
(ටී.කේ.ජී.කපිල )
වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අද(29 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
වීසා නොමැතිව , කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ රැකියා වල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිර ගෙවල් සහ රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තබා සිටීමෙන් පසුව , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබූණි .
මෙම පිරිස කුවේට් රාජ්‍යයේ සිට සාජා නුවර වෙත රැගෙන විත් , එතැන් සිට අද අලුයම 04.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 - 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින් , ඔවුන්ට සිය ගම් - බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු රට ගියේ ආතල් ගන්න නෙමෙයි; ජීවත් වෙන්නයි, පවුල්වල උදවියට ජීවත් වෙන්න ලංකාවට ඩොලර් එවන්නයි. වීසා නැතිවත් සුළු-සුළු රැකියාවන් කළේ ජීවත් වෙන්න මිසක් හොරකමකට නෙමෙයිනෙ. එහෙම එකේ, මාද්‍ය පුවතක් හැටියට මෙය පළකළත්, පින්තුර නොදා ඉන්න තිබුණා. මහලොකුවට "රටවිරුවෝ " කියලා නමට පාරම් බෑවට වැඩක් නෑ...මෙවැනි අසරණ මිනිසුන්ගේ පිංතුරත් සමග විස්තර දාන්න මැලි නොවන මාද්‍ය, හොර-තක්කඩි දේශපාලුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පැහැදිලි විස්තර හෝ පින්තූර දාන්න මැලිවෙන්නේ ඇයි???
කිසිඳු විමර්ශනයකින් තොරව මහජන මුදලින් ඔවුන් පිටත් කර හරියේ කෙසේද ?
මැදපෙරදිග නම් යා යුත්තේම නිවැරැදි මාර්ග ඔස්සේ පමණි. එවිට ඔවුන්ට රැකියාව, රක්ෂණය ඇතුළු පහසුකම් ලැබේ. ප්‍රශ්න ඇතිකරගෙන වැඩ කරන ස්ථානයෙන් පැන ඔවුන් කරන්නේ නරක රැකියා විය හැකිය. නීති තදින්ම ක්‍රියාත්මක වනබැවින් මෙවැනි රටවල අනවසරයෙන් රැඳී නොසිට වහාම තම මව්බිම වෙත පැමිණිමයි සුදුසු...!