(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ගැලනිගමින් අණ නොතකා ධාවනය වූ ලොරියක් කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කොතලාවල පිවිසුමෙන් පිටවීමේ දී පොලිස් කොස්තාපල්වරයකුට පහර දී පලා යාමට උත්සාහ කළ ලොරියේ රියදුරු අද (17) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි අලව්ව ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකි.
සැකකාර මන්තී‍්‍රවරයාගෙන් පහර කෑ කොස්තාපල් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් කොස්තාපල්වරයා පහර දුන් බව පවසමින් මන්තී‍්‍රවරයා ද මේ වන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම රෝහලේ ම ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ලොරියේ පිටුපස විදුලි ලාම්පු නිසි අයුරින් කි‍්‍රයාත්මක නොකිරීම ද යන කරුණු දුටු ගැලනිගම පිවිසුමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා එම ලොරියට නැවැත්වීමට සංඥා කිරීමේ දී එය අණ නොතකා කොළඹ දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරයෙක් නේද? ඔලුවටම තියලා දාන්නයි තිබුනේ. මේ අයට ඡන්දය දුන්න අයට අමු කැවිලද? අන්තිමට අර නීතිය ක්‍රියාවට නංවන්න ගිය නිලදාරියා වැරදියි කියලා හාල් පාරු නිගමනයක් දීලා සමාව ගන්න කියලා කියන රටනේ මේක...
මේ ප‍්‍රාදේශීය සභාවලට තෝරා ගෙන ඉන්නේ අයි.අාර්.සී. කාරයන්වද? ප‍්‍රාදේශීය සභා මුළුමනින්ම අහෝසි කරලා දානවා නම් රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න මීට වඩා ලේසියි.
එයාගේ පක්ෂේ මොකද්ද කියන්නකෝ? එයා යූ.එන්.පී. ද ෆොට්ටුවේ කෙනෙක්ද? මම හිතන්නේ පොහොට්ටු කෙනෙක් කියලයි. යූ.එන්.පී. කෙනෙක් නම් කෙලින්ම දානවා එක.
පොල් ලෙල්ලක්ද?