IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කෝවිඩ් නියුමෝනියාවෙන් වූ මරණ 1566 දක්වා ඉහළ යයි

 

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ මැයි 17 සිට ජූනි 1 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.

කාන්තාවන් 19ක් සහ පිරිමි අය 20 දෙනෙක් මිය ගිය අය අතර වෙති.

මින් එක් අයකු නිවසේදී මියගොස් ඇති අතර සිව් දෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත. මොරටුව, මුවන්දෙණිය, මාතලේ, බොරැල්ල, බදුල්ල, යාපනය, වහමල්ගොල්ලෑව, ත්‍රිකුණාමලය, ගම්පොල, කොත්මලේ, වවුනියාව, කැලණිය, වත්තේගම, බඩල්කුඹුර, ඇල්පිටිය, දොම්පෙ, කාත්තන්කුඩි, වැල්ලම්පිටිය, වත්තල, හොරණ, බණ්ඩාරගම, මස්කෙලිය, හැටන්, වටවල, නාවලපිටිය, හපුගස්තලාව, කුරුණෑගල, ගෙලිඔය, බොගවන්තලාව සහ මැදවච්චිය යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

 



අදහස් (0)

කෝවිඩ් නියුමෝනියාවෙන් වූ මරණ 1566 දක්වා ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 889 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site