කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුලී පදනම යටතේ නව ගොඩනැගිල්ලක් ලබාගැනීමට සිදුවූයේ අමාත්‍යාංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කාරක සභා වෙනුවෙන් ලබාදීමට සිදුවීම නිසා බවත් ඒ වෙනුවෙන් තෝරාගත් නව ගොඩනැගිල්ලට යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (5) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
බත්තරමුල්ල ප‍්‍රදේශයේ අමාත්‍යාංශය දැනට පිහිටා ඇති ස්ථානයට ආසන්නයෙන්ම ඇති අමාත්‍යාංශයට සුදුසු එකම ගොඩනැගිල්ල වන්නේ දැනට තෝරාගෙන ඇති ගොඩනැගිල්ල බව කී ඇමැතිවරයා එය තෝරා ගත්තේ අග‍්‍රාමාත්‍ය ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ තක්සේරුකරු යන නිලධාරීන් සිව් දෙනාම එකට එක්වී බවද ප‍්‍රකාශ කළේය.
ගොඩනැගිල්ලේ හිමිකරුවන් විසින් පැවසූ කුලී මුදල් හා වෙනත් කොන්දේසි ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත් බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
එයට ආර්ථික කමිටුවෙන්ද අනුමැතිය හිමිවූ බව ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.
දැනට අමාත්‍යාංශය ඇති ගොඩනැගිල්ල වර්ග අඩි 56,000ක එකක් බව කී දුමින්ද දිසානායක මහතා නව ගොඩනැගිල්ල වර්ග අඩි 90,000ක එකක් වන අතර දැනට අමාත්‍යාංශයෙන් පිටත ඇති අමාත්‍යාංශ අනුබද්ධ ආයතන සියල්ල එම ගොඩනැගිල්ලට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාල කලොත් දුෂණ වංචා..ඒකම මෙයාල කලාම කියන නම මොකද්ද කියල කවුරුත් දන්නවද? (හේ)
දැන් ඉතින් වැඩක් වෙන එකක් නෑ.(හේ)
අමාත්‍යංශයක් වෙන තැනකට යනවා කියන්නේ වියදම කොච්චරද?(හේ)
මේ වියදම් කරන මුදලින් මෙයට වඩා වටින වැඩක් කරන්න බැරිද? මේවා තම තමන්ගේ බූදල් නෙවෙයි, මහජන මුදල්.(ම)
ගණන කීයද?කීයක් සාක්කුවටද ? (බ)
අදාළ අනුමැතීන් ලබා ගෙන තියෙනවා නම් මොකක්ද වැරැද්ද? ලංකාවේ නගරවල ගොඩනැගිලි කුලී කොහොමත් හරි ගණන්. (බ)
ජනපති තුමා වගේ ඉතිරිකරමු -රට හදමු (බ)
පවු අනේ! (බ)
මෙම ගොඩනැගිල්ල සඳහා මාසිකව කීයක් ගෙවිය යුතුද?(හේ)
වී ටික විකුණගන්න බැරි අපේ කට්ටියට මොන ගොඩනැගිලිද කියලා හිතුනා (නි)
ගොඩනැගිල්ල වෙනස්වුණාට කාර්ය මණ්ඩලය වෙනස්වුණේ නැහැනේ (නි)
ගණන් හිලව් ගැන එතුමා සඳහනක් කර නොමැති එකෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන් (නි)
ඔව් ඔව්, අභිමානය පේන්නත් එක්ක ලොකු තැනක් තිබෙන්නත් එපායැ. (නි)
දැන් එහෙනම් වැඩි කාර්යක්ෂමතාවයකින් කටයුතු සිදුවේවිනේ (නි)
රටම ආර්ථික ආගාධයක වැටිලා ඉන්න වෙලාවේ කෝටි ගණන් වියදම් කරන එක වැරදියි (නි)
පක්ෂය,පාලනය කුමක් වේවා මේ රටේ දේශපාලකයන් රටට කරන වින වලට කරගහන්න ඡන්දදායකයන් කියන බර උසුලන්නන් පිරිස ඉන්නවනේ. (නි)
අපි නොදන්නා අපේ මහජන නියෝජිතයෝ! (නි)
මාත් හදනවා අමාත්‍යංශ ගොඩනැගිල්ලක් ළඟම ලොකු ගොඩනැගිල්ලක්. කීයක් ගියත් කමක් නැහැ. පාඩුවෙන එකක් නැහැ. (නි)