කුවෙට් හි ශ්‍රී ලංකා විදේශ සේවා නියෝජිතයින්ගේ සුභ සාධක සංගමයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන ශ්‍රම අභිමානී ජාතික වෙළෙද ප්‍රදර්ශනය සහ සැණකෙළිය කුවෙටි හි අහමදි උසාවිය ඉදිරිපිට ‘‘මරා ලෑන්ඩ්‘‘ හීදී මෙම මස 10 වැනිදා දවස පුරා පැවැත් වීමට යයි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විශේෂ ජංගම සේවාවක් , ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත්කම් හා රෙදිපිළි සහිත වෙළෙද කුට් ,විනෝද ක්‍රීඩා,මැජික් සංදර්ශන,නර්තන සංදර්ශන ඇතුළු අංග රැසක් මෙම සැණකෙළියට ඇතුළත් බව සංවිධායකයෝ කියති.
එමෙන්ම ජය ශ්‍රී සංගීත කණ්ඩායම,ජොලී සීයා,ඉෂාක් බෙග්,ගයන්ත විජේරත්න,නිරෝෂා විරාජිණි, උපේඛා නිර්මාණි, දුලාජ් ධනුෂ්ක,බුද්ධික රඹුක්වැල්ල ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වන සංගීත සංදර්ශනයක්ද මෙහිදී පැවැත්වේ.
මෙම සැණකෙළියට පැමිණෙන්නන් සදහා කුවෙට් හි පරවානියා නගරයේ සිට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමටද සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
කුඩා ව්‍යවසාය හා සාම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය,බස්නාහිර පළාත් කෘෂිකර්ම කර්මාන්ත හා පරිසර අමාත්‍යංශය සහ කුවෙට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්ද පුර්ණ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙම සැණකෙළිය සදහා මැති ඇමැතිවරුන් රැසක්ද සහභාගී වීමට නියමිතය.
කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එච්,එම්,විජේරත්න,දෙවැනි ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ශ්‍රී ලංකික අයට මේකට යන්න බැරිවෙයි. මේ දවස් වල කුවේට් එකේ පොලිසියෙන් හැම කෙනෙක්ම පරීක්ෂා කරනවා.... (නි)