පොලිස් විශේෂ කාර්ය බළකාය ඇඹිලිපිටියේ අක්කර දෙකහමාරක කංසා හේන් දෙකක් වටලා කංසා පැල තිස් පන්දාහක් ගිනි තැබීය.
පස් දෙනක් ද සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
බේත් කොටන තුවක්කු දෙකක්,වතුර මොටර් ආදීය ද සොයාගත් බවත් කංසා තොගයේ වටිනාකම ලක්ෂ හතරකට ආසන්න බවත් පොලීසිය කියයි.
විශේෂ කාර්ය බළකායේ වැඩ බලන අණදෙන නිලධාරී ජේ කේ ආර් කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි බුත්තල කදවුරේ පොලිස් පරීක්ෂක යු එස් සදර්ලන්ඩ් හා උප පරීක්ෂක එම් බී බී එස් බණ්ඩාර මහත්වරු මේ මෙහෙයුම්වලට නායකත්වය දුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැඩක් කරල තියෙන්නෙ ඔය විනාශ කරල තියෙන්නේ අපේම සම්පත්. විනාශ නොකර දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට හරි අයුර්වේද දෙපාර්තුමෙන්තුවට හරි දුන්න නම් වෛද්‍ය වරුන්‍ට හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. මේ ගැන තව ටිකක් හිතන්න ඔනේ(අ)
ජාතික අපරාධයක්. රටේ සරුවට වැවෙන ඖෂධ පැලෑටියකින් ප්‍රයෝජන ගන්න දන්නේ නැති කට්ටියක් . (අ)
අරයට යැවුවනම් ඉවරයි.(අ)
ලස්සන පැල තවාන. මෙච්චර එළවලු ගිනිගණන් කාලේ එළවලු ටිකක් වැව්වා නම් කොච්චර හොඳද, මේ වගේ නීතිවිරෝධී වැඩ නොකර. (නි)
අපරාදේ...... ! (නි)
අපරාදේ! (නි)
කංසා වලට ඔච්චර ඉල්ලුමක් තියෙනවා නම් ඕක වැඩිදියුණු කරලා රැකියා අවස්ථාවක් සඳහා මඟපාදා දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නකෝ.අනික කංසා කියන්නෙත් සිංහල බෙහෙතක්නේ. (නි)
අනේ දෙවියනේ! (නි)
අහෝ අපරාධයක තරම! (නි)
මේවා නම් එළිපිටම පිච්චෙනවා. අර අහුවෙන කුඩු තමා ප්‍රශ්නය. (නි)
මේ ප්‍රදේශයෙන් නේද සුපිරි තරුවක් පසුගියදා බිහිවුනේ ? (අ)
මේ ප්‍රදේශයෙන් නේද සුපිරි තරුවක් පසුගියදා බිහිවුනේ ?(අ)
මේවා නිපදවා පිටරට බෙහෙත් විදිහට අරිමු. ලොකු විනිමයක් උපාය ගත හැකි නේද. (අ)
ස්වභාවික ඖෂධ නේද මේ?බොහෝ ලෙඩ වලට ජීව ගුණයෙන් යුතු දෙයක් මෙය. ඇස් අර ලෝකය දෙස බලන්න. (නි)
මහේෂ්, කොයි ෆාමසියෙද තියෙන්නේ, අපිටත් බෙහෙතකට උවමනාවක් වෙලා තියෙනවා. (නදී)
අපි මේ බෙහෙත් ජාතිය පොඩි පැකට් එකකට රියාල් 100ක් ගෙවනවා. අපරාදෙනේ ගිනි තිබ්බේ. (නි)
ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මේක තහනම් නැතිලු. අපිට බැරිද මේක එහෙට යවන්න ක්‍රමයක් හොයාගන්න.(අ)
මොන අපරාධයක්ද මේ.(අ)
කුඩු කිලෝ ගණන් තියෙනකොට මොකටේ කංසා කියල ගිනි තියන්න ඇති.(අ)