බුලත්කොහුපිටියේ සිට පේරාදෙණිය රෝහලේ වැඩට එන උපස්ථායිකාවකට බුලත්කොහුපිටියේදී සිපගෙන අතවර කළැයි සැකපිට කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගනු ලැබීය.
උපස්ථායිකාව තම ත්‍රී රෝද රියට නංවා ගැනීමට ගත් උත්සාහය අසාර්ථකවීමෙන් පසු ඔහු ඇයට අතවර කර ඇතැයි පොලිසිය කියයි.
වැඩබලන පොලිස් අධිකාරී සරත් කුමාර හා සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහත්වරු පරීක්ෂණ පවත්වති.
බීමතින් පොලිස් ජංගම සන්නිවේදන රථයේ රාත්‍රී රාජකාරි කළැයි පෑලියගොඩ පොලිසියේ සැයන්වරයකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න. (නි)
එයා සාදරයෙන් පිළිගත්තා වෙන්න ඇති (නි)
පව් එ්යි කොස්තාපල් මොන ආසාවකින් ඉන්න ඇද්ද කිස් එකක් දෙන්න (ස)
සිපගන්න ඇත්තේ ආදරේට වෙන්න ඇති (අ)
පොලිසියෙන් හැම වෙලේම අහන්න ලැබෙන්නේ පහරදීමක් ගැන නැත්තනම් පගාව ගැනීමක් ගැන. ඉතින් සිප ගත්තා කියන්නේ ද්වේශයෙන් තොරව කරපු දෙයක් නේ කොච්චර හොඳ පොලිස් නිලධාරියෙක් ද ? (නදී)
දඩ කොලයක් දෙන්නැතිව සුළු දඩුවමක් දිල තියෙන්නේ. ට්‍රැපික් සේවයට කාන්තා පොලිස් නිලදාරින් යොදවා දඩ කොල නොමැතිව මෙවැනි දඩුවම් ලබා දෙන්නේනම් හොදයි (බ)
"උපස්ථායිකාව තම ත්‍රීරෝද රියට නංවා ගැනීමට ගත් උත්සාහය අසාර්ථකවීමෙන් පසු ඔහු ඇයට අතවර කර ඇතැයි පොලිසිය කියයි" මෙතනම පොඩි කොස්සක් තියෙනවා නේද? (නි)
සුදු ඉර කපන කට්ටියට දඩ කොලේ ලියන්න කලින් පිළිගන්න පුරුදුවෙන්න ඇති. (නි)
අනේ මම දන්නේ නැහැ අපේ පීසීලට පිස්සුද කියලා!!! (නි)
කොස්තාපල් උන්නැහේට සෑහෙන උණක් තියෙන්න ඇති. (නි)