IMG-LOGO

කාවිංගගෙ නොම්බරේ ඩිරෙක්ටර්ලා දන්නෙ නැතිලු

2016-07-01-ent-111

 

නිවේදන කටයුතුවලින් කලාවට පැමිණ පුංචි තිරය ජයගත් කාවිංග පෙරේරා, මේ දවස්වල මොකද කරන්නෙ?

හදසර අපි ඒ ගැන ඇහුවා.

 

කොහොමද කාවිංග ජිවිතේ?

2016-07-01-ent-110මේ දවස්වල ජීවිතේ වරදක් නැහැ. තියෙන වැඩකටයුතු කරගෙන යනවා. අහිංසක විදියට පාඩුවේ නංගියි ලොකු අම්මයි එක්ක ජීවත් වෙනවා.

 

මේ දවස්වල දායක වන නිර්මාණ?

උතුම් පැතුම්, සේයා සහ වස්සාන ප්‍රේමය කියන නාට්‍ය තුනේ රෑගත කිරීම් කරනවා. ඉරේෂ් ලොකුබණ්ඩාර කරන අලුත් නාට්‍යයටත් මට කතා කරලා තියෙනවා. ඊට අමතරව සුපුරැදු නිවේදන වැඩකටයුතු කරගෙන යනවා.

 

සිනමාවට ආරාධනා නැද්ද කාවිංගට?

සිනමාවට ආරාධනාවක් ලැබුණේ නැහැ තාම. සමහරවිට ආරාධනාවක් ලැබෙයි. නොලැබෙන්නත් පුළුවන්. කලබල නොවී ඉබි ගමනින් යනවා. මම හිතනවා තාම මගේ නම්බර් එක සිනමා අධ්‍යක්ෂවරැන් අතට ගිහිල්ලා නෑ කියලා.

 

පුංචි තිරේ කරපු චරිත එක්ක, මට මෙහෙම චරිතයක් ලැබුණා නම් කියලා හිතෙන චරිත තියෙනවාද?

නැහැ. එහෙම එකක් නෑ. මම මේ ක්ෂේත්‍රයට එද්දි මගේ මුල් ගුරැවරැන් දෙදෙනා H.A. පෙරේරා මහතා සහ මහේන්ද්‍ර පෙරේරා මහතා මට කිව්වේ එක චරිතයකට කොටුවෙන්න එපා. පුළුවන් තරම් චරිතාංග වෙන්න උත්සාහ කරන්න කියලා. ඉතිං මට ඒ විදියට විවිධ චරිත ආදර, මැර, තාත්තා කෙනෙක්ගෙ චරිත එහෙම ලැබුණා. මට හොඳ චරිත ලැබුණා. එකිනෙකට වෙනස් චරිත කිහිපයක් මම කළා.

 

වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු චරිතය?

චරිත කිහිපයක් තියෙනවා. ආදර දෑසක් හි තාත්තා ගෙ චරිතය. අඟුරැ සිත්තම්හි රයන්, උතුම් පැතුම්හි කැලුම්ගෙ චරිතය. ඒ වගේම මිනිසුන්ට තාමත් මතකයි රැවන් මාළිගාහි පහන්ගෙ චරිතය.

 

නිවේදනයටද වැඩිපුර කැමති රඟපෑමටද?

දෙකටම එක හා කැමතියි. නමුත් මුලින්ම මම නිවේදනයෙන් ආපු නිසා නිවේදකයාට ආසයි. විෂයයන් දෙකටම ආදරෙයි.

 

ආදරෙයි කිව්ව නිසා අපි කියමු ආදරය ගැන?

ආදරය සුන්දරයි. අපි හැමෝටම ආදරය ඕන. මමත් විශ්වාස කරනවා මට කවදාහරි හොඳ ආදරයක් ලැබෙයි. මම පවුලේ වැඩිමලා. මට අම්මත් නෑ අප්පච්චිත් නෑ. මගේ නංගිට මම අම්ම අප්පච්චි දෙන්නම වෙන්න ඕන. නංගිගෙ වැඩකටයුතු ඉවර වුණාට පස්සෙ බලමු. දැන් අපිව බලාගන්නෙ මගේ අම්මාගෙ දෙවන අක්කා. ඉතින් මට බඳින්න කෙනෙක් හොයන එක ලොකු අම්මිට බාරයි. ලොකු අම්මි හොයලා දෙන කෙනෙක් බඳිනවා.

 

කාවිංග ආයේ ආදර සම්බන්ධතා පටන් ගන්නේ නැද්ද?

මෙහෙමයි. මම බයයි. බයයි කියන්නේ කා ගැනවත් අවිශ්වාසයක් නෙවෙයි. මම කාලයට ඉඩ දෙනවා. මගේ ගමනේ තාම මේ ආරම්භය. ඉතිං මගේ ගමන මම යනවා. නිශ්චිතවම කියන්න බැහැ මම ආදරය නොකරාවි කියලා. මේ ගමන තුළ මට ආදරයක් දැනුණොත් ආදරය කරලා විවාහ වේවි. නැත්නම් විවාහ යෝජනාවකින් ඒ දේ සිදුවේවි.

 

කාවිංග FB නැත්තේ ඇයි?

ඇත්තටම ඒ ගැන මට කියන්න වුවමනායි. මට FB එකක් නැහැ. මට තියෙන්නේ Fan Page එකක් විතරයි. මගේ නමින් තියෙන සියලු FB Profile බොරැ ඒවා. ඒ හරහා Chat කරන්න එපා කියලා මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් මම ඉල්ලනවා. මොකද ඒ Chat කරන්නේ මම නෙවෙයි. මට FB Profile එකක් නැහැ.

 

කාවිංගගේ අනාගත බලාපොරොත්තු?

මුල් කාලේ අනාගත බලාපොරොත්තු ගොන්නක් තිබ්බා. මගේ අප්පච්චි නැති වුණාම මට දැනුණා මම තනි වුණා කියලා. ඊට පස්සෙ මට අම්මා ඉන්නවනේ කියලා හිත හදාගත්තා. මට අන්තිමට අම්මත් නැතිවුණා. එදා මට හිතුණා ඇයි මම මේ හම්බ කරන්නේ. ඇයි ජීවත් වෙන්නේ. රඟපාන්නේ කියලා. මට හිටිය වටිනාම සම්පත් මට අහිමි වුණා. දැන් මම ජීවත් වෙන්නේ මගේ එකම නංගි නිසා. නංගිට බලාපොරොත්තුවක් වෙන්න මම ජීවත් වෙනවා. මගේ බලාපොරොත්තු කුමක් වුණත් නංගිගේ බලාපොරොත්තු වෙනුවෙන් මම ජීවත් වෙනවා එච්චරයි.

 

අනූෂා රණසිංහ සේයාරෑ I සුමුදු

 

DESHAYA



අදහස් (0)

කාවිංගගෙ නොම්බරේ ඩිරෙක්ටර්ලා දන්නෙ නැතිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 473 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 294 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site