පන්විල හාතලේ වතුයායේ පවුල් 20 ට අයත් ලයින් කාමරවල වෙසෙන ජනයා නව ඉඩම් වල නිවාස තනා ගැනීමට මුදල් නොමැතිව අපහසුතාවයට ලක්ව සිටිති.
මෙම ප්‍රදේශය නායයෑමේ අවදානමට ලක්වුයේ 2006 වසරේ සිටය. මෙම ජනයා වාසය කරන ලයින් කාමර ආසන්නයේ පිහිටි කන්දෙන් ගල් පෙරලීමේ අවදානමක් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 2008 වසරේදි දැනුම් දී ඇත.
2011 වසරේදී මහනුවර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මෙම ජනයාට එම ඉඩමෙන්ම ඉඩම් කැබලි ලබා දුන්නද පවුල් කිහිපයක් මිල මුදල් නොමැති කමින් තම ජීවිත අවදානමෙන් එම ස්ථානයේම නැවතී ඇත.
මොවුන්ගේ ජීවිත කොයි මොහොතේ හෝ අවදානමට ලක්වීමට ඉඩ ඇති බැවින් ඔවුනට ලබාදුන් ඉඩම්වල නිවාස තනා ගැනීමට රජයෙන් යම් මුදලක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාස වැඩපිළිවෙල කොළඹ හා තදාසන්න ප්‍රදේසවලට විතරක් සිමා නොකර මේ වගේ දුෂ්කර පළාත්වල ඉන්න මිනිසුන්ටත් සහනයක් ලබාදෙන්න කටයුතු කරන්න. (අ)
මේ ඉස්තාලෙත් අශ්වයා පැන්නට පස්සෙ වහන්න. ආධාර ගන්න පුළුවන්නේ. (හේ)
ප්‍රශ්නයක් වෙන්න කලින් මේ ගැන බලන්න.විසදුමක් දෙන්න.(හේ)
මේවත් "මෝඬ සුද්දෝ හදපු ඒවා" ලු. ගම්මන්පිල මහත්තයාටයි, මහින්ද අමරවීර මහත්තයාටයි ඒකනිසා කරන්න දෙයක් නැතිලු. (බ)
මේවා ගැන පෙර දැනුම්දීමක් කර අවශ්‍ය කටයුතු කිරිමයි යුතුකම වන්නේ. මෙය බලධාරීන්ගේ ඇස ගැටී විසඳුමක් ලැබේවා! ලංකාදීපට ජය ශ්‍රී! (නි)
හැම දේම වුණාට පස්සේ ඒ ගැන බලයි.(හේ)
අපේ අය හැමදාම වැඩ කරන්නේ ඒ දේ වුනාට පස්සේ ඉතින් දැන්වත් ඉක්මනින් ඒ අය ආරකෂා කරගන්න නැත්තම් තවත් කෙදවාචකක් ඉතිහාස ගතවෙයි.(හේ)