විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා පසුගිය සඳුදා (9) උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇතැයි කියති.
කොමිසමේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න හා සාමාජිකයින් වන අභය ගුණරත්න, සුබ්‍රමනියම් මොහාන්දාස්ථ මල්කාන්ති චන්ද්‍රසේකර, නලින් ද සිල්වා, සුදන්ත ලියනගේ යන මහාචාර්යවරු ඉල්ලා අස්වී ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සාමාජිකයන් මේවනතුරු පත් කැර නැති බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ද උඩ රට පැත්තේ විශ්ව විද්‍යාලයක අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ බහුතරයක් එවකට සිටි කට හොඳ නැති කමට ප්‍රසිද්ධ බලවතෙකුගේ දේශපාලන ලැයිස්තුවෙන් බඳවා ගත් කට්ටිය. (නදී)
බලන්න හැමෝම කතා කරලා තියෙන දේවල්. මේක තමයි අද විශ්වවිද්‍යාල පද්ධතිය පිලිබදව රටේ සමස්ත මහජනතාව දරන අවංක අදහස. මේ විදිහට රටක විශ්ව විද්‍යාල පද්ධතිය මුලුමනින්ම බිද වැටිලා තියෙද්දී කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නේ. ආශ්චර්යය ඇති කරනවා කියලා කරලා තියෙන්නේ මුලු රටේම විශ්වවිද්‍යාල පද්ධතියට දේශපාලන පත්කිරීම් කරලා විශ්වවිද්‍යාල පද්ධතියම අවුල් කරලා කාලකණ්ණි කරලා දාලා තියෙන එක බව අද හැම දෙනාටම බොහෝම පැහැදිලිව පේන්න තියෙනවා. මේ අදහස් කියවලා බැලුවම හොදින්ම වැටහෙනවා මොනවද පසුගිය රජයේ අය කරලා තියෙන්නේ කියලා. අපි පුදුම වෙන්න ඕනේ මෙහෙම පිරිහීමක් තියෙන විශ්වවිද්‍යාල පද්ධතියකින් මේ වගේ වත් ඉගෙනීමක් විශ්වවිද්‍යාල දරුවන්ට ලැබීම පිළිබදව. නමුත් මම හිතනවා වැඩිකල් යන්න ඉස්සර සේරටම ඉස්සර වෙලා මේ විශ්වවිද්‍යාල පද්ධතියේ බිද වැටීම යථා තත්වයට පත් කරලා ඉන්න අවශ්‍යයි කියලා. මොකද විශ්වවිද්‍යාල පද්ධතිය කියන්නේ අර කිව්වා වගේ රටක හදවත හැටියට සැලකෙන නිසා. රටක හදවත කුණු වෙලා දුගද හමනවා නම් මොන පැලැස්තර විසදුම් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ වගේ සියලු දේවලට ඉස්සරවෙල මේ තත්වය හැකි තාක් ඉක්මනින් නිවැරදි කරලා ඉන්න අවශ්‍යයි කියලා හිතනවා. නුසුදුසු අය විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්යම ණ්ඩලවල දේශපාලන පත්වීම් අරගෙන තවමත් රැදී සිටිනවා නම් වහාම ඒ අයව ඉවත් කරලා දාලා යලිත් වරක් නිවැරදි ක්‍රමවේදයකට අනුව සාධාරණව අපක්ෂපාතීව සුදුසුකම් ඇති උගතුන් බුද්ධිමතුන් පර්යේෂණ හැකියාව ඇති ඉගැන්වීමට හැකි අය ඒවාට බදවා ගෙන යළිත් විශ්වවිද්‍යාල පද්ධතිය නිවැරදි තැනකට ගෙන ආ යුතුයි කියලා හිතෙනවා. (නදී)
විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල පත්වීම් කියන්නේ දේශපාලන හිතවතුන් ත්‍යාග ලබා දීම සදහා ඇති දෙයක් නෙවෙයි. වහාම ඒ අය සේවයෙන් ඉවත් කරවා සුදුසු අය පත් කිරීමට අදාළ නිසි පියවර අප්‍රමාදීව ගත යුතුයි. මෙය රජයට බල කර සිටින්න කැමතියි. (නදී)
එතකොට යළිත් විශ්වවිද්‍යාලවලට අධ්‍යාපන කාර්ය මණ්ඩල සදහා බදවා ගැනීම් සිදු කරන්නේ කුමන කාලසීමාවල ද? ඒවා ගැසට් කරනවාද? ඒ දිනයන් මහජනතාවට දැනුම් දීලා නිවැරදි සාධාරණ බදවා ගැනීම් සිදු කරාවී කියලා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට දීලා තියෙන දේශපාලන පත්වීම් වහාම අහෝසි කරවා ඒ පුරප්පාඩු නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා පුරවන්න කියලා අපි රජයට බල කර කියා සිටිනවා.(නදී)
මල්කාන්ති චන්ද්‍රසේකර ආචාර්ය තුමිය ,මිය ගියා කියල පසු ගිය දිනක පුවත් පතක දුටුවා....ඒ වෙන ආචාර්ය තුමියක්ද ? (නදී)
මමත් විශ්වවිද්‍යාල කීපයක අධ්‍යයන කාර්ය මණ්ඩල බදවා ගැනීම් සදහා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වුන අධ්‍යාපන ශාස්ත්‍රීය පර්යේෂණ හා වෘත්තිය සුදුසුකම් ඉතාමත් ඉහලින් ඇති කෙනෙක්. මට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට ඉහළම සුදුසුකම් තියෙනවා. භාෂා හැකියාව ඉතා ඉහළයි. නමුත් සම්මුඛ පරීක්ෂණවලදී මට හොදින්ම වැටහුනා අපි සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වෙන්නත් ඉස්සර වෙලා ඒ තනතුරුවලට ඇතුලේ ඉන්න අයගේ හිතවත්කම් තියෙන අය පස්සා දොරවල්වලින් දේශපාලන හිතවත්කම් මත බදවා ගැනීමට සියලු කටයුතු පිළියෙල කරලා අවසානයි කියලා. කරන්න දෙයක් නැහැ. කළකිරීමෙන් පරීක්ෂණයට ඉදලා ගෙදර ආවා. සතියක් යන්න හම්බ වුනේ නැහැ අර සුදුසකම් නැති පුද්ගලයා අදාළ තනතුරට තෝරාගත්තු බව විශ්වවිද්‍යාලයට කතා කරලා ඇහුවම මට කිව්වා. මට හරියට දුක හිතුනා. මොනවා කරන්නද අන්තිමේ හිත හදා ගත්තා.මට සිදුවුන දේ සමාජයේ හරියට වැඩි දෙනෙකුට සිදු වෙලා තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒ නිසාමයි මම මම අවංකව මුහුණපාපු පුද්ගලිග සිදුවීම මෙහෙම කිව්වේ. මම විශ්වාස කරනවා මේ රජය යටතේ වත් මේ තත්වය නැතිව අවංකව සුදුස්සාට නියම තැන ලැබේවි කියලා. ඒ වගේම දැනට දේශපාලන හිතවත්කම් මත විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලවල සේවයට බදවා ගෙන ඇති සියල්ලන්ගේම එම තනතුරු වහාම අහෝසි කර ඒ වෙනුවට සුදුසුකම් ඇති අය බදවා ගැනීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. (නදී)
ආචාර්ය ,මහාචාර්ය පදවි තියාගෙන හරිහමන් අධ්‍යාපනයක් නොලද සමහරුන් දේශපාලකයන් කියන කියන ලෙසට කඩේ යාම මහා පාපයක්. ලද උගත්කමින් කිසිවෙකුට ගැති නොවී කෙළින් සිටිමින් රටට ජනතාවට සේවයක් කිරීම ඔබ සතු යුතුකමක්... (නි)
විශ්ව විද්‍යාවල පිරිහීම අපි නිතරම ශිෂ්‍යයන් හැටියට මාධ්‍යවලින් කියලා දෙනවා. මොකද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තමයි අද විශ්ව විද්‍යාවල මේ අර්බුද නිර්මාණය කරන්න ප්‍රධානම සාධකය වෙලා තියෙන්නේ. යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් පුලුන් මල්ල නොබලම වීසි කරන්න කියලා කතාවකුත් තියෙනවා වගේ රටක බුද්ධිමතුන් උගතුන් සිටිය යුතු ස්ථානවලට නූගත් දේශපාලන බඩගෝස්තරවාදීන් එහෙයියන් රැළක් රිංගා ගැනීම නිසා රටේ සමස්ත උසස් අධ්‍යාපන ක්‍රියාවළියම බිඳ වැටී ඇති අදුරු කාල වකවානුවක තමයි අද මේ රට තියෙන්නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන කෙනෙකු හැටියට මම මේ තත්වය අද සියැසින්ම දකිනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සාමාන්‍යයෙන් ආචාර්යවරුන් තරහා කර ගන්න බයයි. මොකද විභාග අසමත් කරවලා දාලා උපාධිය අහිමි කරලා දාවි කියලා. මේ නිසා බයට කට වහගෙන විශ්වවිද්‍යාලතුළ සිසුන් විශාල පිරිසක් ඉන්නවා. විශ්වවිද්‍යාලවලට ඉගෙනීම සදහා එන්නේ අතිශය තියුණූ තරගයක නියැලී මේ රටේ සිටින ඉතාම බුද්ධිමතුන් අතලොස්ස. ඉතින් ඒ අයට ඉගැන්වීමට දේශපාලන මැට්ටන් රැළක් සිටිනවා නම් කොයිතරම් උසස් අධ්‍යාපන සදහා මුදල් වෙන් කළත් කිසිම ඵලක් නැහැ නේද? මේ නිසා රජයට මුලින්ම කරන්න තියෙන්නේ මේ තත්වය වහාම නිවැරදි කරන්න පියවර ගන්න එකයි. මම හිතනවා පසුගිය රජය සමයේ විශ්ව විද්‍යාලවල සිදුකළ සියලුම ආකාරයේ දේශපාලන අධ්‍යයන කාර්ය මණ්ඩල පත්වීම් සියල්ල ඉතාම ඉක්මනින් අහෝසි කර දමා ඒ වෙනුවට නියම සුදුසුකම් තියෙන අය වහාම බදවාගෙන විශ්වවිද්‍යාවල අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉහළ මට්ටමකට ගෙන ආ යුතුයි කියලා (නදී)
එක්තරා සරසවියක යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ පත්වීමක් දීලා වැඩට යොදවා තියනවා ඇන මුරිච්චියක් ගලවා ගන්න බැරි හාදයෙක්. එතන වැඩ කරන මගේ ඥතියෙක් කිව්වා ඒ තරුණයාගේ තාත්ත ගම් මට්ටමේ ඡන්ද සංවිධායක කෙනෙක්ලු. (නදී)
කවුද දන්නෙ නැහැ නව සභාපති? (නි)
අපොයි දෙයියනේ අපේ විශ්ව විද්‍යාල පද්ධතියට ගිය කලක්. කොහොමට තිබ්බ විශ්ව විද්‍යාල ද? අද ගම්වල තියෙන මධ්‍ය මහා විද්‍යාවල තියෙන මට්ටමටත් වඩා පිරිහිලා. ඔන්න ඕකයි කියන්නේ නූගත් මැටි දේශපාලකයන් මහජනතාව විසින් තමන්ගේ පාලකයින් විසින් මහජනතාව විසින් තෝරා පත් කර ගැනීමේ අයහපත් ඵල විපාක විදින්නට සිදු වී ඇත්තේ ඒ මහ ජනතාවගේ දූ දරුවන්ට වීම ඉතාම අවාසනාවන්ත කාරණයක්. වහාම මේ තත්වය වෙනස් කර සුදුස්සන්ට ඒ අවස්ථාවල් ලබා දීම මේ පේන්නට තියෙන තත්වයේ හැටියට වහාම කළ යුතු ජාතික අවශ්‍යතාවයක් බවට අද පත්ව තියෙනවා. අද අපේ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල පද්ධතියට අත්වී ඇති ශෝචනීය ඉරණම පිලිබදව අතිශය දුක්මුසු කතාන්තරයක් අද මේ පිටුපස සැගව ඇති බව හැමෝටම හොදින්ම පේන්න තියෙනවා කියලා මට හිතෙනවා. (නදී)
අහෝ කැලණිය, අහෝ ජපුර, අහෝ පේරාදෙණිය, අහෝ කොළඹ, අහෝ පාලි හා බෞද්ධ, අහෝ සබරගමුව පෙනේද සිදුවිලා තියෙන මහා විනාශයක තරම. අහෝ දෙව්දත් නොදිටි ද මොක්පුර ? (නදී)
ක්ෂණිකා මැතිනිය ගිය එක හොඳයි. මොකද පසුගිය කාලසීමාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල පත්කිරීමේ දී අසාධාරණකම් සිදුවුණා. මමත් ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල වල එවැනි සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වූ උගත් කෙනෙක්. නමුත් අපි දැක්කා මේ සම්මුඛ පරීක්ෂවලදී ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියලා. අපි හරිම කළකිරීමෙන් තමයි ඉන්නේ. දැන්වත් අපිට සාධාරණය ඉටුකරවා දෙන්න කියලා අපි නිසි බලධාරින්ගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා (නි)
කැලණිය පහුගිය මැතිවරණයට නාගෙන මහින්දට කඩේ ගියා. පේරා ටත් ඒකමයි වුනේ. ඒකයි අපි මේ කියන්නේ කරුණාකරලා නිවැරදි කරන්න මේවා සුදුස්සන්ට පත්වීම් දෙන්න නුසුදුස්සන් කණෙන් අල්ලලා එලියට දාන්න වැඩ බැරි ටාසන්ලා විශ්ව විද්‍යාලවලට අවශ්‍ය නැහැ (නදී)
දැන්වත් හරියට සාධාරණ විදියට දක්ෂයාට නියම තැන ලබාදෙන්න. පින්! (නි)
මම පුද්ගලිකව දැඩි වගකීමකින් යුතුව කියා සිටිනවා මේ වගේ දේශපාලන පත්වීම් නව යහපාලනයක් යටතේ අපිට කිසිසේම අවශ්‍ය නැහැ. මොකද ඒ අය උගතුන් වුණාට කටයතු කළේ හරිම අගතිගාමීව. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිනවීමේ කටයුතුවල ප්‍රමුඛත්වය කරටගෙන කටයුතු කළ අපි වගේ ස්වාධීන බුද්ධිමතුන්ට සිදුවී ඇති මේ අසාධාරණකම් බලා සුදුසු සාධාරණයක් ඉටුකරන්න කියලා බොහෝම බැගෑපත්ව කාරුණිකව වගකිවයුතු ඇත්තන්ගෙන් මම ඉතාම නිහතමානීව ඉල්ලා සිටිනවා. (නි)
බොහොම අමාරුවෙන් නේද යවාගත්තේ? (නි)
මේ රටින් පිටරට වලට බුද්ධි ගලනය උන හේතුව දැන් මෙහි අදහස් වලින් පේනවානේ. අනධ්‍යයන කාර්ය මණ්ඩලයට බඳවා ගන්නෙත් කිසිම සුදුසු කමක් කුසලතාවක් නැති ඔලමොට්ටලයන් නම් අදාළ විශ්ව විද්‍යාලවල ගුණාත්මක භාවය ස්වාසිලන්ත්යේ රෑන්ක් එකටත් පහල ගිය දවසට තේරේවි. (නදී)
මොනවා කරන්නද? ඕවා ඔහොම තමයි (නි)
විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම්වලදී මේ අය සුදුසුකම් ඇති අයට ලොකු අසාධාරණකම් සිදුකර තිබෙනවා. බොරු නම් මෙයාලා වැඩකළ කාලසීමාවලදී විශ්ව විද්‍යාල වල සිදුකළ දේශපාලන පත්කිරීම් සොයා බලන්න කියලා මම බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. හැකිනම් එවැනි දේශපාලන පත්වීම් සියල්ල වහාම අහෝසි කර සුදුසුකම් තිබෙන නියම දක්ෂයන් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම තුළින් නැවතත් රටතුළ නියම බුද්ධිමතුන්ට අවස්ථාව සළසා දියයුතුයි කියන මතයේ මම වගකීමෙන් යුතුව ඉන්නවා. (නි)
කිසිම කඩයකට නොගිය උගතුන් කොහෙන් හොයන්නද මන්දා! (නි)
ඒ කාලයේදී සම්පූර්ණ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවම වගේ සම්පූර්ණයෙන්ම දේශපාලනීයකරණය වෙලා තිබුණේ. ඒක අපි හොඳටම දැක්කා. අපි උගතුන් බුද්ධිමතුන් වශයෙන් දැඩි කළකිරීමෙන් හා දැඩි අසහනයෙන් තමයි හිටියේ. පවතින නව රජයේ යහපාලනය යටතේවත් අපිට සහනයක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි. (නි)
ආයතන සංග්‍රහය අනුව දැන් ඔය තනතුරු පත්කරන්නේ කවුද? (නි)
අනේ අපේ රටේ උගතුන්ට රැකියා ගැනීමට සාධාරණ ක්‍රමවේදයක් නැද්ද? (නි)
මෙයා ගියපු එක හොඳයි. කේලම් අහන්න ගියහම ඔහොම වෙනවා (නදී)
විශ්ව විද්‍යාලයේ පසුගිය කාලාන්තරයක් මුළුල්ලේ අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට පත්කර තිබුනේ දේශපාලකයන්ගේ ලැයිස්තු වලින්. සමහර සේවකයන්ගේ දරුවෝ හැමෝම බුරුතු පිටින් කාර්ය මණ්ඩලයට බඳවාගෙන. (නි)
චන්ද්‍ර වීරසිංහ,උගතුන්ට කවුරුවත් රැකියා දෙන්න ඕනෑ නැහැ. එයාලා ළඟට රැකියා එනවා. (නි)
අපේ රටේ නියම තත්වය නොදන්නාකම නිසායි සමහරු හිතන්නේ විශ්ව විද්‍යාලවල ඇදුරන් බහුතරය නියම වශයෙන් සාධාරණව බඳවාගත් උගතුන් කියලා. උගත්කමක් බුද්ධිමත්කමත් තිබුණා නම් එහෙම සාමාන්‍ය ජනතාවත් තමනුත් මුලාවට පත්කරන විදිහට වැඩ කරයිද? කාරුණිකව සොයා බලන්න පසුගිය රජය පුරාම මේ රටේ සියලු විශ්ව විද්‍යාල වලට සිදුකරන ලද සියලුම ආකාරයේ පත්වීම් ගැන. (නි)
අධ්‍යාපනයට දේශපාලනය අවශ්‍ය නැහැ. මොකද දක්ෂයා ඉදිරියට ආවොත් තමයි අනාගතය හොඳ වෙන්නේ. (නි)
මම නම් කියන‍්නේ ක්ෂණිකා මැතිණියට මෙහෙම කිරීම විජාතික කුමන්ත්‍රණයකම කොටසක් කියලා (නි)
මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ සිසුවෙක්. මමත් දැක්කා විශ්ව විද්‍යාල වල ඉගෙනීමේ යෙදී සිටියදී ආචාර්යවරුන් අතර සුදුසුකම් ඇති අයට වඩා සුදුසුකම් නැති අය බහුලව ඉන්නවා. ඉස්සර කාලේ නම් විශ්ව විද්‍යාල වලට බඳවා ගත්තේ ප්‍රථම උපාධිය විශේෂවේදී කරලා ප්‍රථම පන්ති සාමාර්ථය ගත් අය. සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම අද විශාල අනතුරක. ඒ නිසා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිනිය මාරු කරනවා වගේම සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුකළ දේශපාලන අධ්‍යයන කාර්ය මණ්ඩල පත්වීම් සියල්ල අහෝසිකර සියලු දෙනාටම සාධාරණව නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ඇති අය වහාම තෝරා පත්කර ගතයුතුයි. (නි)
කරන්න දෙයක් නැහැ. කරුණාකරලා මේ අය ඉවත්කර සාධාරණ ක්‍රමවේදයකට යළිත් පරීක්ෂණ පවත්වා සුදුසකම් ඇති අය පමණක් තෝරාගෙන නිසිපරිදි පත්වීම් ලබාදීලා මේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය යළිත් උගතුන්ගේ බුද්ධිමතුන්ගේ පාරාදීසයක් බවට පත්කරවා දෙන්න (නි)
වැඩ බැරිකම හමුවේ ඔය තිබෙන උපාධි වලට වටිනාකමක් නැහැ. කොහොමහරි විභාගය සමත්වුණ පළියට මේ අය බුද්ධිමත් නැහැ. (නි)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුගිය කාලයේ සිදු වූ අනධ්‍යයන සේවා බඳවාගැනීම් සොයාබලන්න. (නි)
මෙවැනි අයට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. උගත් බුද්ධිමත් වුණත් වරදක් කර තියෙනවා නම් මෙහෙම අස්වෙලා යන්න ඉඩනොදී අධිකරණ ක්‍රියාමාර්ගවලට ගෙනගිහිල්ලා දඩුවම් ලබාදිය යුතුමයි. දඬුවම් ලබා නවා නම් සියලු දෙනාටම සාධාරණ පරිදි දඬුවම් ලබාදිය යුතුයි. නමුත් ඒ වගේම වැදගත් සුදුසුකම් ඇති අයට සාධාරණය ඉටුකිරීම. දැනටමත් ප්‍රමාද වැඩියි. කරුණාකරලා මේ වැරදි පුලුවන් නම් නිවැරදි කරලා දෙන්න. සමස්ත විශ්ව විද්‍යාල සියල්ලේම පසුගිය රජය කාලවකවානුව තුළ සිදුකළ දේශපාලන පත්වීම් සියල්ල වහාම අහෝසිකර නියම සුදුසුකම් ඇති අය උගතුන් බුද්ධිමතුන් යළින් වරක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළට බඳවා ගැනීමට කටයුතු කරනු මැනවි. (නි)
අපේ රටේ උසස් අධ්‍යාපනය මෙහෙම පිරිහෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය මුලුමනින්ම දේශපාලනීයකරණය වෙලා තිබීම. මේ දේශපාලන පත්වීම් සියල්ලම අහෝසි කරලා සුදුසුකම් තියෙන අයට යළිත් සම්මූඛ පරීක්ෂණවලට කැඳවලා පත්වීම් ලබාදෙන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා (නි)
මම හිතන්නේ නැහැ කණිෂ්කා මෙහෙම අස්වෙලා ගියාට සියල්ලට විසඳුම් ලැබේවි කියලා. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුකළ දේශපාලන පත්වීම් සියල්ල අහෝසිකර යළිත් සම්මුඛ පරීක්ෂණ පවත්වා නියම උගතුන් බුද්ධිමතුන් අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා බඳවා ගතයුතුයි. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ එයයි (නි)
මේ රටේ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලවල සිටියයුතුම වූ උගතුන් ශාස්ත්‍රීය විද්වතුන් අද මහ පාරේ. දේශපාලන පත්කිරීම් අද විශ්ව විද්‍යාල වල හරියට. කරුණාකරලා විශ්ව විද්‍යාල පද්ධතිය බිඳවැටෙන්න ඉඩදෙන්න එපා. අපි බොහෝම වගකීමෙන් මේ කියන්නේ. අවංකව විශ්ව විද්‍යාල පද්ධතියම අද විශාල අනතුරක. විශ්ව විද්‍යාලයක සේවය කරන උගත් පුද්ගලයෙකු විදිහට මම බොහෝම අවංකව විශ්වාසයෙන් යුතුව මේ ටික කියන්නේ මේවා නිවැරදි කරවා ගන්න අවශ්‍ය නිසා. (නි)
සමහර විශ්ව විද්‍යාලවල එකම පවුලේ සාමාජිකයන් බුරුතු පිටින් ඉන්න බව අපි වගකීමක් ඇතුව ප්‍රකාශ කරන්න කැමතියි (නි)
දැන් එතකොට අර පස්ස දොරෙන් සරසවියට ආ සමහරුන්ට මොකද වෙන්නේ ? (නි)
අද විශ්වවිද්‍යාල අධ්‍යයන අංශවල ඒකම පවුලේ අම්මා තාත්තා දුව පුතා හා ඥාතී මිතුරන් සියලු දෙනාම සේවය කිරීම පසුගිය රජයේ සිදු වූ ආශ්චර්යයට අයිති දේවල් විය හැකිය. නමුත් ඒ හරහා සිද්ධ වුයේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය බිද වැටීමක් බව කණගාටුවෙන් වුවත් දැනුම් දෙන්න අවශ්‍යයි. මොකද විශ්ව විද්‍යාලයක් කියන්නේ දැනුමේ ශාස්ත්‍රීය බවේ පර්යේෂණ හැකියාවේ හා බුද්ධිමතුන්ගේ උගතුන්ගේ පරාදීසයක් බවට පත්විය යුතුයි. ඒ වගේම සමස්ත රටේ ජනතාවට නිවැරදි මාර්ගෝපදේශනයක් ලබා දිය හැකි උගතුන් බුද්ධිමතුන් සිටිය යුතු ආයතනයක් තමයි විශ්වවිද්‍යාලයක් කියන්නේ. අනෙක් අතට විශ්වවිද්‍යාල කියන්නේ රටක හදවත වගේ විය යුතුයි. මෙහි සිටින සියලු දෙනා අනිවාර්යෙන්ම උගතුන් බුද්ධිමතුන් විය යුතුමයි. ඒක නිසයි විශ්වවිද්‍යාල වෙනත් රජයේ දෙපාර්තමේන්තු වගේ නැතිනම් අමාත්‍යාංශ වගේ සෘජුවම අමාත්‍යවරයෙකුගේ සෘජු අධික්ෂණයට නතු නොකර හැකිතාක් ස්වාධීන කරන්න මේ විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් මගින් පාලනය වන ආකාරයට පිලියෙල කරලා තියෙන්නේ. නමුත් සිදු වන්නේ ඒ අවශ්‍ය දේ නොවෙයි. නොසිදු විය යුතු දේවල් තමයි සිදු වන්නේ. අඩුම තරමින් අමාත්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණයට භාජනය වන අමාත්‍යාංශයක නොතිබුණූ දේශපාලන ඇගිලි ගැසීමක් අධ්‍යයන කාර්ය මණ්ඩල සදහා දේශපාලන පත් කිරීමක් පසුගිය සමය පුරාම අපි දැක්කා. මමත් සේවය කරන්නේ විශ්ව විද්‍යාලයක. මේ විශ්වවිද්‍යාල පද්ධිතිය අපි විසින් ආරක්ෂා කරගත යුතුයි යන මතයේ මමත් ඉන්නවා. ඒක නිසාමයි මෙහෙම ඒවායේ පවතින අක්‍රමිකතා හෙලි කරන්නේ. කාටවත් රිදවන්න කාගෙන්වත් පලි ගන්න බලාගෙන නෙවෙයි. මම අවංකවම මගේ හෘදය ශාක්ෂියට එකගව තමයි මේ කතා කරන්නේ. මම දැනට දිගු කාලයක් සේවය කරනවා. මම දැකපු දෙයක් තමයි පසුගිය මහින්ද රාජපක්ෂ කාලසීමාව වගේ දුර්දාන්ත දේශපාලන පත්කිරීම් අධ්‍යයන කාර්යමණ්ඩලවලට සිදු කරපු කාලවකවානුවක් තවත් නම් මම දැකලා නැහැ. (නදි)
ඔබට ආයුබෝවන්! (නි)
විශ්වවිද්‍යාලවලට දේශපාලන හිතවත්කම් මත පස්සා දොරෙන් ආපු අය හදුනා ගැනීම හරිම පහසුයි. පසුගිය රාජ්‍ය සමය පුරාම විවිධ අවස්ථාවලදී රජයට ඡන්දය දෙන්න කිය කියා පත්තර පිටු පුරවලා ඔය දැන්වීම් අත්සන් කර කර ලොකු නම් ලැයිස්තු ඉදිරිපත් කළ ආචාර්යවරුන් හා ආචාර්යවරියන් සියලු දෙනාම වගේ විශ්වවිද්‍යාවල අධ්‍යයන කාර්ය මණ්ඩලවලට සුදුසුකම් නොමැතිව දේශපාලන පත්වීම් ලෙස පැමිණි අයයි. විශ්වවිද්‍යාලවල සේවය කරන අපි නම් හොදටම දන්නවා. අවංකවම සුදුසුකම් මත පැමිණි අය එක්ක වැඩ කරන්න පහසුයි. ඔවුන් හරිම නිහතමානියි. නමුත් බොරුකාරයා හරිම බොරු සෝබන කම්වලින් පිරිලා. ඒ අය එක්ක වැඩ කරන්න හරිම අමාරුයි. පහුගිය කාලේ පුරාම විශ්ව විද්‍යාලවල පැවති විවිධ කලකෝලාහල බොහෝමකටම මේ අයගේ ක්‍රියාකාරකම් විශාල ලෙස බලපෑවා. නමුත් රටට ගියේ වැරදි චිත්‍රයක්. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න අහිංසක ශිෂ්‍ය ප්‍රජාව මත වරද පටවලා තමයි මේක රටට වැරදි විදිහට ගියේ. සමහර අවස්ථාවලදී තමන්ට එරෙහිව නැගී සිටින තමන්ගේ අධ්‍යාපන ශාස්ත්‍රීය පර්යේ්ෂණ හා වෘත්තීය සුදුසුකම් ප්‍රශ්න කරන විශ්වවිද්‍යාල අධ්‍යාපන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හා විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව මේ අය තමන්ගේ අත්තනෝමතික බලතල අයුතු හා අසාධාරණ ලෙස හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හරහා යොදා ගත්තා හරිම නිර්ලජ්ජිත ලෙසට. අපි හරිම අසරණ වෙලා හිටියේ කරකියා ගන්න දෙයක් නැතුව. මෙයට විරුද්ධව අධිකරණයට ගියාට අපිට සාධාරණයක් වෙන්නේ නැති බව අපි හොදාකාරවම දැනගෙන හිටියා. මොකද රටේ නීතිය, අධිකරණ පද්ධතිය, පොලිසිය යන හැම ආයතනයක්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වගේම දේශපාලනීයකරණය කරලා තිබ්බ නිසා. නමුත් දැන් සියල්ල වෙනස් වෙලා. යහ පාලනයක් ඇති වෙලා. මේ රටේ අපි වගේ අහිංසක අසරණ මහජනතාවගේ බලාපොරොත්තු දැන් අලුත් වෙලා. අපිට දැන් අපේම ජනාධිපතිවරයෙක් ඉන්නවා කියන අදහස මේ රටේ සියලු මහජනතාව තුළ දැන් තියෙනවා. අන්න ඒ නිසා මම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙන් ද ගරු උසස් අධ්‍යාපන ඇමතුතුමා ප්‍රමුඛ වගකිව යුතු සියලු දේශපාලන හා නිලධාරි වගකිව යුතු සියලු දෙනාගෙන්ම බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා යලිත් මේ වැරදි නිවැරදි කරලා දෙන්න ආයිමත් සැරයක් සම්මුඛ පරීක්ෂණ පවත්වලා සුදුසුකම් තියෙන හැකියාව තියෙන උගත්කම තියෙන උගතුන් බුද්ධිමතුන් අපක්ෂපාතීව සාධාරණව විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සදහා බදවා ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා (නදි)
ගොඩක් අය මහින්දට කඩේ ගිය අය තමයි. මහින්ද ඒ අයට ත්‍යාග දීලනේ. (නදී)