(ඩබ්ලිව් ජේ මුණසිංහ)
පැල්මඩුල්ල මරක්කල ඇල්ල නැමැති ස්ථානයේ දිය නෑමට ගිය තරුණයෙකුගේ මළ සිරුර ඇල්ලේ පහල තිබී සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය පවසයි.
පැල්මඩුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්තව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වරයෙකු ලෙස රාජකාරි කල එච්.ඩබ්ලිව් .නන්ද ශ්‍රී පතිරන (32) යන අය මෙසේ මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
රාජකාරි කටයුක්තක් නිමවී තවත් පිරිසක් සමග ඊයේ (15 )දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අවිවාහක තරුණයා මෙම සිදුවීමට මුහුණ පා ඇත.
ඔහු ඕපනායක වල්ලකැටියේ පදිංචි කරුවෙකි. ඔහුගේ සිරුර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමුකොට තිබිණි.
පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd