
(සුජිත් හේවාජුලිගේ)
කොළඔ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණු පූජිත් ජයසුන්දර මහතා මෙරට 34 වැනි පොලිස්පතිවරයාය.
පොලිස් සේවයේ කැපී පෙනුණු චරිතයක්වූ හෙතෙම එම තනතුරට පත් කෙරුණේ 2016 වසරේ අප්‍රේල් මස 20 වැනිදාය. විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහු පුවත් මවන්නකු ලෙසද ප්රකටව සිටියේය.
හෙතෙම 2019 වසරේ පාස්කු ඉරැදින ප්‍රහාරයෙන් පසු වැඩ තහනම් වනතෙක්ම පොලිස්පති තනතුරේ කටයුතු කළේය.
කුරුණෑගලදී උපත ලද ජයසුන්දර මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බෝගමුව මහමුකළංයාය තක්සලා මහා විද්‍යාලයෙනි. එම විදුහලේ පස්වැනි ශ්‍රේණියෙන් පසු ඉබ්බාගමුව මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත්ව අනතුරැව 1969 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය.
පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පූජිත් ජයසුන්දර මහතා වාණිජවේදී දෙවෙනි පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව සිය උපාධිය සම්පූර්ණ කළේය.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස 1985 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට පත්වීමට පෙර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් දිගු කාලයක් කටයුතු කළේය.
ඊට ප්‍රථම ඔහු විවිධ නිලයන් දරමින් දිවයිනේ පළාත් ගණනාවකම සේවය කර ඇති අතර කාලයක් කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කළේය.
දක්ෂ විමර්ශකයකුවූ පූජිත් ජයසුන්දර මහතා කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරවද රාජකාරී කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd