කලාවැවේ ජලය අඩුවීමත් සමග කොහොඹිලියාගම වැව් තාවුල්ලේ පිහිටි මී ගස් කපා ප්‍රවාහනය කිරීමේ කලක සිට පැවැති ජාවාරම තවමත් සිදුවන බව ගම්වැසියෝ කියති.
වනජීවී දෙපාර්තමේන්තුව මගින් ජාතික උද්‍යානයක් බවට නම් කර ඇති මෙහි ඇති මී ගස්වල කඳ මැදින් පොත්ත ඉවත්කර පසුව ගස මියයාමත් සමග ඉඩෝරයට වැව සිදී ගිය පසු එම ගස් කපා දැව වලට අලෙවි කරන බව කියති.
මේ පිළිබඳව ගල්කිරියාගම වනජීවී කාර්යාල යේ ස්ථාන භාර සංජිව කුලතුංග මහතාගෙන් විමසීමේදී ඔහු කිවේ එම ගසේ මැද බෙනයක් ඇති නිසා අතහැර දමා තිබෙන බවය .දැව ජාවාරම් සිදුවේනම් ඒ පිළිබඳව සොයා බලන බව ද ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලොකු ලොක්කෝ සුරාමේරය ගැන කතාකරන්න කලින් වන සංහාරය ගැන ටිකක් සෝදිසි කරලා බැලුවොත් හොඳ නැද්ද? (නි)
දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු. අද ගොඩක් ජාවාරම්කාරයෝ වෙලා ඉන්නේ දේශපාලකයෝ, නීතිය රකින්න ඉන්න පොලිසිය සහ වනජීවී නිලධාරීන් වගේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අය. මේක පුදුම අවාසනාවන්ත රටක් වෙන බව නම් පෙනෙනවා. අපි අවුරුදු 2500 ක ප්‍රෞඪ ඉතිහාසය ගැන කයිවාරු ගගහා හොරකම් කරමු. එතකොට රට දියුණු වේවි. (නි)
දේශපාලනය වහාම අහෝසි කළයුතු රැකියාවකි (නි)
කැලේ ගස් නීතිවිරෝධී විදියට කපලා ප්‍රවාහනය කරන උදවියට 20 වසරකට හිර දඬුවම් දෙන්න නීති තියෙනවා නම් හොඳයි (නි)
සිර දඬුවම් නොව මරණ දඬුවමම දියයුතුයි. මේවා ජාතික අපරාධ. මෙහෙම ගියොත් ලංකාව කාන්තාරයක් වන දිනය ඈතක නොවේවි (නි)
අවුරුදු 60ක් තිස්සේ දෙගොල්ලොම මාරුවෙන් මාරුවට රටේ වන සම්පත කපලා කපලා දැන් ඉතුරුවෙලා තියෙන අන්තිම ටිකත් කැපුවහම හරි. රටේ කුඹුරු ටික වතුර නැතුව පාලුවෙනකොට, මිනිසුන්ට බොන්න වතුර නැතිවෙනකොට, වැස්ස නැතිවෙනකොට මිනිසුන්ට කියන්න පුලුවන්නේ ගස් හිටවන්න කියලා. (නි)
පෙනෙන හැටියට නම් මේ ගහේ බෙනයක් ඇති බවක් නොපෙනේ (නි)