කුවේට් හි රැකියාව කරමින් සිට රෝගාතුරවී මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ලංකාවට පැමිණි තිදරු මවකගේ (41) වකුගඩුවක් ඉවත් කරගෙන ඇතැයි බුලත්සිංහල මිල්ලකන්ද අක්කර පනහ පදිංචි ඇගේ සැමියා පොලිසියට පැමිණිලි කර ඇත.
ඇගේ වකුගඩුවක් නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු පැවසූ බව ඔහු පොලිසියට කියා ඇත.
සැමියා සහන පියසේ ආධාරයෙන් ඇය ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ ඇති අතර ස්නායු ද අක්‍රියවීම හේතුවෙන් ඇගේ ජීවිතාරක්ෂාව සඳහා පාද දෙකද ඉවත් කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්තිලා ගැන හොයනවා වෙන්න පුළුවන්. ඒත් තිලක්ෂිකාගේ වකුගඩුවත් ගළවනතුරු එතුමලා මොකද කළේ? (නි)
අනේ තලතා මහත්මියනි තව කෙල්ලෝ ටිකක් පටවමුද අරාබියට ? (අ)
නලින්ගේ යෝජනාව ඉතා හොඳයි. අපේ රටේ කාන්තාවන්ගේ සේවය ලබාගන්නවා නම් ඒ අය ගැන හාම්පුතුන්/ඒජන්සිකරුවන් වගකිව යුතුයි. එහෙම කරන්න බැරි නම් අපේ කාන්තාවන් නොයැවිය යුතුයි. (නි)
රන්ජන් රාමනායක මහතාගේ හෙළිදරව්ව වැඩසටහන් සාකච්ඡාව බැලියයුතුම එකක් (නි)
චතුරි හොයනවා ඇති මේ කාන්තාව රට ගියේ මහින්දගේ කාලෙද ඊටපස්සෙද කියලා (නි)
ධම්ම, ඒක අහන්න ඕනෑ අපේ දුක්විදින සල්ලි විලන් පඩි ගන්න, වෙනත් වරප්‍රසාද ගන්න සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු විසදිම හා සම්බන්ධවම පිහිටුවා ඇති කාර්යාංශයෙන් මිස වෙන අයවලුන්ගෙන් නොවෙයි. (නි)
නලින්ගේ යෝජනාව ඉතා හොඳයි (නි)
වකුගඩුවක් ගළවනතුරුම විදේශ කටයුතු සම්බන්ධ අමාත්‍යාංශ/කාර්යාංශ/ඒජන්සිකරුවන් මොකද කළේ? (නි)
අපේ රටේ සිටින සීමිත කොටසකට පමණක් විදේශීය විනිමයෙන් සැප වාහන ඇතුළු අනිකුත් රජ සැප විදින්න ලංකවෙන පිටරට යන අයට මේ දක්වා රජය මගින් කර ඇති සේවය කුමක් ද?(බ)
පාලකයන්ට මේ වගේ පොඩි මිනිසුන්ට වෙන අපරාධ බලන්න වෙලාවක් නැහැ. අර මහින්ද පස්සේ එළවන්න තියනවනේ (නි)
විදෙස්ගත වෙන්න කලින් සල්ලි අරන් පුහුණුවක් කියලා එකක් දෙනවා. රක්ෂණයක් කියලා එ්කටත් සල්ලි ගන්නවා. නමුත් ප්‍රශ්නයක් වුණාම කවුරුත් නැහැ. (නි)
කොන්ද පණ නැත්ද අපේ රජයට රටේ පුරවැසියන්ව මේ පාපතර රටවල්වල ඉන්න යක්සයන්ගෙන් ගලවගන්න? (බ)
පිටිබද්දර ජයා, රට යන කෙනාද වැරදි, ඒ සම්පත් රටේ රඳවාගන්න බැරි රජයද? අනික කෝ පිරිමින්ට රට රස්සා? (නි)
වකුගඩුවක් ගළවනතුරු අරයා මොකද කළේ මෙයා මොකද කළේ කියන එක නෙමෙයි ගැටළුව. මෙවැනි ප්‍රශ්න ඇති නොවිමට හා ඇති වුණොත් සේවකයාට උපරිම සාධාරණයක් වනලෙස නීතිරීති සකසා තිබිය යුතුයි. එය කළයුත්තේ රාජතාන්ත්‍රික මට්ටමෙන්. ඒ නීති අද වෙනකම් හදලා තිබිලා නැහැ. දැන් හදමින් පවතිනවා කියලා අපි හිතනවා. (නි)
ධම්ම කොතරම් පටු විදියටද ප්‍රශ්නයක් දිහා බලන්නේ? හරිම කණගාටුයි (නි)
රක්ෂණයක් කියන්නේ එකම අවදානම ඇති අයගෙන් කල්තියා මුදල් එකතුකර ආයෝජනය කර ඉන් අනතුරකට පත්වෙන අයට එයින් උදව් කිරිමක්. හැමෝම අනතුරු වලට ලක්නොවන නිසා ලක්වන කිහිප දෙනාට ඉන් සෑහෙන දෙයක් කළහැකියි, හරියට කරනවා නම්. (නි)
“හාම්පුතාගෙ හිතේ තියෙන දේ අපි දන්නෙ නැහැ. ප්‍රශ්නයක් ආවට පස්සෙලු විසදන්න පුළුවන්“ කියලා එක් නිලධාරියෙක් කලකට පෙර කියනවා මම දැක්කා. රටවල නීතිරීති ගැන, පෙර සුදානම් වීම ගැන කිසිම දෙයක් දන්නේ නැති බවයි තේරුනේ. (නි)
නම්බුවක් නැති ජාතියක ඉපදීම සහා අඳබාල පාලකයින් නිසා නිහඬවම වැනසෙන රටක විලාපය අසනු මැනවි..!! (බ)
තව තවත් කර්මාන්ත ශාලා ආරම්භ කර මෙම විදේශවල් වලට යන ශ්‍රමය නතර කර ගත්තනම් කොච්චර හොඳද. මේතාක් කල් ඒ වැඩේ කරන්න පුළුවන් වුනු එකම නායකයා ප්‍රේමදාස මහත්තයා විතරයි. (ර)
බිරිඳ රට යවල බිරිඳගෙන් යැපෙන කොන්ද පණ නැති පිරිමින් ඉන්න කාලකන්නි සමාජෙක ඉපදීමේ පාපයට වන්දි ගෙවන නුඹ වන් ගැහැණු ගැන කණගාටු වෙනවා හැර කුමක් කරන්නද ? මහපොළොව එක්ක ඔට්ටුවෙලා හරි තමන්ගේ දරු පවුල වෙනුවෙන් කළයුතු සියලු යුතුකම් ඉටුකළ අපේ පැරණි වැඩිහිටි පිරිමින් දේවත්වයන් සැලකිය යුතුයි (බ)
මුන්ට ඕනේ කොහොම හරි අහිංසක කාන්තාවන් රට යවල ඒ සල්ලි වලින් වැජබෙන්න. දේශපාලුවන්ට හෙණම ගහනවා (බ)
පව් අප්පා හරිම දුක හිතෙනවා. පාපකාරී රටක පාපකාරී රජයන් වල පව් ගෙවන්නේ අහිංසක ජනතාව. (අ)
මෙහෙම ගෝත්‍රික වනචාරී රටවලට අපේ කාන්තාවෝ පටවන ලෝකෙන් උතුම් රට කියාගන්න අපේ රටේ අයට මඩුවලිගෙන් තලලත් මදි. අනේ, අහිංසක සොයුරියනි, ඔබ වෙනුවෙන් කඳුළක් හෙළනවා හැර වෙනත් යමක් නොකර සිටීම ගැන මේ අපට සමාව දෙන්න. (නි)
මේ මිනිසුන්ගෙ වකුගඩුයි, කකුලුයි නැහැ. නමුත් මොවුන් එවන විදේශ විනිමයෙන් කාර්යාංශයේ මහා ලොකු ලොක්කෝ සැප වාහන වල යනවා. ලක්ෂ ගණන් පඩි ගන්නවා. ප්‍රශ්න හොයන්නයි කියලා පිටරට ගිහින් එනවා. අද වෙනකම්ම අහිංසක මිනිසුන්ගෙ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගෙන නැහැ. මෙච්චරකල් මොනවද කළේ මෙයාලා? දැන්වත් කරයිද යමක්? (නි)
අතපයයි වකුගඩුවයි නැතිවුණාට මොකද රටවිරුවා කියලා නැටෙව්වෙ පහුගිය කාලේ. ඒ මදැයි. අහිංසකයන්ගෙ සල්ලි කොල්ලකාපු අයට නම් හොඳක් නම් වෙන්න එපා (නි)
රට යවන්න කලින් තිස්දහක් විතර අරගෙන නේවාසික පුහුණුවකුත් දුන්නා නේද කාර්යාංශයෙන්? ඒකෙදි අඩුගානේ වකුගඩුව බේරගෙන ඉන්න හැටිවත් කියලා දෙන්නේ නැද්ද? හැමතැනම අහිංසකයින්නව රවටට්නවා විතරයි. නමුත් රට, කාර්යාංශය දුවන්නෙත් මේ මිනිසුන්ගෙ සල්ලි වලින් (නි)
රට ගිහින් එයාට තිබුනදේත් නැතිවෙලා. අඩුමගානේ අතපයවත් නැහැ. දැන් එයාව බලාගන්නත් කවුරුහරි ඕනෑ. මේ පවුලට වෙලා තියන පාඩුව මිල කළහැකිද?සොච්චම් වැටුපක් වෙනුවෙන් අපේ රටේ කාන්තාවන් රට රට වල මෙහෙකාරකම් කරමින් විදින අපාදුක නතරවෙන්නේ කවදාද? ලංකාවේම නිවාස වල සේවය කළා නම් මෙහෙම කරදර විඳින්න වෙන්නේ නැහැ (නි)
උඩ ඉන්න දෙවියොම මේ අවනඩු බලාගන්න ඕනෑ (නි)
මේ අසරණ අය මෙවන් විපත් සිදුකරගෙන උපයා එවන විදෙස් විනිමය හොරාකන අයට හොඳක් සිදුවේද ඉතින්? (නි)
අනේ! රටවිරුවොයි කියලා ස්ටාර් තරඟ තියලා සල්ලි කාබාසිනියා කළේ, මැයි දින වලට ලක්ෂ ගණන් වියදම්කළේ මේ වගේ අසරණයින්ගේ සල්ලි නේද? (නි)
60% ඡන්දය පාවිච්චි කිරීමට දේශීය සහා විදේශීය දේශපාලන දැනුම අල්ප මිනිසුන් ශ්‍රී ලංකාවේ සිටිනතුරු මෙවන් සිද්ධීන් ඉදිරියටත් සිදුවෙනවා ඇත. (නි)
ඉස්සර රන්ජන් රාමනායක මැතිතුමා ගල්ෆ් රටවල දුක්විඳින කාන්තාවන් ගැන හඬක් නැඟුවා. දැන් බලේට අාවාට පස්සේ එතුමාටත් මේ ගැන හොයා බලන්න වෙලාවක් නැතුව ඇති (නි)
මෙතන අදහස් දක්වන චතුරි, අද ඔබ කොහෙද? (නි)
හැමදාම තියෙන්නේ එකම ප්‍රශ්න ටික. නමුත් මහා ලොකු නිලධාරින් අපේ සල්ලි වලින් වැටුප්, වාහන, ඉන්ධන, සියළු සැප ගන්න ගමන් අද වෙනකම් මේ ප්‍රහ්න වළක්වා ගන්න විසඳුමක් හොයලා නැහැ. ඒ අය මේ ප්‍රශ්න නැති වෙනවට කැමතිත් නැහැ. ප්‍රශ්න තියෙනකොටනේ ඒවා හොයන්න කියලා රට රටවල යන්න පුළුවන් අපේම සල්ලි වලින්. (නි)
මේ වගේ රටවලට යන්නේ අධ්‍යාපනය අඩු දිළිුඳු අය නිසා ඒ ගැන කිසිම සැළකිල්ලක් ඒ මිනිසුන්ගෙ දහදියෙන් සැප විදින නිලධාරින්ට නැහැ. මොකක්හරි මහප්‍රාණයක් කියලා ඒ අයටම වරද පටවපු එකයි අද වෙනතුරු කළේ. (නි)
ලංකාවේ රු.20000 ටවත් උදව්වට කෙනෙක් හොයාගන්න බැහැ. නමුත් දහදුක් විඳිමින් රු.40000 ට විතර මරුකතරට යනවා. සියළු රජයන් වලිනුත් මෙය වැඩි කරන්න උදව් දෙනවා (නි)
දිසානායක වකුගඩුව ගලවන්නේ සිහිනැතිකරලා සුළු අසනීපෙකට රෝහල් ගතකරලා මේවා කරන්නේ. සල්ලි පොකෙට් එක වගේ කබර්ඩ් එකේ දාලා ලොක්කරන්න බෑ. මම හිතන්නේ ඔයාගෙත් බුද්දිය හොරකම් කරලා වගේ.(අ)
වයස අවුරුදු 41 ක් වුණාට වයසට වඩා වයසට ගිහින්. අනේ පව් මේ අසරණයන්. රට යනවා කියලා යනවා අතේ තියෙන සල්ලි ටිකත් පූජාකරලා. ඒවායින් ප්‍රයෝජන ගන්නේ එ්ජන්සිකාරයොයි, ඒ අයගෙන් කොමිස් ගන්න අයයි. (නි)
රට යවන්න කලින් අඩුගානේ අතපය වකුගඩුව බේරගෙන ඉන්න විදිය නේද කියලා දෙන්න ඕනෑ. මොනවද සල්ලිත් අරගෙන පුහුණු කරනවයි කියලා කරලා තියෙන්නේ? (නි)
කුවේට් කියන්නේ මැදපෙරදිග තෙල් රටවල් අතර ඉතාම නරක රටක්. දුප්පත් රටවලින් එන කම්කරුවන්ට සළකන්නේ වහලුන්ට වගේ. මේ රටට කම්කරු කාන්තාවන් යැවිම වහා යහපාලන රජයෙන් නතර කළයුතුයි. මේවාට ඉස්සර කෑගහපු රන්ජන් රාමනායක මේවට දැන් සද්දයක් නැහැ වාගේ (නි)
තමන්ගෙ වෙලාව නරක නම් කරදර කොහේ හිටියත් හොයාගෙන එනවා. නැත්නම් කරදර තියෙන තැනකට හරි හොයාගෙන යනවා. තමන් වාසනාවන්ත නම් ඒකත් එහෙමයි වෙන්නේ (නි)
අතීතයේදී තමයි තේ, පොල්, රබර් අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග උනේ. දැන් අපේ ශ්‍රමය විකුනලා තමයි පාලකයෝ රජ කරන්නේ. අපිට පිටරටවලට නොගිහින් හැමෝටම රජවරු වගේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. පිට රට ගිය අය තමයි යන්තම් ඉඩමක් අරගෙන යන්තමට ගෙයක් අටවා ගන්නේ. (ර)
දියුණු රටවල අය තමන්ගෙ වැඩ තමන්ම කරගන්නවා. මොළේ නැති සල්ලි විතරක් ඇති අය වැඩට මිනිස්සු ගන්නවා. අපේ අය ආයතන එහෙම හදලා ඒවාට මිනිස්සු පටවන්න ක්‍රියා කරනවා. (නි)
ලස්සන තැනැත්තියක්. අනේ මේ මොකද දෙයියනේ වෙලා තියෙන්නේ.මේකද ජිවිතයේ අනිත්‍ය ස්වභාවය? (නි)
කුවේට් වල මේ වගේ වැඩ ගොඩක් වෙනවා. නමුත් රටවල් වල විදේශ සේවා නිහඩයි (නි)
සෞදියේ දවසකට පැය 16ක් වැඩකරලා ගන්න වැටුපට සමාන වැටුපකට දවසකට පැය 8ක් වැඩකරන මගේ ලංකාවේ තිබෙන හෝටලයේ වැඩට සේවකයන්ට ගෙවුවත් ඔවුන් කැමති පිටරට යන්න. ලංකාවේ ශ්‍රමිකයන්ට ඕනෑතරම් රක්ෂා තිබෙනවා (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙකුටවත් රටේ ජනතාව ගැන කැක්කුමක් නැහැ. ඔවුන්ට ඕනෑ අහිසංක මිනිස්සු වහල්කමෙන් හොයන විදේශ විනිමයෙන් බඩ පුරවාගන්න. එක අතකට පිරිමින්ගෙත් වැරදි. (නි)
අපිට උදව් කරන්න විස්තර පළකරන්න (නි)
කින් බෙනට්, කියන විදියට මොකුත් කරන්න ඕනෑ නැහැ. වෙලාව අනුව තමයි හැමදේම. මෙහෙමත් මොළයක් (නි)
හෙළිදරව්ව වැඩසටහන බලන්න. ඒකේ හුඟක් දේ හෙළිදරව් කර තිබෙනවා. යූ ටියුබ් එකේ ඇත. (නි)
වෙලාව අනුව හැමදේම වෙනවා නම් නීතිරීති කිසිවක් අවශ්‍ය නොවේ. නමුත් ‘වෙලාව තමයි‘ කියමින් නොසිට වීර්යය අධිෂ්ඨානය වැනි දේවල් කළයුතු බවට පාරමිතා වල පවා ඇත. (නි)
රන්ජන් රාමනායක මැතිතුමාට ඇමතිකම තියෙන්නේ විදෙස් කටයුතු නෙමෙයි. නමුත් එතුමා තවමත් විදේශගත අප ගැන හොයලා බලනවා. (නි)
අපේ කාන්තාවන්ව රට ගිහින් නිකන්ම අතඅරින්නෙ නැතුව මාස 3 ට වරක්වත් හාම්පුතාලට අපේ තානාපති කාර්යාලයට තමන් ළඟ ඉන්න සේවිකාව ගැන වාර්තාවක් සපයන්න කියන්න. එතකොට ඒ අයගේ තත්වය ගැන අප නිරතුරුවම දැනුවත්. කලින් හිටපු නිලධාරින් මේවා කළේ නැහැ. (නි)
අනේ මන්ද මේ මිලේච්ඡ රටවලට මොකට යනවද මන්ද පඩියත් බොහම අඩුයි යනවා නම් යන්න බටහිර රටවලට ජපානය වගේ රට වලට එහෙ මිනිස්සු ඉතා හොදය පඩිත් හොඳය (බ)
කකුල් කපලා, ඇඟිලි කපලා, වකුගඩු අයින්කරලා, තව මොනවද කරන්න තියෙන්නේ? මෙච්චර දේවල් වෙනතුරු අපේ ගැලවුම්කාර විදේශ සේවා කාර්යංශයට නොදැන්වුවාවත්ද? (අ)
දෙවිහාමුදුරුවනේ ..??මනුස්ස ජීවිතයක් නේද මේ ..අපේ රටේ පාලකයන්ට වගකිව යුත්තන්ට මේවා පෙනෙන්නේ නැතිද රටේ අසරණ ජනතාවගේ ජීවිත හරියට සතාසීපාවගේ තරමටත් වඩා පහත් තැනට වැටිලා.පව් අසරණ කාන්තාව ..මගේ ඇස්දෙකට කදුළු ගලාගෙන ආව සිදු වෙලා තියෙන අසාධාරණය දැක්කාම..? (අ)