තවත් මාස දෙකකින් රටේ ලොකුම ආරක්ෂක හමුදාවක අධිපතිකම මාරැවෙනවලු. ඒ ගැන ආණ්ඩුවෙ ඉහළම තැන්වල රහස් කතා සිද්ධ වෙද්දි එළියේ පුටු හටන් වේදිකා නාට්‍යය පටන් අරන් කියලා තතුදත් අය කියනවා. හමුදාවක අධිපති ධූරයට කෙනෙක් ගේන්න යන හැම වෙලාවෙම ඒක උන්නැහේල ඉගෙන ගත්ත ඉස්කෝල අතර සටනක් බවට පත්වෙන්නෙ ඉබේමයි. ඉතින් ඒ සංගදිය මේ පාරත් වේගෙනලු යන්නෙ. රාජකීය, නාලන්දා, මලියදේව නම් ඒ ගැන කියැවෙන්න පටන් අරන්...
සාමාන්‍ය ක්‍රමේ හැටියට සිද්ධවෙන්නෙ පළමුවැනියා යනකොට දෙවැනියා එන එකයි ඒත් මේ පාර ඒක එහෙමම වෙන්නෙ නැහැ කියලත් කියනවා නීතිපති එකේ පොලිසීයෙ සිද්ධ වුණා වගේ පහළ කෙනෙකුටලු වාසනාව උදාවෙන්න යනවලු. උන්නැහේගෙ නම සිද්ධාර්ථ කුමාරයාගෙ කාලෙ ඉඳලම කියැවෙන අපි අහල තියන නමක්ලු. ඊට වැඩියනම් ඔය ගැන දැන්ම මුකුත් කියන්න බැහැ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.