
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීමට කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි "කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම" පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්වතුන්ගෙන් සෑදුණු කමිටුවක් හොඳටම ඇති... දේශපාලකයෝ පොදු ජන ජීවිත සේ සලකා තියන හැටියට විද්වතුන්ටවත්, දක්ෂ ගොවීන්ටවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ වපුරන්න..
අවුරුදු 5කටත් වඩා කාලයක් කරගෙන යන කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් මොනවාද වුනේ...?