තමා මෙවර ඡන්දයට ඉදිරිපත් වනුයේ කිසිවකු අගමැති කිරීමට නොව හරි දැක්මකින් රට ඉදිරියට ගෙනයන මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ දෑත් ශක්තිමත කිරීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන මහින්ද සමරසිංහ මහතා රූපවාහිනී සාකච්ඡාවකදී අද (25) ප්‍රකාශ කළේය.
නම නොකීවත් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති අපේක්ෂකත්වය ගැන විය යුතු යැයි නිරීක්ෂකයෝ කියති.
මහින්ද රාජපක්ෂ සමයේ විදේශ ප්‍රතිපත්තිය චීනයට බරවීම නිසා නොයෙකුත් ගැටළු හටගෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් කොන්වී යැයිද දැන් ඒ තත්ත්වය නැතැයිද එසේම ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් ගැන වැඩි අවධානයක් යොමු විය යුතු යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා පරදිනවා (නදී)
ඔබ කරන දේ හදවතට එහඟව කරන්න. ඔබේ තිරණය නිවැරදියි කියා මම සිතනවා. නිවැරදි තීරණ ගන්න ශක්තිය ලැබේවා. (නදී)
කට පරිස්සම් කර ගත්තොත් අවාසි වෙන එකක් නැහැ ඔහොම ගියොත් ලැබෙන මනාපේ කැපෙනවා (නදී)
මහින්දට නැවත බලය නොදෙමු (නදී)
එහෙනම් අපේ ඡන්දය ඔබතුමාට ලැබෙන්නේ නැහැ (නි)
කවුද ඔයාට එන්න කිව්වේ. මෙයාලා වාසි පැත්තට හෝයියා. (ස)
ඔය අර කට්ටියගෙන් මෙයත් එක්කෙනෙක් හොදේ. (මල්ෂා, සෝලංග, ජනක, අමරවීර, විජිතමුණි, පියසේන, .............) මිනිසුනේ හොදට මතක තියාගන්න මහින්ද මහතාගේ සාටකේ පිහිටෙන් මන්ත්‍රණ සභාවට එන්න ඉන්න කට්ටිය. (ස)
මේ පාර ඔයාට ඡන්දය නැත ,,,,,,, ඔයා පරාදයි. (ස)
මෙතුමා කලින් යු එන් පි එකේ හිටපු හොඳම පෙත්සම් කරුවා. පස්සේ සන්ධානෙට එකතුවී ඇමති කමක් අරන් ජිනීවා ගියාට කිසිම දෙයක් දිනා ගන්න බැරිවුනා.ආණ්ඩුව කොටි සංවිධානයට එරෙහිව යුද්ද කරන කොට ඒක නවත්වන්න බටහිර රටවල් යු එන් ඕ එකේදී ගත් උත්සහය වැලක්වුවේ චීනය සහ රුසියාවයි.මෙවර ජනතාව සන්ධානය දිනවන්නේ මහින්ද අගමැති කරවීමේ බලා පොරොත්තුවෙන්. (ස)
නැවත බලය මහින්දට දෙමු. (ස)
මෙතුමා හොරකම් නොකරපු අවංක දේශපාලකයෙක් පැත්ත ගියත් ඇත්ත කියන ඔබතුමාට ජයවේවා ! (ස)
අජිත්, ජනක, පුල්ලේ, පෙරේරා. අලගියවන්න, තව ගොඩ ඉන්නවා ඒ අය හොඳ වැදගත් අය. දිනනවා ඒකාන්තයි. වයඹ ඉන්නවා කිහිප දෙනෙක්ම. (ස)
පරණ නායකයා ගාවට යමු නේද? (ස)
ඔබ තුමා බුද්ධිමත් තීරණයක් අරගෙන තිබෙන බව පේනවා.(නදී)
හරි දේ පිළිගන්න. ජාත්‍යන්තරයෙන් කොන් උනේ යුද්දේ අවසන් කරලා රටේ හැමෝගෙම මරණ බය නැතිකළ නිසා. අපි වෙනුවෙන් ඒ එඩිතර තීරණය ගත් නිසා (නදී)
මෙවර ඔබ කළුතරින් දේශපාලන පරාජිතයෙක්........(ස)
අපෝ මෙයාව ගන්න එපා. මෙයාගේ බෑන ගේ සමාගමට දුන් වරප්‍රසාද රැකගෙනද දෑත් ශකිත්මත් කරන්නේ? (ස)
ඔබ තුමාල තමයි මහින්ද මහත්තය කාලම දැම්මේ. කෙලෙහි ගුණ දන්නේ නැත. (ස)
ඔබතුමා මහින්දගේත් දෑත සක්තිමත් කලානේ. ඒකනේ අකුරැස්සේදී වැඩ පෙන්නුවේ.(නදී)
ඇරුණ නිකන් ගොන් කතා කියවන්න එපා. අපි කොන්වෙන්නේ අපේ රටේ නීතියක් නැති නිසයි, චීනෙට කඩේ ගිය නිසයි.(නදී)
කව්ද ඔයාට එන්න කිව්වේ. (ස)
මෙයා හරිම සීතලයා, වැලයන අතට මැස්ස ගහල ලස්සනට කතා ටිකක් කියල තමන්ගේ කාර්ය කරගන්න දක්ෂයා (නදී)
යුද්දය ඉවර උනාට එ්කට හේතු වලට විසඳුම් ලැබුනේ නැහැ. මේ ඉන්නේ රජ කාලේ නෙමෙයිනේ, රජවරු තම යුද්දේ දිනලා සතුටු උනේ, ලෝක යුද්දේ ඉවර උන එක්සත් ජාතින් හදල හේතු හෙව්වා, මහින්දලා අතර මොලේ තියන අය ඉන්නවා (නදී)
ඔබතුමා කලබල වෙන්න එපා. ජනතාව අගමැති පත්කරයි. (නි)
ඔබ තුමා ගත් තීරණය හොඳයි. ලංකාව හැම දිස්ත්‍රික්කයෙන්ම මෛත්‍රී කණ්ඩායම දිනවමු. අපිට කොයි අගමැතිත් එකයි. ඔහු නීතිගරුක අයෙක් විය යුතුයි. (ස)
උගත් මැතිතුමනි, චීනය ජාත්‍යන්තරයට අයිති රටක් නොවෙයිද? (නදී)
ඔබ හරි අරුණ (නදී)
ආ... මට අමතක උනා තව ඉන්නවා (අනුරපුරේ දුමින්ද) ඔය හාදයෝ ටික දැන් බලන් ඉන්නේ මහින්ද මහත්තයාගේ පිහිටෙන් ඡන්දේ දිනන්න. දින්නොතින් බලන්නකෝ මේ කට්ටියම අනිත් පැත්තට යන්නේ නැද්ද කියල. (ස)
මහින්ද මහත්තයට විරුද්දව කතා කරොත් යු.එන්.පී අයට එයා හොඳයි. එතුමාට පක්ෂ නම් එයා නරකයි. මෙහෙමත් ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. (නදී)
ඕං වැඩ (නදී)
ඡන්දය පාවිච්චි කරන්නේ අපිනේ (නි)
අපි දුප්පත් රටක් සහ නිකන් කන්ඩ දෙනවා නම් බොන්ඩ දෙනවා නම් වෙන මොනවාද ඕන කියන කට්ටියට මේවා තේරුම් ගන්න මොලයක් නැහැ. අපේ රට ඉදිරියට යන්ට ඕන නම් අපේ ප්‍රධාන වැවිලි, කුළු බඩු සහ අනෙකුත් නිෂ්පාදන භාණ්ඩ විදේශ වෙළඳ පලකට විකුණා ගන්ට ඕන නම් අපි ජාත්‍යන්තරය සමග බොහොම සුහදව අනිවාර්යයෙන්ම නොබැඳි පිළිවෙතක් අනුගමනය කලයුතු වෙනවා. නොබැඳි පිළිවෙත කියන්නේ අපේ ස්වෛරීභාවයට ඇඟිලි ගහන්ට ඉඩ දෙනවා කියන එක හෝ ඒගොල්ලන් ගහන ගහන පදේට නටන එකත් නෙමෙයි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කොයි රටකටවත් ගැති නොවී මධ්‍යස්තව අපි රටවල් සමග පිළිගත් ක්‍රමවේදයට ගනු දෙනු කලයුතු ආකාරයට, කටයුතු කලොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව, අපේ සමහරක් දේශපාලන පක්ෂ තමාගේ වේදිකාවල මෝඩයින්ව සනසන්න කියන දේවල්, ඇත්තටම ජාත්‍යන්තරය සමග ක්‍රියාත්මක කරන්ට ගියානම් ඉතින් අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (නදී)
අරයව මෙයාව රජ කරන්න කලින් ජනතාවගේ ඡන්දය තමන්ට ලැබෙයිද කියලා හොයලා බලන්න. (නි)
ඔබ තුමා හරි, මෛත්‍රී මහත්තයා මේ රට හදාවි. මැරකම් ජඩ කම් නැති වේවි. (නදී)
දිනන පෙත්තට මුක්කු ගහන එක වැඩිය හොදයි කියල හිතන්න ඇති.(නදී)
අපේ නැන්දා ඉස්සර මෙයාට පැල් බැඳගෙන වැඩ කරේ ඒගොල්ලන් අගලවත්තේ තද යුඑන්පී පාක්ෂිකයන් නිසා. අන්තිමට මෙයා එයාලාව ඇත හැරලා සන්ධානෙට ගිහින් ඇමතිකම් ගත්තා. ඒ ගමන නැන්දා ඇතුළු අනික් අය එයාලා දන්නා මෙයාගේ සෙල්ලම් කිය කියා පතුරු ගැහුවා. ඊට පස්සේ මෙයා ජනවාරි 8 පසුව මාරුව දාලා ආයිමත් රනිල් මහතාගෙන් ඇමතිකමක් ගත්තා. මෙයාලා ග්‍රහයෝ මාරු වෙනවා වගේ පනිනවා. අවුරුදු 35ක් විතර අගලවත්තේ යුඑන්පි එකට වැඩකරපු අපේ නැන්දලාට හුලං.(නදී)
ඕන කෙනෙක් අවසාන කාලේ තමා නිවැරදි දේ තේරුම් ගන්නේ (නදී)
මේ කවුරුවත් අපිට ආදරේට දේශපාලනේට එන්නේ නෑ අපි හැමෝම ඒක තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. රාජපක්ෂ පාලනය විතරක් නෙමේ මෛත්‍රී පාලනයත් දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා. දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න එක කෝකටත් හොදයි.(නදී)
හරි දේ නෙවෙයි බොහෝ අය තේරුම් අරගෙන තියෙන්නේ. (නදී)
කොයි රටකටත් නැතිව නපුංසකව හිටියා නම් අද එක ලංකාවක් නොවෙයි රටවල් තුනක්. අපිට දුවන්න ගහනකොට සල්ලිවලටවත් තුවක්කු, ගුවන් යානයක්, පතොරම් නොවෙයි අඩුම ගානේ පණිවුඩ හුවමාරු රේඩියෝ අපේ රටට විකුනන්න එපා කියල ලොකු ලොකු රටවල් සහ අසල්වැසි රටවල් අනික් රටවලට බලපෑම් කරලා තිබුනේ. ලෝක දේශපාලනේ ගැන මොන මගුලක්වත් නොදන්නා අය කියනවා නොබැදි පිළිවෙතක් ගැන. අනික මෙයා නොකියා කියන්නේ මහින්දට නැතිව අනිත් අය පත්කරන්න කියලා. තමන්ට තනතුරක් ලැබෙන නිසා. හරියට අර "අපිට මොකද අපි හොද සිල් උපාසක, ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට" කියුව වගේ වහෙන් ඔරෝ භාෂාවෙන්. (නදී)
කල දුටු කල වල ඉහගන්නා මෙවැනි දේශපාළුවන් සදහටම දේශපාලනයෙන් අතුගා දැමීමට අපි ජ.වී.පෙ සමග එකතුවෙමු. ජ.වී.පෙ ට වැඩි මන්ත්‍රී දුර ගණනක් ලබා ගැනීමට අවස්ථාව සලසමු. ඔබත් ජ.වී පෙට ඡන්දෙ දෙන්න. රට සැබෑ වෙනසක් කරන්න,රට හදන්න උගතුන්ට රට බාරදෙන්න. (නදී)
ඹබ බුද්ධිමත්ව කටයුතු කිරිම අගයකරනවා (නදී)
ඔබ තුමා බුද්ධිමත් තීරණයක් අරගෙන තිබෙන බව පේනවා. අනෙක් අයටත් තම බුද්දිය මෙහෙයවා තීන්දු තීරණ ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. (නදී)
මේ කට්ටිය එන්නේ කාවවත් අගමැති කරන්න නෙවෙයි තමන්ට ඇමතිකම් ගන්න. දැන් රහ වැටිලා ඉවරයි. හැමදාම ඉහගෙන කන්නයි බලන්නේ.(නදී)
අරූෂා ඔයා ඔය කරලා තියෙන්නෙත් එ්කම නේද? (නදී)
මානව හිමිකම් කඩන රටවල් අාරක්ෂා කරන්න චීනය ඉදිරිපත් වෙනවා. චීනෙන් එ් රටවලට ණය දෙනවා. දැන් උතුරු කොරියාවටත් ඉතිරිවෙලා ඉන්නෙ චීනෙ විතරයි. උතුරු කොරියාවෙ මිනිස්සුන්ගෙ දුකට වගකියන්න ඔින චීනය. එ්ක තමා අපිටත් වෙන්න ගියේ.(නදී)
මෙයා ඇමතිකමක් නැතුව ජීවත් වෙන්න බැරි කෙනෙක්. මෙයාට ඕනා ඊළඟට එන ආණ්ඩුවෙනුත් ඇමති කමක්. ඒකටයි මේ දැන්ම ඉඳන් පිටපොට ගහන්නේ. (නදී)
මම කළුතර දිස්ත්‍රික්කයේ කෙනෙක්. මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට කියමින් මහින්ද සමරසිංහ එජාපය අතහැර ශ්‍රීලනිපයට ආවේ එජාපය නැවත කවදා බලයට එනු ඇත්ද යනුවෙන් අවිනිශ්චිත බවක් තිබුන කාලෙක. ඔහුට අවශ්‍ය වී තිබුන එකම දේ ඇමතිකමක ඇති වරප්‍රසාද භුක්ති විඳීම පමණයි. ඒ හැර රටට වත් කළුතරට වත් ඔහු කර ඇති සේවයක් නැත. රාජපක්ෂ රජයේ ඇමැතිකමට අමතරව ජනාධිපතිගේ මානව හිමිකම් විශේෂ කොමසාරිස් නම් නමට පමණක් සීමා වූ තනතුරක් දරමින් වසරකට කීප වරක් ජිනීවා සංචාරය කරමින් එහි ඇති මිල වැඩිම හෝටලයේ නැවතී රජයේ මුදලින් සැප විඳීම පමණයි ඔහු කලේ. දැන් එජාප රජයක් එන බව පෙනෙන නිසාත් පක්ෂයට ද්‍රෝහිවූ ඔහුට රනිල්ගෙන් ඇමතිකමක් නොලැබෙන බවත් දන්නා නිසා එජාපය ශේප් කර ගන්නයි ඔහු මේ කතා කියන්නේ. කවුරුවත් අගමැති කරන්න මම එන්නෑ යනුවෙන් මහින්ද සමරසිංහ කියන්නේ ඇත්ත. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව කවුරුවත් අගමැති කරන්න නෙවෙයි, තමන් ඇමති කෙනෙක් වෙන්න. ඔහුට ඇමති කෙනෙක් වීම තබා ඊළඟ පාර්ලිමේන්තුවට යාමට වත් කළුතර බුද්ධිමත් ඡන්දදයකයන් ඉඩ නොතබනු ඇත. (නදී)
අනේ ඡන්දේ දෙන්න නම් එපෝ (නදී)
නොකියා කියන්නේ මොකටද මහත්තයෝ? ඔන්න ඕක කෙළින්ම කියන්නකෝ (නි)
ඔබට ඇමතිකමක් දෙන්න විදිහක් නැහැ. පරණ යු.ඇන්.පී අය ඉන්නවා (නදී)
නිෂාර්ඩ් ප්‍රීනා හරියට හරි, අපේ රටේ නයට අරන් නිකන් කන්න දෙන එක නොවෙයි අවශ්‍ය. කුළුබඩු වැවිලි ආදී රටේ සංවර්දනය තුලින් අප ජය ගත යුතුයි. විදේස බලපෑම් වලට යටත් නොවී ස්ථාවර යක සිට කටයුතු කල යුතුයි. එවිට හෙටක් ගැන සිතන්න හැකිය. නැතිනම් අනාගත දරුවන්ට තැනක් රටක් නැත. (නදී)
දැන් මෙයාට මොළේ පෑදිලා. මහින්ද චින කොලනියක් කරන්න හැදුවේ ලංකාවම. පෝට්සිටි කියලා එකක් අටවලා අපේ පරිසරය සම්පුර්ණයෙන්ම විනාශ කරලා සුරංගනා ලෝක හදන්නයි හැදුවේ. මේකේ අදහස් දාන සමහර මෝඩයන්ට ඉතිහාසය මතක නැහැ. (නි)
අපිත් කළුතර තමයි මහත්තයෝ.ඒත් ඔබට මෙදා පාර අපේ සන්ධාන හෝ ශ්‍රී ලංකා ඡන්ද නම් ලැබෙන්නේ නැහැ. (නි)
බටහිරට බර උනා නම් ප්‍රභාකරන් අදත් සුවෙන් නේද ? (නදී)
මෙයා බුද්ධිමතෙක් විතරක් නෙවේ මධ්‍යස්ථ පුද්ගලයෙක්. මහින්ද ළඟ බුද්දීමතුන්ට තැනක් ලැබෙන්නේ නෑ ජෝනියන්ට මාල හොරුන්ට නම් රජ සැප. මෙදා කළුතරත් පරාදයි. ජනතා විනික්ති පෙරමුණ ට වැඩි ආසන ගණනක් අරන් දෙමු. එවිට හොර මැරකම් අඩුවේවි.(නදී)
අරුණගේ කතාව හරි හිරු, අපි චීනෙට ලං වුනේ අපිට යුද්දේ ඉවර කරන්න දුන් සහයෝගය නිසයි. ඇමරිකාව අනිත් රටවල මානව හිමිකම් කඩද්ද්දී චීනය රුසියාව තමයි අසාධාරණය වුන පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ. ඇමරිකාව මානව හිමිකම් උගුලට අපිව කොටු කලේ ත්‍රස්තවාදය නැති කරපු නිසා. ප්‍රභාකරන්ව මරපු නිසයි. ඇත්ත කතා කරන්න හිතට වහල් නොවී. (නදී)
සංජු, මේ පාර ඔයාලගේ නැන්දලා ජේ වී පි එකට නේද? (නි)
ඔබ තුමා හරි. (නදී)
බලන්න මෙදා මැතිවරණ දුෂණ අඩුයි. මහින්ද හිටියා නම් අරලිය ගහ දන්සල, විවිද බඩු බෙදීම්, රංඩු සරුවල්, මෛත්‍රී, රනිල් යටතේ ඒ මොකුත් නැහැ. රටම සාම කාමීයි. අපිට ඕනා මහින්ද සමරසිංහගේ වගේ උගතුන් වැදගත් උදවිය පාර්ලිමේන්තුවට එවිමටයි (නදී)
බලතල අනුව ජනාධිපතිගේ දෑත් ශක්තිමත්. අමුතුවෙන් කව්රුවත් අවශ්‍ය වෙන්නේ නෑ. ඔබ තුමාගේ දෑත් සාක්කුව ශක්තිමත් වෙනවා ඇමති කමක් ලැබුනොතින්. ඒකටත් දිනන්න එපායැ (නදී)
මෙයා ජේ.ආර් ගේ කාලේ බිහිකරපු ජාත්‍යන්තරය පිලිබඳ දැනීමක් ඇති අයෙකි. (නදී)
හරි දැක්මක් කවදා උනත් වටිනවා. ඇමතිතුමනි ඔබේ අදහස් ඒ.ජ.නි.ස අනෙක් නායකයන්ටත් ඒත්තු ගන්වන්න. වඩා වැදගත් පක්ෂය හෝ පුද්ගලයන් නොවේ රට බව තේරුම් ගන්න එ්ක අද දවසේ අවශ්‍යතාවයි (නදී)
පොදු පෙරමුණේ පාක්ෂිකයෝ දැනගන්න ඕනෑ මේ පාර නිවැරදි කට්ටිය තෝරාගන්න (නි)
කාට හරි කියන්න පුළුවන් නම් මෙයා කරපු එක දෙයක්? අඩු ගානේ බල්ලෙකුට ආප්පයක් අර ගෙන දීල තියෙන වැඩක්? කවුරු හරි කිව්වොත් හොඳයි (නදී)
කාටහරි කියන්න පුළුවන්ද මෙයා කරපු එක දෙයක්? (නි)
19 වන සංසෝධනයට ජවිපේ ගෙනාව පකෂය මාරු කලවිට මන්තී කම අහෝසිවන යෝජනාවට ඵජාප, සංධානය විරුද්ධ උනේ ඕකට තමයි. මන්තීවරු කොහොමත් දිනුම්. ජනතාව හැමදාම පාරාදයි. මොවුගෙන් රට බේරාගැනීම සදහා ජවිපෙ සමග ඵක්වෙමු. (ස)
පාට කන්නාඩි ගලවල චමත් - ඉතාලි අදහස බලන්න, එ් මහත්තය හරි, මොන රටක් හරි අැමරිකාවට අභියෝග කරන රටක් එක්ක කිට්ටු වෙනවා නම් කොහොමහරි එ්ගොල්ලන්ව දණගස්සන්න තමයි බලන්නේ, එ්ක තමයි අැමරිකාවේ ප්‍රතිපත්තිය, එයාලට කඩේ යන්න තමයි නෝර්වේ, ඩෙන්මාර්ක් වගේ රටවල් ඉන්නේ, එයාලගේ ලස්සන වෙස්මුණ තමයි මානව හිමිකම්. (ස)
ඔය සංජු සහ එයාගේ නැන්දාව මමත් දන්නවා. මම දන්නා විදිහට නැන්දා නම් පුද්ගලික වාසි බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් පාරම්පරිකව ගෙනා දේශපාලන අදහස් නිසා බලාපොරොත්තු වුණා මෙයා වෙනුවෙන් ඡන්දය දාපු අයගේ බලාපොරොත්තු මත වැඩ කරාවිය කියලා. අනික මෙහෙම අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක්ටයි ඒ අය උදවු කරේ කියලා හිතුවේ නැහැ. ඒ කට්ටිය තාමත් යුඑන්පී ඒත් මේ මහින්දට නම් දෙන එකක් නැහැ. හැබැයි සංජු කියන්නේ නම් ලෝකේ කාල වතුර බීපු කෙනෙක්. එයා නම් කාගෙන් හරි මොනවා හරි ගන්න තමයි බලන්නේ.(නදී)
ඔබ තුමාලා තමයි මහින්ද මහත්තයව කෑවේ (නදී)
මෙයා හැමතිස්සේම ජිනීවා ගියා. කරපු මගුලක් නැත. නිකම් චීනය ගැන කියවනවා. චීනය තමා අපට පිහිට වුයේ බටහිර අපව කොන් කරන විට.(ස)
හම්බවෙන්න තිබුණ ඡන්ද ටිකත් නැතිකරගත්තා ඔබතුමා. (නි)
මෙතුමා කියනවා වගේ කාටවත් අගමැති කමක් අරන්දෙන්න යන අය නෙමේ අපි පාර්ලිමේන්තු යවන්න ඕන. අපි වෙනුවෙන් නීති මුදල් පාලනය කරන්න දැනුම ඇති පිරිසක් මිසක් කාටවත් කඩේ යන්න නුගත් හොරුන්ව පාර්ලිමේන්තුවට යවක රැලක් කොයි පක්ෂයකින්වත් නොයවන්න ජනතාව තීරණය කලොත් අපේ රටත් ලොව බැබලේවී. (ස)
ඕන් ඉතින් ගෙදර යන්න පාර කපා ගත්තා. (ස)
මහින්ද කියන්නේ අපිට නම් සියවසේ වීරයා. (නි)
අපේ අය ජාත්‍යන්තරය දකින්නේ වෙන රටවලින්. ඇමෙරිකාවට ගැති උන හැම රටක්ම අාගාදයට ගියා. හුරං කෑවා. එ්ත් ච්නය එහෙම කරලා නෑ. අනෙක ආසියාවේ බලය තහඋරු කරන්න ඇමරිකාවට නොදිය යුතුය. එතකොට චීනයට සහය දිය යුතුය (නදී)
දැන් ලංකාවට යහපාලනය ඇවිත් තියෙනවා. බලන්න පාර පුර පෝස්ටර් නෑ, කටුවුට් නෑ. ස්ටේජ් ගිනි තියන්නේ නෑ. පෙළපාලි නෑ , දේශපාලන ගැටුම් අඩුයි , දේසපාලන ගාතන නෑ , දන්සල් නෑ. බයියනේ ඇස් ඇරපියව්. (නදී)
ප්‍රතිපත්තියක් නැති, රටට මොනවා උනත් තමාගේ ඇමති කම ගැන විතරක් හිතන මිනිසුන්ට කව්රු අගමැති උනත් කමක් නැහැ. එ්ක තමයි මෙයා කියන්නේ. (නදී)
අන්ත සරණ දුප්පත් මිනිස්සු මහින්ද රාජපක්ෂව පරාද කළා. එ්ත් මේ ඔලුව තියෙනවා කියන අය තාම කඩේ යනවා කරපු ජරා වැඩ පගා ගැහිලි මිනි මැරුම් දැන දැන තවත් හොඳ කියනවා අනේ මන්දා (නදී)
මේයාට එහෙම කරන්න බලයක් කොහෙද තියෙන්නේ .(ම)
සංජු, ඒ කියන්නේ ඔයාලගේ නැන්දා වැඩ කළා කියන්නේ මොකක්ද? මම හිතාගෙන උන්නේ, ඡන්දෙ දාලා ගෙදර යන එක විතරයි කියලා. නැන්දට හුලන් කියන්නේ, නැන්දා යමක්, උදව්වක් බලාපොරොත්තුව සිටි බවයි.(නදී)
මතක තියාගන්න. 2005 දි මහින‍්දට ඡන‍්දයක‍් දෙන්න බැරුව අත‍් දෙකට හෙන ගහල හිටපු පරයොත‍් හිටියා. එතකොට වෙන හේතු තිබුනා නිදහසට. ජාතිය ගැන කැක්කුමක‍් නැති අය දැන‍් රටෙන‍් බාගයක‍් දෙන්න සැදී පැහැදී ඉන්නවා (නදී)