
(අංජුල මහික වීරරත්න)
කවුරු තරහ වුනත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල ජන රැළියේදී පැවසීය.
මන්නාරමේ හදන සුළං විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26ට හෙවත් රුපියල් 25කට මිලදී ගැනීමට රනිල්ගේ ආණ්ඩුව එකඟ වී සිටි බව කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජය පැමිණ විදුලි ඒකකයක් ඩොලර් සත 4.58ට හෙවත් රුපියල් 13 කට මිලදී ගන්නා ගිවිසුම අත්සන් කළ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'ජය නියතයි - ගම අපිටයි' පළාත් පාලන මැතිවරණ රැලි මාලාවේ මොනරාගල දිස්ත්‍රික් ජන රැලිය අමතමිනි. මෙම ජනරැළිය බුත්තල නගරයේදී පැවැත්විණි.
"රුපියල් දහතුනට විදුලිය ගන්න පුළුවන්කම තියෙද්දි විසිපහට ගන්න ඕනද?ඒක නතර කරන එක බරපතල අපරාධයක් කියා හිටපු ජනාධිපතිතුමා පවසා තිබුණා.ඒක කරන එක තමයි අපරාධය.අපි කියන්නේ 13 ට ගන්න පුළුවන්කම තියෙද්දි 25ට ගන්නේ නෑ.ඉස්සර මොකද කරන්නේ. 13 ට හදන්න පුළුවන්කම තියෙද්දි 25ට ගන්නවා.ඉතුරු දොළහ ඒගොල්ලෝ අතර බෙදෙනවා.
අපි හැම ව්‍යාපෘතියක් ගැනම කල්පනා කරන්නේ රට සහ ජනතාව පැත්තෙන්.මෙතෙක් හිටපු ආණ්ඩු ව්‍යාපෘති ගැන කල්පනා කළේ තමන්ට කීයක් ලැබෙනවද කියලයි" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
තඹුත්තේගම පච
අපෝ රුපියල් 25ට ගන්න එපා. රුපියල් 101ට ඩීසල් බලාගාර වලින් අරන් දෙන්න. ඒ කාලේ වර්ජන කරපු කොමිස් කාක්කොනෙ දැන් පත් කරගෙන ඉන්නෙ. 25ට වඩා 101 කොච්චර ලාභද?
අනෙත් ආණ්ඩු තියෙනකන්, බලාගාරයක් හදන්න දුන්නෙ නෑ, කකුලෙන් ඇද්දා. බලේට ආවමත් හිනාවෙවී පච කියවනවා. සූර්ය පැනල වලටත් කෙලලා තවත් කියවනවා. කිසිම සැලසුමක් නැති පට්ටම මෝඩ හැතිකරයක්. විදුලිබල මන්ඩලේ උන් පාලකයන්ව නටවනවා.
නියමයි ජනාතිපති තුමා. ඔබතුමා ඩඩ්ලිව බය කරලා අපට අඩු මිලට හාල් අරන් දුන්නා. වදුරෝ, රිලව් එලවල පොල් මිල අඩු කළා, කන්චනට බම්බු ගහ ගන්න කියලා මිනිහට ගිය කොමිස් මුදල අයින් කරලා පෙට්‍රල් අඩු කළා. ඒ වගේම අදානිට යට නොවී අපව බෙර ගන්නත් ඔබට පුළුවන්. ඔබ වැනි ලොක්කෙක් ලද අපි වාසනාවන්!
අනේ රනිල් මහත්තයෝ ඔයාට අනුර දිසානායක ජනාධිපති තුමා සමග දේශපාලනය කරන්න දැන්නමි හොඩක් අමාරුයි. මොකද රටේ ජනතාව හොදටම දන්නව ඔයා කව්ද කියල...
එක හාල් ඇටයක් ආනයනය කරන්නෙ නෑ. හැබයි බදු ගහනවා.
සිල්වා, අමාරු තමයි, බදු, ඒත් බදු නැතිව රටක් යන්න බැහැ... හැබැයි ඇම්බියුලන්ස් අරගෙන පාරේ යන දේශපාලුවෝ නඩත්තු කරන්නත්, වයස අනූව පැනපු අය සමග උපදේශකයින් සීයක් බලාගන්න ඔබගේ බදු මුදල් වැය නොවන බව සිතට ගන්න.
මැක්ස්ටත් වැඩිමිලට විදුලියෙන් කොමිස් ලැබෙනවාද මේ කියන සත්‍යවත් පිළිගන්න බැරි...!
ලොක්කා ඩීසල් මාෆියාවට හොඳටම යටවෙලා වගේ. පුළුවන් නම් අදානිගේ සුළං බලාගාරයට නැවත ටෙන්ඩර් කැඳවා ඔයිට වඩා අඩුවට විදුලිය ගන්න. එතකොට ජනතාව පිළිගනියි... චීත්ත කයියෙක් නෙමෙයි කියලා...
ඔව් නේන්නං, අදානිගෙන් එපා පෞද්ගලික බලාගාර වලින් හා
මේවා පට්ට බේගල්! චන්දේ කාලේ ඔය වගේ කතා වටෙන්ම ඇහෙනවා!"
මළගෙදරට නිදිමරන්න යන්න නම් කියාපු බඩුව. පච, කයිවාරු දවසෙම හරි දොඩවයි!"
නීල් ඔයාට නම් ලියන තැන වැරදිලා
වැඩි මිලට ගන්නේ නෑ,ඒත් වැඩි මිලට විකුණනනවා,ඒකත් කියන්න.
ගව සම්පත තවත් ටිකක් ඉතුරුවෙලා ඉන්නවා.
අදහස නම් ඉතා හොඳය නමුත් අධානි ගිවිසුමෙන් ඉවත් වෙලා දැන් මාස 2 විතර වුණා නමුත් තමුන්ගේ ආණ්ඩුව අද වෙනතුරුත් ප්‍රසිද්ඡා ටෙන්ඩර් කැඳවීමක් කරන්න කටයුතු කරලා නැහැ , කරුණාකර ඔවා දේශපාලන රැස්වීම් වල කියව කියව ඉන්නේ නැතිව ටෙන්ඩර් කැඳවන්න , නිකරුනේ අපතේ යන සුර්ය බලයෙන් වැඩක් ගන්න , කනිජ තෙල් වලට යන සල්ලි ඉතුරු කරගන්න කටයුතු කරන්න , , සුර්ය විදුලි බලේ ආයෝජනය කරන්න කැමති දේශීය සහ විදේශීය සුළු , මධ්‍යම සහ මහාපරිමාණ ආයෝජකයෝ ඕනේ තරම් ඉන්නවා ,