අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කළ නොතීසි අනුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මන්තී‍්‍රවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නීතිඥ එම්.ඒ. සුමන්තිරන් හා ජේ.සී.වැලිඅමුණ මහත්වරු පෙනී සිටියහ.
එක්සත් ජාතික පක්‍ෂ තේරීම් කාරක සභා සාමාජිකයන් අධිකරණය හමුවේ පෙනී නොසිටියත් පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන රුවන් විජයවර්ධන, අජිත් පී. පෙරේරා, ආචාර්ය හර්ෂද සිල්වා,ඉරාන් වික‍්‍රමරත්න,කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි සිටියහ.
අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා, නීතිඥ සාලිය පිරිස්, නීතිඥ කන්දයියා නීලකන්දන් යන මහත්වරු තීන්දුව අවසානයේ ඉන් පිටතට ජයග‍්‍රාහී ලීලාවෙන් පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා සිය අතෙහි ඇඟිල්ලකින් මුව වසාගෙන මාධ්‍යයට පෙන්නුම් කළේ තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ අද දින දුන් තීන්දුව සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොකළ හැකි බවය.
ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, සිරිමසිරි හපුරආරච්චි යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම අවස්ථාව වාර්තා කිරීමට මෙරට මෙන්ම විදෙස් ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැුසක්ම පැමිණියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ප්‍රශ්නයක් නැහැ
ප්‍රමාද වී හෝ තේරුම්ගත් එක කොච්චර හොදද? (නි)
දෑත් ශක්තිමත් කරපු කවුරුවත් ඇවිල්ලා නැද්ද? (නි)
කතාකරන්න දෙයක් තිබෙන ආත්ම ගෞරවයක් ඇති මිනිස්සු ටික එළියට ඇවිත් පුළුල් සංවිධානයකට එකතු වෙනවා නම් ජනතාව ඔබත් එක්ක ඉඳීවි. (නි)
පිස්සු නැත්නම් හොඳයි (ස)
මොනවද මන්දා අපේ අයගේ අදහස්? රට පැටලිලා තියෙන වෙලාවක ඒකෙන් විනේදයක් ගන්න හදන්න එපා. (නි)
මෙතන විජාතික කුමන්ත්‍රණයක් ඇති බවයි පෙනෙන්නේ. (නි)
මේ සියල්ල සිදුවන ආකරය දුටුවිට අවසානයේ අපට නිදහස භුක්ති විදීමට ලැබෙනු ඇත. (නි)
සමහර අයගේ හිනාව දැක්කහම මට ඇතිවෙන හැගීම විස්තර කරන්න අමාරුයි. (නි)
මොනවද මේ එක්සත් ජාතික පක්ශයට අද වෙලා තියෙන්නෙ?(නු)
ජය වේවා...!(නු)
අපිට පිස්සු වගෙයි මේවා දකිද්දී. (නි)
අනේ මන්දා
කොන්ද පණ ඇති කීපදෙනෙක් හෝ සිටීම අපේ සතුටට කරුණකි. (නි)
ඒ නිසා මමත් මොකුත් නොකියමි (දී)
මගේ රට බේරා ගැනීමට තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වූ යූඑන්පී යේ සියලු දෙනාටම මගෙන් මල් මිටක්! (නි)
කිවුවත් වැඩක් වෙන එකක් නැහැ. (නි)
අනේ මන්දා
මේ අය බලයේ ඉදිද්දී මේ දෙය සිද්ධ වුණා නම් එයාලා කරන්නෙත් අරගොල්ලෝ කරපුදේම තමයි. නමුත් මෙතනදි මේ අය කරන්නෙ වෙනත්ම දෙයක්. (නි)
විභාග වෙන නඩුවක්නේ (දී)
කියන්න එපා (දී)
වික්ටරි කියලා හගවන්න තමයි "වී" අකුරේ විදියට ඇගිලි පෙන්වන්නේ. (නි)
කවදා හරි කියාවිනේ (දී)
අපි බලන් ඉම්මු එච්චරයි
මොකක්ද මේ යූ ඇන්පී එකේ ප්‍රතිපත්තිය (නු)
කමක් නැහැ තව ටික දවසනේ (දී)
හරි ලස්සන ටිකිරි සිනා... (නි)
මොකද වෙන්නේ කියලා බලමු (ස)
ශ්රී ලාංකික දිරිය දියණියගේ ශක්තියට අපගේ ප්‍රණාමය! (නි)
කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකියැයි හඟවන්නෙහි යටි අදහස මෙය ඔහු නොසිතු තීන්දුවක් කියන එකද? (නි)
ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මැතිණියට ජයවේවා , ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවා (ස)
නඩු තින්දුවක්නේ කමක් නැහැ (දී)
ඇත්ත...ඇත්ත... ඔබතුමාලගේ මම පිලිගන්නවා (දී)
සමහරවිට අර කෘත්‍යාධිකාරී මණ්ඩලය යම්කිසි දෙයක් කියයි. (නි)
ඔය ඇගිලිදෙක ඉහළට ඔසවා පෙන්වීම බටහිරින් ආපු දෙයක්. (නි)
යූ.එන්.පී. යේ ප්‍රතිපත්තිය ජනතාවට සේවය කිරීම මිස බලය රැකගැනීම නොවෙයි. ජය වේවා! (නි)
යුක්තිය සාධාරණය ඉටු උනා..!(නු)
ජේ.වී.පී. සහ ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ට අපේ ආචාරය! (නි)
ජය වේවා..!(නු)
අනේ කාලේ වනේ වාසේ... (නි)
අපි දැන් කුමක් කරමුද
දක්ෂයෝන් ඉන්නා අධිකරණයේ තීන්දුව මුළු ලක් වාසි ජනතාවම පිළිගත යුතු බව මගේ මතයයි. (නි)
රන් ටිකිරි සිනා... මුව මුව පාලා... (නි)
ඔව් ඔව්... ඒ අයට පෙරදිග, අපරදිග, බටහිර කොහෙන් ආපු දෙයක් වුණත් කමක් නැහැ. (නි)
ජය අපිටයි! (නි)
අධිකරණ තීන්දුවක් දෙන්න තියෙන එකක් නිසා වෙන්න ඇති (දී)
එතකොට ඔය අන්ධයි කියන නීතියේ පිහිට පතන සාමාන්‍ය ජනතාව අර්ථකථනය කරන්නේ කවුරුන් ලෙසද? (නි)
රට අරාජික නොකරන්නට සැවොම සිතට ගත යුතුයි. (නි)
කටික් නොකිවුවට හිතේ ඇති. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (දී)
ඉස්සර කිව්වේ සමාජයේ අපි ඔක්කොම එකයි කියලා ඒත් දැන් අපි අපිම උනත් එකිනෙකට වෙනස් (ස)
නියමයි ජය වේවා (ස)
තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවුණු බෝසතුනේ තව දෙදහස් පන්සීයක් සිටිය නොහැක ඉතිනේ... (නි)