රුපියල් විසි හය ලක්ෂ තිස් හත් දහසක් වටිනා රත්තරන් බෝල හතරක් කලිසම් ඉනෙහි වාටියේ සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අත් අඩංගුවට ගනු ලැබු රන් බෝල වල බර ග්‍රෑම් පන්සිය විසි හතකි.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 173 දරණ ගුවන් යානයෙන් බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ ඇත.
එහිදී රේගු නිලධාරීන් විසින් සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ බඳ පටියට යටින් කලිසම් ඉනෙහි සගවා තිබු මෙම රත්තරන් බෝල සොයාගෙන ඇත.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතා විසින් එක් අයෙකුට රුපියල් විසිපන්දහස බැගින් දඩ නියම කොට එම රත්තරන් බෝල රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.පී චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් ෙජ්. රේගු අධිකාරීවරුන් වන සී. පෙරිම්බනායගම්, එස්. ආනන්ද ඊස්වරන් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ගුණසේන, චින්තක කොට්ටච්චි, සිසිර කුමාර, සිසිර පෙරේරා, වරුණ බන්ඩාර, සහන් ජයසිංහ, සඳුලි මැඩොන්සා යන නිලධාරීහු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 18
47
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලිසම් ඉනෙන් ලක්ෂ 26 ක රන්
ඉසුරන්දි Saturday, 01 November 2014 07:42 AM
ගුද මාර්ගේ ගිනියන්නේ නැතුව ඔයින් ගියා ඇති.(හේ)
චන්ද්‍රා Friday, 31 October 2014 08:00 PM
ඔබ කරන අවංක සේවය අගයමි! (නි)