සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා එසැණ වෙබ් අඩවියේ පුවත දැකීමෙන් පසු අදාළ දරුවන්ගේ පියාට කථා කර ඇති අතර ඔහුගේ බිරියගේ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදුකිරීමට යන බව දන්වා ඇත.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාටද මේ බව දන්වා ඇති අතර සැත්කමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුෂ්ප, මා ලියන්නට ගිය අදහස ඔබ ලියා ඇත. ස්තුතියි! (නි)
උතුම් තීරණයක්. ඇමැතිතුමාටත් ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාටත් අපගේ ප්‍රණාමය (බ)
ඒ වගේම දේශපාලකයින් සහ උසස් යැයි කියාගන්නා නිලදරුවන් මෙවැනි උදවියට උදව් කිරීමට ඉතාමත් සතුටෙන් සැදී පැහැදී සිටිති. ඒ ප්‍රසිද්ධිය සඳහායි. යමෙකුට උදව් කිරීම හොඳ ක්‍රියාවකි. එහෙත් අපේ මුදල් වලින් යැපෙන රජයක් සෑම රෝගියෙකුගේ නිරෝගීකම මෙන්ම සෑම පුරවැසියෙක්ම නිරෝගීව තබා ගැනීමට වග බලා ගතයුතුයි පමණක් නොව එය ඔවුන්ගේ වගකීමයි (නි)
අර්ජුන රණවන, මාත් ඔබ සමගයි. ඊට අමතරව මේ පුවත පලකළ ලංකාදීපයට බොහොම පින්! (බ)
වටිනා තීරණයක් මගේ ප්‍රණාමය (බ)
සෞඛ්‍ය සේවා ඇමැතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යාක්ෂක පාලිත මහීපාල යන දෙපළටත්, ලංකාදීප පුවත්පතටත් අපගේ උපහාරය! (නි)
සිංගප්පුරුවට යවන්න තරම් අසනීපය සුළු නැතුව ඇති. (බ)
ඇමතිතුමාටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් ආත්ම ගානකට ගෙනියන්න පුළුවන් පින්කමක්. ඔබ සියලුම දෙනාට අපගේ ස්තුතිය. (නි)
මම ලබන මස ලංකාවට යනවා. එවිට මම මේ අයව මුණගැසෙනවා. දිනයක් හා වෙලාවක් දැනටමත් දන්වා ඇත. උපකාර කිරීමට කැමති අය සිටිනවා නම් එන්න. අපි යමු මෙයාලා හමුවෙන්න (නි)
ඇමති රස්සාවට ඡන්දෙ දීල පත් කළේ මහා ජනතාව. පත් වුනාට පස්සේ රස්සාව දුන්නු එකා හිගාකාල පෝලිමේ අවුරුදු ගණන් ලැගල බෙහෙත් ගන්නවා ලංකාවේ රජයේ රෝහලෙන්. ජනතාව ගේ ඡන්දෙන් රස්සාව ගත්ත එකා විශේෂ ජෙට් ගුවන් යානා රෝහලකින් සිංගප්පුරුවට ගිහින් එහේ තියන අති විශේෂ පුද්ගලික රෝහලකින් මහජන මුදලින් බෙහෙත් ගන්නවා. කොහොමද වෙනස.? මෝඩයා කවුද ? (බ)
මිනිස්සු මොනතරම් අසරණද? අනේ අපේ රටේ සෞඛ්‍යයට ගිය කල! (නි)
ඔබට ගොඩක් පින් මේ කළ සද්කාර්යයට (නි)
කළයුතු වන්නේ සියලුම ප්‍රධාන රෝහල් වල හදවත් සැත්කම් සඳහා පහසුකම් ඇතිකිරීමය. මුදල් දානපතියන්ගෙන් ලැබෙනවා නම් බැරිකමක් නැහැ. වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා නම් ඉන්දියාවෙන් තමිල්නාඩුවේ කේරල ප්‍රාන්ත වලින් ලබාගන්න පුළුවන් පහසුවෙන් (නි)
මේ අසරණ පවුලට උපකාර කළ සියලුම පාර්ශයන්ට පින් සහ ප්‍රණාමය....දරුවන්ගේ සිතුම් සපල වේවා (බ)
අසරණ වූ අයට පිහිටවෙන්න ඉදිරිපත්වුණ ඔබ සියලු දෙනාට බුදු සරණයි.(බ)
මේ බෝසත් දරුවන්ගේ කවිබණ හරිම මිහිරියි. සුව සේවා ජනරාල්තුමනි, කඩිනම් පියවර ගැනීමත් උතුම් බෝසත් ක්‍රියාවකි. (නි)
සත්ගුණවත් ක්‍රියාවක්. අගය කරමි. පින්වත් දරුවන් දෙන්නෙක් (නි)
හොඳ දේ හොඳයි කියමු. උතුම් ක්‍රියාවක්. (නි)
අසරණ වූ අයට පිහිටවෙන්න ඉදිරිපත්වුණ ඔබ සියලු දෙනාට යහපත උදාවේවා! තෙරුවන් සරණයි! (නි)
අර්ජුන රණවන, මම නම් ප්‍රණාමය පුදකරන්නේ මේ පුවත ප්‍රසිද්ධ කර ඔය කියන ලොක්කන්ගේ ඇස් ඇරවූ "ලංකාදීපය"ටයි (නි)
මොනතරම් වාසනාවන්ත දරුවන් දෙදෙනෙක්ද? (නි)
ලොක්කන්ගේ ඇස් ඇරි දිරිය දරු දෙදෙනාටත්, ලංකාදීපයටත් මගේ ප්‍රණාමය! ඔබට තෙරුවන් සරණයි! (නි)
ලංකාදීපය කළ මේ සත්කාර්යට ගොඩක් පින්. (බ)
හරිම සතුටුයි. මේ තීරණයට සහයවුණ සැමට තෙරුවන් සරණයි! (නි)
අම්මාගේ ලෙඩේට බෙහෙත් ගන්න ළමයින් කවි බණ කියන තත්වයට රට වැටුනා නම්, රෝගීන් මොනතරම් අසරණද? ඇමැතිවරුන් ඔවුන්ට වායුසමීකරණ පද්ධති ගෙන්වා ගන්නවා, රටේ මිනිසුන්ට ලෙඩකට බෙහෙතක් නැහැ. පුෂ්පාගේ කතාව මමත් අනුමත කරමි. කළයුතු වැඩක් ජනමාධ්‍ය නිසා කෙරුණා. මොකටද ඇමතින්ට ප්‍රණාම පුදන්නේ? ජනමාධ්‍ය නේද අගය කළයුත්තේ. (නි)
අනේ හොඳයි. චූටි මල්ලියව දැක්කම කඳුළු එනවා මට (නි)
මේ ක්‍රියාව හොඳයි. නමුත් සෞඛ්‍ය සේවයේ ලොකු හොරකම් නවත්වනවා නම් තවත් ගොඩක් අසරණ ලෙඩුන්ට පිහිට වෙන්න පුලුවන්. (නි)
සෞඛ්‍ය සේ්වා අධ්‍යක්ෂ ජනරාල්තුමාට අපේ ප්‍රණාමය! මේ වගේ අසරණ වූ රෝගීන් කොයිතරම් නම් ඇද්ද? ග්‍රාම නිලධාරීන් මඟින් හෝ ඒ පිළිබඳව සමීක්ෂණයක් කර ඔවුන්ට පිහිටවීමට කටයුතු කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
අසරණ වූ අයට පිහිට වෙන්න ඉදිරිපත්වුණ ඔබ සියලු දෙනාට යහපත උදාවේවා! (නි)
මුදල් නැතිකමින් මියයන අසරණ රෝගීන් තව කොපමණ ඇද්ද? (නි)
ඔබටත් ඉක්මනට බයිපාස් ඕන නම් දරුවන් ලවා කවි බණ කියවන්න.අපේ මුදල් වලින් යැපෙන රජයක් සෑම රෝගියෙකුගේ නිරෝගීකම මෙන්ම සෑම පුරවැසියෙක්ම නිරෝගීව තබා ගැනීමට වග බලා ගතයුතුයි පමණක් නොව එය ඔවුන්ගේ වගකීමයි (අ)
සෑම් මහතාණනි, සමාවන්න. ලංකාදීපයටත් එම ගෞරවය හා ප්‍රණාමය හිමිවිය යුතුමයි (නි)
ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයක් නොමැත. මහජන මුදලින් විදේශ රටවල අධ්‍යාපනය ලබා නැවත ලංකාවට නොපැමිණෙන වෛද්‍යවරුන් මෙහි ගෙන්වා ගැනීමට නීති සකස් කරන්න. ඔවුනට මෙහි කටයුතු කිරීමට යටිතල පහසුකම් සළසන්න, ප්‍රශ්නය ඉබේම විසඳේවි. (නි)
අනේ! මම නම් ඔය ප්‍රණාම පුදන්නට නොයමි. ලංකාදීපයෙන් මේ පුවත ඇසුණු පසු කොහොමත් ඇස් කන් පියා ඉන්න අමරුය. දරුවන්ට විරිදු නොකියා නියමිත පරිදි ලෙඩුන්ට සළකන්න පුළුවන් ලංකාවක් කවදා බිහිවෙයිද? හිත ඇතුළෙන් විරිඳු කියා කියා කී දාහක් ලිස්ට් වල අදටත් හූල්ලනවා ඇද්ද? (නි)
අගය කළහැකි තීරණයක්. ඒ වගේම මෙම ගැටලුව විසඳීමට ක්‍රමයක් සෙවීමට මෙය අවස්ථාවක් කර ගනිමු. (නි)
පාලිත මහීපාල මහතාණනි, ඔබට ජාතියේ ගෞරවය හිමිවෙනවා වගේම අපේ ප්‍රණාමය පුද කරමි! (නි)
අසරණ අයට උදව් කිරීමට විදිමත් ක්‍රමයක් හැදීම රජයේ වග කීමක් මේක ප්‍රචාරය වුණේ නැතිනම් ඒ අය තව කීයක් ඇතිද ? (ම)
වෛද්‍යතුමනි, අසරණ රෝගියකු වෙනුවෙන් ඔබ සිතේ ඇතිවූ අනුකම්පාව ඔබට ආවේනිකවූ වෘත්තයි වන තවත් එක අසරණ රෝගියකුගේ ජීවිතයක් බේරා දීම වුණත් එහි ප්‍රතිපලය උද්යෝගිමත් අසරණ දරු දෙදෙනෙකුටත් , පියෙකුටත් පතාගෙන පැමිණි ඉරණමක් ද වෙනස් කිරීමකි . (ම)
තම ආදරණීය දෙමව්පියන් රැකගන්නට මොවුන් දරනා අහිංසක උත්සාහය මල්පල ගන්වන්නට කාරුණික හදවත් වලට හැකිවේවා! එමෙන්ම මෙම දරුවන්ගේ ආරක්ෂාව ගැන වගකිවයුත්තන්ගේ අවධානය තව තවත් යොමුවේවා! (නි)
ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
මේ වගේ අසරණ රෝගීන් තව කොපමණ ඇද්ද? දේශපාලකයන්ටනම් මහජන මුදලින් ඕනෑම රටකට ගිහින් බෙහෙත් ගන්න පුළුවන්. එ්ත් දුප්පත් මිනිසුන්ට කාගේ පිහිටද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාට අපි ස්තුතිවන්ත වෙනවා රාජකාරිය නිසිලෙස කළාට (නි)