( කේ.ජි සුදර්ශනි සිල්වා මහත්මිය ) - කුවේට් එන අයගෙ ජිවිතේ ගැටෙන අභියෝග ඔබ දන්නවාද?
කෙනෙක් රට යනවා කියන්නේ තමන්ගේ අඩු පාඩු සියල්ලකටම විසදුමක් බව හිතන බොහෝ අයගේ ජිව්තේ ළග ඉතිරෙන්න ගන්නේ කදුළු කැට පමණි. ජිව්තේ ජය ගන්න හදන මේ යුවතියන් රැ අලූයම තෙක් නිදි මරාගෙන වැඩ අවසන් කළත් ගෙහිමියන් සතුටු වන්නේ නැත.
අන්ත දුක් ගැහැට විඳගෙන ගුට් බැට කා ගෙන ඉවසිය නොහැකි අවස්ථාවේ ගෙදරින් පැන යයි. මොළේ ඇති අය එම්බසියට යති. මොළේ නැති අය පිටින් හිතවතුන් හදුනාගෙන ඒ අයත් සමග අයුතු සබදතා ඇති කරගෙන ආදරේ සුන්දරත්වය සොයා යති.
විසා නොමැතිව මේරට එවන් යුවතියෝ විශාල සංඛ්‍යාවක් ජිවත් වෙති. තමන්ගේ අතින් විසා ගහගෙන මුදල් සොයන්නට වේහෙසෙන බොහෝ දෙනකුට අද අත් වි ඇත්තේ මෙවැනි ඉරනමකි.
හැදුනුම්පත තමන්ගේ ජිවිතේ වැනිය. එය අතේ තියාගෙන යනවා කියන්නේ ජිවිතේ අතේ තියාගෙන යනවා වගේය.
දැන් එය අතේ තිබුනත් මෙම රටේ ගනන් නොගනියි.
මිට මාස කිහිපයකට උඩදි පිට වැඩ කරන සියල්ලන් දුටු තැන සිර භාරයට ගෙන ලංකාවට යවයි. අවුරැද්දකට ඩිනර් 300ක් රැපියල් 140000 පමණ මුදලක් කුවේටි බාබා හො මාමා විසා එක විකුණයි. සමහරැ අවුරැද්දක් යන්නට මත්තෙන් මාසෙන් දෙකෙන් විසා කපා නැවතත් වෙනත් කෙනෙකුට එලෙසම විකුණයි.
බලාගෙන ගියාම සාගරේ වගේ ධනවතුන් අතරේත් අහිංසක දුප්පත් මිනිසුන්ගේ ඩිනාර් සුරගෙන කන සොරැන්ගෙන් පිරි ඇත. පාරට බැහැලා ගෙට ගොඩ වෙන තුරු පන බයේ හිඳීන්නට සිදුව ඇත. ගෙවල් පරික්ෂා කරන්න එන ආරංචිය පැතිර යද්දි රැට නින්දක් නොමැතිව ඇහැරිගෙන බියෙන් සිටින්නට සිදුව ඇත. එල් ටි ටි කාරයොන්ට බයේ හැංගුණු යුගය මෙන් බිහිසුණු හැඟීමකින් හිත කැළඹෙයි.
රටේ ජනතාව වැඩිනම් කුමකටද තව අයට විසා දෙන්නේ. විසා දෙන නිසා නොවේද විසා මිල දි ගන්නේ. මේ සියලු අභියෝග මැද , මැද පෙර දිග සේවයේ නියැලේන මිනිසුන්ගේන් ලැබේන ඉසුරැ වලින් රටට මහත් මේහෙවරක් ඉටු කරන මේ ජිව්ත ගැන මිට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වැඩ කරන්නේ කුවේට් වල. ලංකාවේ කාන්තාවන් ගොඩක් මෙහෙට එනවා . ඒ අය එන්නේ අසරණ කමට නමුත් මෙහෙ බිත්ති 4 කට මැදි වෙච්චි ඒ අය මොන තරම් දුකක් විදිනවද. රජය මැදිහත් වෙලා මේවා වලක්වන්න වැඩ පිළිවෙලක් ගන්න ඕනේ. කාන්තාව මැද පෙරදිගට යවන්න එපා..(නදී)
කවුරු කොහොම කිවුවත් ඉඳහිට හරි ඔය රටකට ගිහින් ඇවිත් ගෙයක් දොරක් හදාගත්ත කෙනෙක්ව දැක්කම , ගෙදර දරුවන්ගේ බඩගින්න දරාගන්න බැරි උනාම බොහොම අම්මලා ජිවිතේ ගියත් දරුවන්ට යමක් කරන්න පුළුවන් කියලා හිතලා යනවා. අනික ගිහින් එන අය මආ පාන්නෙත් සුරපුරක් කියලා ඉතින් අහිංසක මෝඩ මිනිස්සු රැවටෙනවා. මේවා නතර කරන්න නම් රජයෙන් මිට වඩා සාර්ථක පිලියමක් හොයන්න ඕනේ. (ස)
මැදපෙරදිග රටවල ඉන්න වැඩි දෙනා කාන්තාරේ ඔටුවෝ වගේ හිත උදුම්මාගත් පැලැන්තියක්. ඔය අතරේ යහපත් මිනිසුන් නැත්තේම නොවේ.දුබලයා සල්ලිවලට ගැනීමත් ඔවුන් අසරණ කර තමන්ගේ කාරිය ලාබෙට කර ගැනීමත් සාමාන්‍ය දෙයක්.මේ අතරේ කල දුටු කල වල ඉහ ගන්නා පින්වන්තයෝ ද පහලව සිටිති. මේ කරුනු හෙළි පෙහෙලි කිරීම මා්‍යෙයේ ලොකු සේවාවකි. "පනින්ට පෙර කීප වතාවක් සිතන්න -එතෙර සුරපුරක් ම නොවේ" (නි)
මේ කතාව ඇත්ත (නි)
මමත් කුවේට් වල රස්සාව කරන කෙනෙක්.මෙහෙ වෙන දේවල් අපි හොදට දන්නවා. (නි)
මම කුවෛට් වල වැඩ කරන්නේ.අපි දැකපු දේ තමයි අසරණ මිනිස්සු මෙහෙ ආවම තවත් අසරණ වෙනවා .රජයක් විදිහට කාන්තාව රට අවන එක නවත්තන්න ඕන .පිරිමින් විදිමත් විදිහට රට අවනවානම් ලංකාවේ පවුල් ජීවිත මිට වාඩා ලස්සන වෙනවා .අද රට ඉන්න අයගෙන් වැඩි පිරිසකගේ පවුල් ජිවිත අසාර්ථකයි මේවට රජයට ස්තිර වැඩ පිලිවෙලක් නැ (දී)
මමත් ඉන්නේ කුවේට් වල චරිත සහ නුවන් කියන කතා හරි. නමුත් සමහර ලංකාවේ පිරිමි සහ බන්ගලියෝ ගෙවල් වලින් පනින ගෘහ සේවිකවන්ව අඹු කමට තියාගෙන ඉඳලා වෙනත් පිරිමින්ට විකුනනවා.සමහරු පෙන්ලා තානාපති කාර්යාලයට ආවට සමහරු වෙනත් රැකියවල් හොයා ගන්නවා මේ ඛේදවාචකයට විසඳුම නම් ගැහැනුන් මැද පෙරදිග රටවලට එවන එක නැවැත්විය යුතුයි... (ස)
වංචනිකයෝ ඉන්න රටේ අහිංසකයෝ බිලි බා ගන්නවා , නිසි මඟ පෙන්වීමක් නැති නිසා තමයි මේ ප්‍රශ්න... (ස)