IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුවෙට් ප්‍රදර්ශනය හා සැණකෙළිය 10වැනිදා

කුවෙට් හි ශ්‍රී ලංකා විදේශ සේවා නියෝජිතයින්ගේ  සුභ සාධක සංගමයේ  මෙහෙයවීමෙන්  සංවිධානය කෙරෙන ශ්‍රම අභිමානී  ජාතික වෙළෙද ප්‍රදර්ශනය සහ සැණකෙළිය කුවෙටි හි අහමදි උසාවිය ඉදිරිපිට ‘‘මරා ලෑන්ඩ්‘‘ හීදී  මෙම මස 10 වැනිදා  දවස පුරා පැවැත් වීමට යයි.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විශේෂ ජංගම සේවාවක් , ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත්කම් හා රෙදිපිළි සහිත වෙළෙද කුට් ,විනෝද ක්‍රීඩා,මැජික් සංදර්ශන,නර්තන සංදර්ශන ඇතුළු අංග රැසක් මෙම සැණකෙළියට ඇතුළත් බව සංවිධායකයෝ කියති.

 එමෙන්ම ජය ශ්‍රී  සංගීත කණ්ඩායම,ජොලී සීයා,ඉෂාක් බෙග්,ගයන්ත විජේරත්න,නිරෝෂා විරාජිණි, උපේඛා නිර්මාණි, දුලාජ් ධනුෂ්ක,බුද්ධික රඹුක්වැල්ල ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන්  රැසක් සහභාගී වන සංගීත  සංදර්ශනයක්ද මෙහිදී පැවැත්වේ.

 මෙම සැණකෙළියට පැමිණෙන්නන් සදහා  කුවෙට් හි පරවානියා නගරයේ සිට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමටද සංවිධායකයින් කටයුතු යොදා තිබේ.

කුඩා ව්‍යවසාය හා සාම්ප්‍රදායික කර්මාන්ත  සංවර්ධන අමාත්‍යංශය,බස්නාහිර පළාත් කෘෂිකර්ම කර්මාන්ත හා පරිසර අමාත්‍යංශය සහ කුවෙට් හි ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයෙන්ද පුර්ණ සහයෝගය ඇතිව සංවිධානය කර ඇති මෙම සැණකෙළිය සදහා මැති ඇමැතිවරුන්  රැසක්ද සහභාගී වීමට නියමිතය.

 කුවෙට්හි  ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එච්,එම්,විජේරත්න,දෙවැනි ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන්ගේ  අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරේ.



අදහස් (0)

කුවෙට් ප්‍රදර්ශනය හා සැණකෙළිය 10වැනිදා

නිශ්ශංක Tuesday, 07 May 2013 12:18 PM

ගොඩක් ශ්‍රී ලංකික අය‍ට මේකට යන්න බැරිවෙයි. මේ දවස් වල කුවේට් එකේ පොලිසියෙන් හැම කෙනෙක්ම පරීක්ෂා කරනවා.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site