ඉන්ටපෝල් පොලිසිය ඉතාලියේදී අත්අඩංගුවට ගත් ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ඉතාලි රජය සමග සාකච්ඡා අරඹා ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමග ඉතාලියේ ශ්‍රී ලංකා පාතාලය සලිතවී සිටී. පාතාලයට අනුබල දෙන බොහෝදෙනකු සිය අප්‍රසාදය පළ කරයි.
එසැණ දිගින් දිගටම මේ ගැන ප්‍රවෘත්ති පළ කිරීම ගැන විදේශ අමාත්‍යංශයත් ඉතාලියේ රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සතුට පළකරයි. ඉතාලි එසැණ මාධ්‍යවේදීන් හට සියලු ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජය ඉතාලි රජය සමග සකච්ඡා කරන බව අමුණුගම මහතා පවසයි.
අලිතාලියා ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් ආකාරයටම නදුන්ව ද ගෙන්වා ගැනීමට හැකිවෙතියි තානාපති ආරංචි කියයි.
ඔහු මිනී මරුම් ඇතුළු අපරාද රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට තුති. නදුන් ව බේර ගන්න ක්‍රිස්ටි කියන ඔහොගෙ යාලුව හැම උත්සහයක්ම ගන්නවලු මේදිනවල.කොහොම හරි මොහුව ලංකාවට ගෙන්ව ගන්න.නීතිය ඉදිරියට පමුණු වන්න (අ)
කොස්ගොඩ නදුන්ව දෙල්ගොඩ නදුන් කරන්නම් එපා. මිනිහව අර ගෙනියද්දිඑ පැනල ගිය ගණයට සලකල වැඩ ඉවර කරන්න. (අ)
එයාට දැන් මුකුත් මතක නැතුව ඇති. ජයවේවා ! (නි)
මේ මිනිහව මෙහි සිර ගෙදරක ඉන්න දීල පසුව පිටුවහල් කරන්න ඉඩ දෙන්න . ලංකාවේ දේශපාලන කරුවන් පාතාලයට මෙවෙනි අයට උදව කරනවා . මොහු ආපසු ලංකාවේ චන්ඩි කම කරවී දේශපාලුවන්ගේ රැකවරණ පිට (අ)
සේපාල ඒකනායක කියන්නනේ තමන්ගේ පිය සෙනෙහස නිසා බැටරි කෑලි දෙකකින් රටක් බයකළ කෙනෙක් මටනම් ඔහු සබැ පියෙක් , ඔහුගේ බිරිද පුතාව හදා ගත්තේ . නැවත විවාහයක් පවා නොකර, ද ඉතාලිය ඔහුට සමාව දුන්නත් , ජේ. ආර් කල පවු කාර වැඩේ නිසා පුතාට පිය සෙනෙහස අහිමි උනා.(නදී)
සේපාල ආටිගල ඒ වගේ ජරා වැඩක් කරේ නැහැ. මේ මොන කලකන්නියක්ද?සේපාල වැරදි වැඩක් කරා උනත් රටට නමක් ගෙනාව පුද්ගලයක්. (අ)
අපි කොස්ගොඩ නදුන්ගේ පවුලේ අයයි. අපිට ආරංචි උනා නදුන්ව ඉතාලියේ ඉන්ටෙර්පොල් එකෙන් අත් අඩංගුවට ගත්තා කියල. නමුත් අපි දන්නේ නැහැ නදුන්ව ගත්තේ ලංකාවේ කරපු වැරදි වලටද නැතිනම් ඉතාලියේදී මොනයම් හෝ වරදක් කලාටද කියලා. අපි වගේම නදුනුත් මිනිසෙකි. ඔහුටත් මානව හිමිකම් තිබේ. නමුත් අපිට දැන් නදුන් ගැන කිසිම ආරංචියක් නැහැ. කරුණාකර ඔබ ලංකාදීපේ එසැණ මාධ්‍යවේදී වශයෙන් නදුන් ගැන හොයා බලා ලිපියක් ඉක්මනින්ම පලකරන්න. අපි ඇත්තටම දන්නේ නැහැ නදුන් ලංකාවට එව්වද නැත්නම් ඉතාලියේ සිරගෙදරක දමාවිද කියලා. නදුන්ට මොනතරම චෝදනා තිබුනත් ඔහුත් මනුෂ්‍යෙයක්. ඔහුටත් මානව හිමිකම් තියෙනවා. එම නිසා අපිට උදව් කරන්න. නදුන් ගැහැනියකට ස්වාමියෙක් වන අතරම දරුවන්ට තාත්ත කෙනෙක්ද වේ. එමනිසා ඔහු ගැන සත්‍ය තොරතුරු ඉක්මනට සොයා පුවතක් පලකරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමි.(නදී)
සේපාල ඒකනායක යමක් කලේ උදාර චේතනාවකින්. ඒ ඔහුගේ ආදරණීය ඉතාලි බිරිඳ සමග ජීවත්වීමටයි.මේ වගේ මැරයෙක් ඔහු හා සමාන කල නොහැක.කොහොම නමුත් මේ වගේ අය සම්බන්දයෙන් නිසි පියවර ගනීද? එසේ වුනේ නැතිනම් ලංකාවට එවීමෙන් පලක් නැත.මාධ්‍ය මගින් ඉටු කරන මෙහෙවරට තුති පුදමි.මැරකම් කරන අඥාන සරත් කුමාර වැන්නවුන්ට ජනතා අප්‍රසාදයෙන් ගැලවීමක් නැත්තේ ලංකාදීප වැනි පුවත් නිසා (මගේ නම ඇති කිහිප දෙනෙකු මෙහි අදහස් පල කරන නිසා මෙසේ ලියුවෙමි) (අ)
මී අයව ලංකාවට ගෙනල්ල අප දෙන්ඩ නම් එපා. මුන්ට වෙනම නඩු දණ්ඩ ඕන රටේ නම කැත කරනවට. මෙය කොහොමද ඉතාලි විසා ගතේ, අන්තිමට කගේ රැකවරනයේද ලැබුනේ. එහෙම නැත්නම් මහා ඇමති කමට දාමු. (අ)
මීට පස්සේ ලංකාවේ තක්කඩි වැඩ වාර්තා කරනකොට මුල් අකුරුවලින් කියවෙන නමත් එක්කම දැම්ම නම් හොදයී. එය ජාතික මෙහෙවරක්. පේනවනේ නදුනයගේ මුල් අකුරු ටික. (අ)
මේක කාගෙහරි උප්පරවෙට්ටියක් වෙන්න ඇති (අ)
බය වෙන්න එපා ඇමති පදවියක් දෙන්න විතරයි (අ)
ලංකාවට අපු ගමන් වෙඩි තියල දන්නා (අ)
ලංකාවට ගියොත් මෙයාව සතියෙන් එලියට ගන්නවා ...කට්ටිය ඇප දීලා (අ)
අම්මප පෙරේරා ,මුගේ ඇට කුඩු කරන්න ඉස්සරවෙලා මුට නම දාපු එකගෙයි ඇට කුඩු කරන්න ඕන ,(අ)
ලංකාවට ගෙනාවම අපේ ඇමති කෙනෙක්ගේ බොඩි ගාර්ඩ් වේවිද දන්නේ නැහැ. (නි)
සේපාල ඒකනායක ලංකාවට ගෙන්න ගත්තේ නෑ. ඉතාලිය ඔහුට මුදල් දුන්න. ඔහු සිංගපූරුවට ගියා. එවකට එහි හිටපු තානාපති තමයි ඔහුව අත්අඩංගුවට ගන්නෙ නෑ කියල බොරු පොරොන්දු දීලා ලංකාවට පිටත් කලේ. ඉන් පසුවයි එවක රජය නීති අලුතින් සාදා ඔහුට දඩුවම් කලේ(අ)
කොස්ගොඩ,පොලොස්ගොඩ,දෙල්ගොඩ, පාතාලයෝ රටකට පැන්නා නම් නොකර සද්ද , ගානක් හොයාගෙන ඇවිත් සාධාරණව ජීවත් වෙන්න මොලයක් නැද්ද ? හැබෑට ? රටේ අනික් අයගෙත් නම්බුව කාල,ශිල්ප දක්වන්න ගියාට හොඳ වැඩේ !(අ)
නිදොස් කොට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට (අ)
මම හිතන්නේ තව හදිසි වැඩ ඇති එයාට. පවු අනේ ඔහේ ආවදෙන් (නි)
වැදගම්මක් ඇති පවුලක කෙනෙක් සමාජ ද්‍රෝහියෙක් වුනේ කොහොමද? (නි)
මෙවැනි මිනීමරුවන්ට දැන් සමහරු ගිහින් ගුවන් තොටේදී මල්මාලා දාල පිළිගන්න හැටි බලන්න බැරියෑ.මේක ලංකාවනේ. (නි)
නදුන්ව ලංකාවට ගේනවා නම්,ඊට පහුවදාම ප්‍රසිද්ධියේ අම්බලන්ගොඩ බස් ස්ටෑන්ඩ් එකට ගෙනවිත් දඩුවම් දියයුතුයි. එයාගේ අනෙක් ගෝල බාලයන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්කම ඒ දේ කළ යුතුයි. (නි)
සේපාල කියන්නේ තම මානව අයිතිවාසිකම වෙනුවෙන් සටන්කරපු මනුස්සයෙක් ,මේ මොකෙක්ද ?මෙයාවත් හංගපු ආවුද ගෝඩ්ම හංගල දාන්න තියෙන්නේ.පවු කාරයෝ. (අ)
සේපාල වගේ කෙනෙක් මේ වගේ පතලයන්ගේ ගොඩට දන්නා අප...සේපල්ගේ තිබුනේ භාර්යව සහ දරුවා ගෙන ආදරය හා අනුකම්පාව (අ)
සේපාල ඒකනායක සහ මේ පාතාලය අතර ලොකු වෙනසක් තියෙනවා , ඔහු වීරයෙක් , ඔහු සටන්කලේ අයුක්තියට එරෙහිවඊ,එදා ඒ කල නපුන්සක වැඩේ ලංකික ජනතාවට තවමත් කැළලක්,ජේ . ආර කළා වගේ නපුන්සක වැඩ නැවත කිසිදාක නොකළ යුතුයි. දේශපාලකයෝ ජනතාවගේ නම්බුව ආරක්ෂා කල යුතුයි (අ)
ගෙන්වපුගමන් රහස් ඔක්කොම වමාරවලා හංගපු අවි ආයුද තියෙන තැනට එක්කන් ගියානං අන්න වැඩේ. (ස)
ලංකාවට ගෙන එන්න එපා. (ස)
කරුණාකර ඉතාලියේ ඉන්න අනිත් පාතාලයන්ගේ විස්තර මෙහි පල කරන්න. (නි)
ලංකාවට අපු ගම්මන් ම ් දේශපාලන පක්ෂයට බැදීල රටටට වැඩක් කරවී අනිත් අය වගේ (අ)
මුට දඩුවම් දෙන්න මෙහෙ බැහැ. ඉතාලිදීම මකබා කරලා දැම්මනම් ඉවරයි (අ)
ලංකාවට ගෙන්නාගන්නේ ලඟදී එන පලාත්සභා මැතිවරනයක මහ ඇමති ධූරයකට යෝජනා කරන්නද? (අ)
මේක.... පොලිස් මහත්තුරු මරපු ජඩයෙක් මුව ලංකාවට ගෙනල්ල මිරිස් ගෝනි සත්කාරේ දෙන්න ඕන (අ)
සේපාලයි, මේ යාවයි එක ගොඩකට දමන්න එපා. (අ)
ඉතාලියේ හිටියොත් මෙයාට හරි දඬුවම් ලැබෙයි, මෙහෙට ගෙනාවොත් ඇප ලැබිලා දේශපාලුවෙකුගේ ලඟ කුලී මැර වැඩට කරයි. (අ)
අනේ මන්ද දෙසපලකයෙක්ගේ ප්‍රධාන ආරක්ෂකයෙක් වේවිද එහෙම නැත්නම් ඡන්දෙ ඉල්ලාවිද එහෙමත්ම නැත්නම් මුළු රටටම සාම විනිසුරු කෙනෙක් වේවිද කියල. (අ)
පුරප්පාඩු තියෙනවා දන්නේ නෑ නේද තව ඉතුරු වෙච්ච . (අ)
ලංකාවේ තියෙන්නේ කොච්චර හොද පොලිසිද .මේ වගේ අපරාද කාරයෝ අරගෙන යන්නේ මාංචු නොදා .ආයුද පෙන්වන්න ඒට පස්සේ මොනවද වෙන්නේ කියල දන්නවනේ හේම තමයි කරන්න ඕනේ (අ)
ලංකාවට ගෙනවානම් එම්බාම් කරලම ගෙන්න එතකොට කටු ගෙඉ හරි තියන්න බැරියෑ (අ)
ලංකාවට ගෙන්නලා තේරුමක් නෑ. මෙයාට විරුද්ධව ලංකාවේ සාක්ෂි දෙන්න කව්රුවත් එන් නෑ. ඉතාලි යැව්වේ කවුද කියල දන්නවා , එස් ටී එෆ් එකෙන් පාතාලේ වුණ්ව බෝම්බ පෙන්නන්න එක්ක ගියපු කාලේ. දැන් එහෙම ප්‍රශ්නෙකුත් පාතාලේ අයට නැති නිසා මෙයාට මාස 6න් ඇප ලැබෙනවා සාක්ෂි දෙන්න කව්රුත් නැති නිසා. අර පුස් වෙඩි වැදිලා ඔක්කොම අමතක වෙච්ච මන්ත්‍රීටත් මෙයාව දැක්කම පරණ දේවල් ගොඩක් මතක් වෙයි. මෙයාගේ රහස් වමාරන්න පොලීසියට පණ නෑ. මොකද රහස් වලින් එලි වෙන්නේ පොලිසියේ ඉහලම පුටු වල ඉන්න අයගෙයි රටේ ප්‍රබල ඇමති වරුන්ගෙයි කෙරුවාවලුත් එක්ක නිසා. බළපිටියේ පැත්තේ හොඳ මිනීමැරුම් ටිකක් බලාගන්න පුළුවන් තව මාස 6 කින් විතර. එච්චරයි. (අ)
ලංකාවට ගේන්න එපා, එහෙම නඩු දාලා එහෙම හිරේට දාන්න කියන්න, දඩුවම් නැතත් කමක් නැහැ, මිනිහට එහෙම ඉන්න කියන්න. මෙහේ ඇවිල්ලා කාට එකතුවෙයිද, මොනවා වෙයිද කවුද දන්නේ? (ස)
නදුන් විතරක් නොවේ වෙන වැරදි කරපු සැහෙන වැරදි කරුවෝ ඉතාලියේ සිට ලංකාවට එවනවා අඩුම ගන්නේ තුන් දෙනෙක් වත් මාසයකට සැරයක්. මේ බව ඉතාලියේ සිටින සැම දෙනාම දැන ගත යුතු වැදගත් කරුණක් අවශය ලංකා ආණ්ඩුවේ සහයෝගය පමණයි. ඉතාලිය අපරාද කරුවන්ගේ රජදහනක් නොවන බව ලකවැසි සියලු දෙනාම දැන ගන්න.(ස)
ගෙන්වාගෙන නිදොස්කොට නිදහස්කරගන්නවා. කහවත්තේ ප්‍රධාන සැකකරුත් දැන් නිදහස්.ඉන්පසු චන්දෙට වැඩගන්නවා. සම්බන්දිකරන තනතුරක් ලැබෙනවා.හෙමින් හෙමින් ඔහුට එරෙහිවුන අයව එලොව යනවා.අනේ මගේ රටේ මිනිස්සුනේ ලග එන ඡන්දෙදි මැරයෝ මර ඇමතිලගේ,මන්තිරිලගේ ගෝලයන්ට ඡන්දෙ දෙන්න එපා එපා එපා.එක පක්ෂයක නොවේ හැම පක්ෂයකම මැරයෝ ඉන්නවා.කැමති පක්ෂයකට චන්දෙ දෙන්න.ජඩයෝ මැරයෝ දුශිතයෝ පරද්දන්න. (අ)