(විනීතා එම් ගමගේ)
පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දින (25) පෙරවරුවේ උපදෙස් දුන්නේය.
බාසල් සම්මුතිය යනු අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම පිළිබඳව ඇති ජාත්‍යන්තර ගිවිසුමකි.
එමෙන්ම මෙම බහාළුම් මෙරටට ගෙන්වා තිබෙන්නේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් බවත්, ඒ සම්බන්ධව යුක්රේන සමාගම විසින් මෙරට සමාගම කිසියම් රැවටීමක් කර තිබේ ද යන්න පිළිබඳව මේ වනවිට අදාල අංශ විසින් අවධානය කර ඇතත් බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කිරීම කෙරෙහිද දැඩිව අවධානය යොමු කළ යුතු බවට ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙරට පුද්ගලික ආයතනය විසින් මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහාළුම් මෙරටට හිතාමතාම ගෙන්වන ලද්දේද, නැතහොත් ඔවුන් රැවටීමකට හසුව ඇත්ද යන්න සොයා බැලිය යුතු මෙන්ම විසඳා ගත යුතු කාරණයකැයිපෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට පුද්ගලික ආයතනය රවටා ඇතැයි ඔවුන් කරන ප්‍රකාශය මෙරට බලධාරින් රැවටීමට යොදන ලද උපක්‍රමයක්ද යන්නත් ගැනත් විධිමත් සොයා බැලිමක් කළ යුතු බව කීය.
මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නැයි මධයම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව ද අමාත්‍යයවරයා කීය.
කෙසේ වුවද කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුලුවිය හැකි බැවින් ඒවා වහාම යුක්රේනයට ප්‍රතිඅපනයනය කරන්නැයි ද නිලදාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
COMMENTS
යුක්රේනයට විශේෂ සැලකිලි . කොරොනත් ආවානේ....
මහජනතාවට ලැබී තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවට පැහැදිලි කර ගැනුමට මෙය හොදම අවස්ථාවක් බැවින් කරුණාකර මෙම විනාශකාරී අපද්‍රව්‍ය ගෙන්වන ලද ආයතනයෙ නම මෙන්ම ආයතනය අයිතිකාරයාගේ නම් ගම් ප්‍රසිද්ධ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එමගින් ඉදිරි අනාගතෙදිවත් මෙසේ වුවහොත් අපේ මුසල ආයතන මෙන්ම අපේ මුසල මිනිසුන් හට දැක ගැනුමට හැකි වෙනු යන්න වැටහෙනු ඇත. තවද මෙම වාක්‍ය (මෙරට පුද්ගලික ආයතනය විසින් මෙම කෘෂි අපද්‍රව්‍ය සහිත බහාළුම් මෙරටට හිතාමතාම ගෙන්වන ලද්දේද, නැතහොත් ඔවුන් රැවටීමකට හසුව ඇත්ද යන්න සොයා බැලිය යුතු) මගින් ඇමතියා විසින් මෙම නිවට කාලකන්නි ආයතනයට නීතියෙන් පැනයාමට උපදෙස් වක්‍රාකාරව ලබාදුන්නේද යන්න වැටහෙන්නේ අපට පමනිද? මක්නිසාදයත් ආයතනයක් රැවටීමට තරම් එම ආයතනයේ ඉන්නේ ළදරුවන්ද සටකපට ගල් ආදන්ද යන්න තේරුම් ගැනුමට දිව්‍යලෝක ඥානය අවශ්‍ය නැති බවවත් මේ ඇමති නොදනිම කනගාටුවකි.
රැවටීමක් කර තිබේද කියලා ඇහුවොත් නෑ අපි හිතා මතාම ආනයනය කළා කියයි ද?. මේ අය දැනටමත් ආනයනය කරුවන්ට සාක්ෂි දිය යුතු පිළිවෙළ ප්‍රසිද්ධියේම උගන්වලා තියෙනවා. පොඩි මිනිහෙක් තමන්ගේ පාවිච්චියට විද්යුත් උපාංග වගේ දේවල් ආනයනය කලාම පුළුවන් තරං වද දීලා සල්ලිත් අරගන ලොකු පාඩුවක් කරලා තමයි භාණ්ඩ නිදහස් කරලා දෙන්නේ. එතැනදී රැවටීමකට ලක් කලාද කියලා බලන්නේ නැහැ නේද?
රට බංකොළොත් වුණූ රට වෙලාගෙන මෙයාලා බයිලා කියනවා... අසාර්ථක රටක් කළා මෙ ආණ්ඩුව...
අප ද්‍රව්‍ය වලට කොමිස් කීයක් ලැබුණාද?
පැමිණිලි කරලා වැඩක් නැහැ... මෙ රටෙම ඉන්න හොරු ටික අල්ලලා ඔවුන්ව හිරෙ යැවිය යුතුය. ඔවුන්ගේ වස්තුව ඔක්කොම රාජසන්තක කළ යුතුය. ඔක පිටුපස ඉන්න දේශපාලකයෝ ටිකත් අල්ලගෙන ඒ අයටත් දඩුවම් දිය යුතුය.ඒ අයගේ වියදමින්ම ඔය දහ ජරාව ඔක්කොම එවපු රටටම යැවිය යුතුය. රාජපක්ෂගේ පැමිණිලිවලින් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. රටෙ නීතියට අනුව මෙ ඔක්කොටම දඩුවම් කරන්න.
ලෝක කොත්තමල්ලි නිෂ්පාදනයෙන් සියයට 60ක් වගාකරන්නේ ඉන්දියාව... එහෙව් එකේ මොකට දුරකතර ගෙවාගෙන යුක්රෙන් ගියාද?
බැසිල් සම්මුතියට පැමිණිලි කලොත් මුකුත් කරගන්න බැරි වෙයිද? ජනතා වරමක් නැතුව ඡන්දේ නොඉල්ලාම පාර්ලිමේන්තුවට වඩම්මන්න හදන්නේ ලොකු බලයක් තියෙන හින්දානේ.
මෙ සැලැස්ම කරලා තියෙන්නේ .... බොරු කතාවක් පතුරවලා මුදල් යටිමඩි ගැසීමක්.... මුදල් කරගැනීමට ගියේ? කවුද මෙ අපද්‍රව්‍ය ලංකාවට එව්වෙ?
ඔබතුමා ඇතුලු 69 ලක්ෂයට කන්න එවපු පිදුරු වෙන්න ඇති ඔය....
ඔය මොනවා කරන්නත් කලින් ඔය කුණුවල විකිරණශිලිතාව පරික්ෂා කලාද...? විශේෂයෙන්ම යුක්රේනය කියන්නේ චර්නොබිල් විනාශය සිදුවුන රට. ඒ බලාගාරය විනාශ වුනාට පසුව කාලයක් සතෙක්වත් ඒ හරියේ ගැවසුණේ නැහැ. අවුරුදු ගානකට පසු ඒ පැත්තේ නැවතත් වලසුන් ගැවසෙනවා කියලා 2019 වාර්තාවුනා. සමහර විට ඒ පැතිවල තිබෙන විකිරණ උරාගත්ත ගස්වලින් පිරුන කැලෑ සුද්ධකරලා අපේ පැත්තට එවුවාද දන්නේ නැහැ. එහෙම නැතිනම් මෙහෙ කවුරු හරි එහෙන් කීයක්හරි අරගෙන කොත්තමල්ලි කියලා හොරට ආනයනය කලාද දන්නෙත් නැහැ. ඒ වගේමයි යුක්රේනයේ කාලයක් හැංගිලා අපේ රටත් එක්කහැංගිමුත්තන් කල හොරා දැන් ආයෙත් ලංකාවට ඇවිත්නිසා මිනිහා ඔය ගනුදෙනුව පිටුපස ඉන්නවාද දන්නෙත් නැහැ.
කවුද දන්නේ යුක්රේන් සමාගමෙන් ඉල්ලලා තියෙන්නේ ඕවාමද කියලා..? මොනවාහරි කුණු ගොඩක් එවන්න. අපිට පස්සේ ඔයාලගේ අලාබෙ අඩුකරගෙන ඩොලර්ටික අපේ පිටරට ගිණුමටගෙවලා දාන්න එහෙම කියලා නම්...
මේක ඇමැතිගේ වැඩක්... බොරු බයිලා එපා...
නඩුව බාසල්වලට දුන්නා කියන්නේ නඩුත් නැහැ, බඩුත් නැහැ. ගෙවපු සල්ලිත් නැහැ කියන එකයි. මේවා ඔය දියවන්නාවේ මගෝඩිස්ලාගේ වැඩ...