැනුන් පිටරටට යන ගමන නවතාපල්ලා නිල්වන් රටේ ඇට කොටු වවලා කාපල්ලා පිටරට උන්ගේ ඉදුලෙන් මුදවාපල්ලා. ජාතිය මළගමෙන් දැන් ගලවාපල්ලා . දෙසපාළුවන්ගේ ඇස් ගෙඩි ඇරපල්ලා රටට වින කරන එක නවතාපල්ලා නැතිනම් මැරුනු වලටත් හෙන ගහපල්ලා.(නදී)