(ටී.කේ.ජී.කපිල )
රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද(07) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති සියලුම ගුවන් මගීන් ඉන්දීය ජාතික ව්‍යාපාරිකයන් වන අතර , ඔවුන් අතරින් 42 හැවිරිදි එක් අයෙකු පිරිමි පුද්ගලයෙකු වන අතර ඉතිරි 43 හැවිරිදි සහ 22 හැවිරිදි දෙදෙනා කාන්තාවන් වේ .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 160 ක ප්‍රමාණය , පැකැට් වශයෙන් සකස් කර , ඒවා ගුවන් තොටුපොළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීම් වලදී මගහැරීම සදහා කාබන් කොළ වලින් ආවරණය කර , සගවා ගෙන මෙරටට පැමිණ තිබුණි .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘කුෂ්‘ සමඟ විදේශිකයින් තිදෙනා ගුවන්තොටෙිදී අල්ලයි
දීපාල් Thursday, 07 August 2025 09:01 AM
ඔය ගේන 10ක්ට එක්දිනක් තුල ප්‍රසිද්දියේ මරණ දඬුවම ලබා දුනහොත් සියළුම මත්ද්‍රව්‍ය ප්‍රශ්න විසදා ගත හැකියි... ඕක නොකරනකම්
maalaka Thursday, 07 August 2025 09:07 AM
ඉතා සතුටුයි මේ අය අහුවෙන එක ගැන. ස්තූතියි සියලුම නිලධාරීන්ට, ඔත්තූ සපයන අයට වගේම වත්මන් දේශපාලකයන්ට. පසුගිය කාලේ කොයිතරම් අපේ සහෝදර සහෝදරියන් විනාශ කරන විෂ මත්ද්‍රව්‍ය රටට ඇතුල් වෙන්න ඇත්ද . විනාශකාරී, දූෂිත දේශපාලකයින් සදහටම පිටුදකින්න
Bunny Preena Thursday, 07 August 2025 10:44 AM
මොන විදියකින් හරි සල්ලි හම්බ කරලා ඉක්මණින් පොහොසත් වෙන්ඩ මාන බලන සමහර අයට සාධාරණත්වය, සදාචාරය, ආත්ම ගෞරවය සහ තම මව්බිමට ගෙන දෙන අපකිර්තිය ගැන කිසිම තැකීමක් නැති ගානයි