IMG-LOGO

ක්ෂේත්‍රය තුළ හොඳ සහ නරක පැති දෙකම තියෙනවා

2016-07-01-ent-83

2012 වසරේ පැවති රූපවාහිනි අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහිකාව ලෙස අභිෂේක ලැබූ ඉෂාරා ඈපාආරච්චි වර්තමානයේ බොහෝ පිරිසක් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිරූපිකාවක් ලෙසිනි. දැනට ගීත රූප රචනා කිහිපයකම දකින්නට ලැබෙන ඉෂාරා ඉදිරියේදී රංගන කටයුතුවලටද එක්වීමේ සූදානමකින් සිටියි. මෙවර "සාරවිට" තරු කතාබහ ඇරඹෙන්නේ ඇය සමගයි.

 

නිරූපණ ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වුණේ?

2016-07-01-ent-842012 අවුරුද්දේ. ජාතික රූපවාහිනි නාළිකාව සංවිධානය කළ %රූපවාහිනි අවුරුදු කුමරිය^ තරගය ජයග්‍රහණය කිරීමත් එක්කතමයි නිරූපණය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. නිරූපණය පැත්තට නම් පිවිසෙන්න නම් මගේ ලොකු අදහසක් තිබුණේ නැහැ. නමුත්, කොහොම හරි අහම්බෙන් මට මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න සිද්ධ වුණා.

 

නිරූපිකාවක් විදිහට වැඩ කරන්න හිතුණේ ඇයි?

කවදාහරි හොඳ රැකියාවක් කරන්න ඕනා කයන අදහස මට තිබුණා. ඒ හින්දා මගේ අවධානය වැඩිපුරම යොමු වෙලා තිබුණේ අධ්‍යාපනය පැත්තට. කලින් සඳහන් කළා වගේ නිරූපණය පැත්තට යොමු වෙලා නිරූපිකාවක් විදිහට වැඩ කරන්න මගේ අදහසක් තිබුණේ නැහැ. නමුත්, %අවුරුදු කුමරිය^ වෙලා ඒ පැත්තට යොමුවෙන්න අවස්ථාව ලැබෙද්දි මට හිතුණා ඒ ක්ෂේත්‍රයටත් යොමු වෙලා වැඩ කරන්න ඕනා කියලා. ඔය විදිහට තමයි නිරූපිකාවක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න මාව තෝර ගත්තේ.

 

මේ වන විට ගීත රූප රචනා බොහෝමයක ඔබව දකිනවා?

මම මුලින්ම මියුසික් විඩියෝවකට සම්බන්ධ වුණේ දිමංක වෙල්ලාලගේ "නිදුකින් ඉනු මැන" කියන ගීතයට. ඊට පස්සේ නුවන් ධීරසිංහගේ "කඳුළු දී මට මේතරම්" ගීතයට දායක වුණා. දැනට තවත් අලුත් මියුසික් වීඩියො කිහිපයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබී තියෙනවා. ඉදිරියේදී ඒ අලුත් මියුසික් විඩියෝ හරහාත් මාව දකින්න ලැබෙවි. නිරූපිකාවක් විදිහට මම ගොඩක් කරන්නේ "බ්‍රයිඩ්ල් ෂෝ". එවැනි විලාසිතා දැක්මවල් බොහෝමයකට මම දැනට සහභාගී වෙලා වැඩ කරලා තියෙනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

හැමදේ තුළම හොඳ සහ නරක පැති දෙකම තියෙනවා. මේ ක්ෂේත්‍රය තුළත් එහෙම පැති දෙකක් තියෙනවා. මෙතෙක් ආපු ගමන දිහා බැලුවොත් ඒ දෙකටම මම මුහුණ දීලා තියෙනවා. බුදධිමත්ව ඒ ඒ අවස්ථාවලට මුහුණ දුන්නොත් මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියන මතයේ මා ඉන්නවා.

 

නිරූපිකාවක් වුණාහම බොහෝ දෙනෙකුගේ ඊළඟ ඉලක්කය තමයි රඟපාන එක?

රඟපාන්න නම් මගේ අකමැත්තක් නැහැ. මට ආරාධනාවක් නම් ලැබුණා ජාතික රූපවාහිනිය හරහා මම %අවුරුදු කුමරිය^ වුණ අවුරුද්දේ. ඒ කාලේ මම අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර යොමු වෙලා හිටපු නිසා ඒ අවස්ථාව මගහැරුණා. ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.

 

උදවු කළ පිරිසකුත් ඇති ඔබට?

ඔව් ඉන්නවා ඒ අය අතරින් මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ අම්මාව. ඇයගේ කැමැත්ත මත තමයි මම මේ ක්ෂේත්‍රයට යොමු වුණේ. අම්මාගේ එකම බලාපොරොත්තුව තමයි මම මේ ක්ෂේත්‍රය තුළ ඉහළ තැනකට එන එක. මගේ අම්මා වගේ කෙනෙක් ලබන්න මම ගොඩක් වාසනාවන්ත වුණ එක ගැන ලොකු සතුටක් තියෙනවා මට. ඊට අමතරව මගේ පවුලේ අනික් සියලුදෙනාවත් වචනයකින් හරි උදවු කළ හැමදෙනාවත් මේ වෙලාවේදී මතක් කරනවා මම.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඉෂාරාගේ ෆේස්බුක් ගිණුමෙනි

 

2016-07-01-ent-81
2016-07-01-ent-82



අදහස් (0)

ක්ෂේත්‍රය තුළ හොඳ සහ නරක පැති දෙකම තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 490 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site