සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝක්ජි ඝාතනය කිරීමේ වගකීම තමා බාර ගන්නා බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි'
එය තම අනුදැනුම යටතේ සිදුවූ බව අමෙරිකාවේ මහජන සේවා මාධ්‍ය ආයතනයක් වන පී.බී.එස්. ආයතනයේ වාර්තා වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කර ඇත'
කෂෝක්ජි ඝාතනය කර වසරක් ගතවීම නිමිත්තෙන් නිෂ්පාදනය කළ එම වැඩසටහන ලබන මස පළමු වැනිදා විකාශය වීමට නියමිතය.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේදී සිදුවූ බව පැවසෙන කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් බින් සල්මාන් කුමරු මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකර නැත.
මෙම ඝාතනය ජාත්‍යන්තර වශයෙන් කැලඹීමක් ඇතිකළ අතර සවුදි කුමරුගේ ප්‍රතිරූපයට ද ඉන් හානි සිදුවිය.
-226-
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි අමිහිරි උනත් සත්‍යය මෙහේ "කාඩ් බෝඩ් " මාධ්‍යය වේදියෝ අතුරුදහන් වුණා කියල , , ඒ මත යැපෙන , ඒක විකුණා ගෙන කන කට්ටියක් කෑගහන කට්ටියක්ඉ න්නවා. නමුත් සැබෑ මාධ්‍යය වේදියෝ මරල දමපු යුගයක් තිබුනා දැන් ඒවා ගැන කාටවත්ම මතක නැහැ
දැන් බලමු ලංකාව බොරුවට කෑ ගහනවා වගේ මානව හිමිකම් සංවිධාන හා ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල්කඩ වන ඇමරිකාව මේකට කෙහොමද කෑ ගහන්නේ කියලා.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයයි, ඇමරිකා එක්සත් ජනපදයයි දෙන්න උත්තර. අපේ සාමසාධක හමුදාවට කෙනහිලිකම් පාලා...
බාර ගන්නවා කියල නොවෙයි ඔහුගේ ප්‍රකාශයේ තිබෙන්නේ. ඔහුගේ අණ යටතේ තිබූ ආයතනයකින් පිරිසක් අතින් සිදු වූ නිසා ඔහුත් වගකීමට බැඳී සිටියි කියලයි තියෙන්නේ..
එහමනම් මෙයාට මරණ දඬුවම් නැද්ද?
ශරියා නීතිය අනූව බලමු දැන් මෙයාට දෙන දඬුවම මොකක්ද කියලා.....
මොකුත් කරන්නේ නැහැ. එකත් හරි කියා අන්තිමට ඇමරිකාව කියයි. රජු නිර්දෝෂයි. එයයි සවුදි රජයේ හැටි කාටත් හොල්ලන්න බැහැ.
මේක සාමාන්‍ය පුද්ගලයෙක් කළානම් මේ වනවිට ඔලුව එක තැනක කඳ තව තැනක...