බම්බලපිටියේ ඩික්මන්පාරේ ගෙයකට ඇතුළුවූ හොරුන් ඇල්ලීමට ගිය පොලීසියට පිහි ප්‍රහාරයක් එල්ලවෙද්දි වෙඩි තැබීමනේ හොරකු මියගොස් හොරුන් සිව් දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනියගේ නිවසට හොරු පැමිණි බව පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනුව පොලීසිය පැමිණියේය. නිවසේ සිටි කිසුවෙකුට තුවාල සිදුව නැත. පොලීසියේ තුන් දෙනෙක්ද පිහි ඇණුම් කා රෝහල්ගත කරනු ලැබ සිටිති. අද අළුයම මේ සිද්ධිය වාර්තා විය.
ඡායාරූප බිමල් ශ්‍යාමන් බණ්ඩාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නවත්තන්න කාටවත් බැරිද (දී)
සමාවෙන්න සර්,අපි හිතුවේ මේක ඇත්තටම සොරකමක් කියා.අපි නොදැනයි මේකට මැදිහත් වුනේ.යාන්තම් හරි මේ වගක් දැන ගෙන හිටියා නම් අපි ඔය පැත්ත පළාතේ යන්නේ නැහැ සර්, (නි)
කාගේ උවමනාවට කල වැඩක්ද කියලා ප්‍රසිද්ද කරන්න (දී)
මේ පිරිස හොරුන් නොවේ.එක්තරා පුද්ගලයෙකුගේ කොන්තරාත් එකක් ඉටු කිරීමට පැමිණි පිරිසක්.ඔවුන්ගේ රැකියාවන් කුමක්ද යන්න හැමෝම දන්නවා.තව මද වෙලාවක් ගත වුවා නම් මාද්යවෙදිනිය මරණයට පත් කර අවශ්‍ය කරන ලිපි ගොනුත් රැගෙන ,ජනතාව නොමග යැවීම සඳහා වටිනා රන් බඩු ද රැගෙන යාමට ඉඩ තිබුණි. (දී)
මොනවා වුනත් පොලිසිය ඉදලා හිටලා හරි හොද වැඩත් කරනවා නේද? ස්තුතියි. (නි)
වචන ලක්ෂයක කොමෙන්ටුවක් දැම්මත් වැඩක් නැහැ. අපේ රටට යහපාලනයක් ඇති කරමු.
මේ කාලේ වැරැද්ද
ගරු පොලිස්පතිතුමනි ඔබතුමා ඉතා නීතිගරුක පුද්ගලයෙකු බව අප දනිමු. එහෙත් අදිසි හස්තය නීතිය අභිබවා කටයුතු කරන බැවින් ප්‍රවේශම් වන්න. ඔබට අපගේ සුභ පැතුම්! (නි)
මෙතන සමහර අයගේ අදහස් හරි අමුතුයි. හරියට මාධ්‍යවේදිනියකගේ ගෙදරකට හොරු එන්න බැහැ වගෙයි (නි)
පොලිසියට බලතල දිය යුතුයි. පිහියෙන් අනිනකල් පොලිසිය තුවක්කුත් අරන් මොකද කලේ. තුවක්කු තියෙන්නේ වෙඩි තියන්න මිසක් ආභරණයක් විදිහට එල්ල ගෙන යන්න නොවෙයි, අර කව්ද කොන්දක් තිබුන පොලිස් ලොක්කෙක් පහුගිය කාලේ කිව්වේ තුවක්කුවයි පතරොම් 22 යි දීලා තියෙන්නේ .ගුටි කාලා ඇවිත් කියන්න එපා කියලා. එක තමයි ඇත්ත. හොරුන්ව මර්දනය කල යුතුමයි.පොලිසියත් දන ගන්න ඕන බොරුවට වෙඩි නොතියා අනිවාර්යයෙන්ම අවශ්‍ය තැනදී වෙඩි තියන්න. පොලිසියේ අය හොරුන්ගෙන් පිහි ඇනුම් කාපු එක නම් අනුමත කරන්න බැහැ. මේ මට හිතෙන හැටි. මම වැරදිද මන්දා.(අ)
හොරුන් වෙනුවෙන් උසාවි කාලය නාස්තිය අපරාධයක්. නමුත් නීතිය දේශපාලුවන්ටත් සමාන විය යුතුයි (නි)
මොකද අහු වෙන්න කරන්නේ (දී)
මේ අමුතු හොරුනට සැබෑ මුදල් අවශ්‍යතාවක් තිබුනාද?එසේ නම් ඔවුන්ට මේ මාධ්‍යවේදිනියගේ ලිපි ගොනු සොයා බැලුවේ කුමකටද?නිවසේ තිබු වාහනයේ ටයර් කපා දමන්නට සොරුන්ට තිබුණු වුවමනාව කුමක්ද? (නි)
මේ මැර පිරිස් හරිම මෝඩයි (දී)
කොල්ල කන්න නොදන්නා අය (දී)
පළපුරුද්ද කියන්නෙත් උගත්කමේම කොටසක්. ඒක බොහොම වටිනවා (නි)
නිකන්ම් ගෙයකට ඇතුල් වෙලා නොවෙයි මාධ්‍යවේදිනියකගේ ගෙයකට ඇතුල් වෙලා තියෙන්නේ. (නදී)
මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්‍යවේදිනියගේ නම අමුතුයි.(නදී)
සමාවෙන් සර් මමත් දැන් දැක්කේ සර්ලා අදහස් දාලා තියෙනවා. අපේ කොල්ලෝ කට්ටියත් ඉන්නවා වගේ. මමත් අදහස් දැම්මට කමක් නැද්ද දන්නේ නැහැ. මම නම් හිතන්නේ මේ ගෙදරට පැමිණ ඇත්තේ සාමාන්‍යයෙන් අපේ ගෙවල්වලට එන විදිහේ හොරු නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ. එහෙම හිතෙන්නේ ඇයි දන්නවද සර්, මෙකේ හොරකම් කරපු මිල මුදල් වටිනා දේවල් මුකුත් නැහැනේ. මම දන්න විදිහට හොරු කවදාවත් කෙනෙකුගේ ගෙදරට ඇවිල්ලා ෆයිල් අරගෙන විතරක් යන්නේ නැහැ. අපි ටික කාලයයි ජීවත් වෙන්නේ. ඒ ටික කාලයේදී කැත වැඩ කර කර මෙහෙම ජීවත් වෙලා මොකටද? බලය කියන දේ හැමදාම එකම පිරිසක් අත තිබෙනවා කියලා වැරදියට වටහා ගන්න තරම් මෝඩයෝ වෙන්න එපා කියලා මම ඉතා කරුණාවෙන් වගකිව යුතු අංශ වෙතින් ඉල්ලා සිටිනවා. මා අතින් වරදක් වෙලා නම් මට එරෙහිවත් බොරු චෝදනා නඟා මාව රැකියාවෙන් නෙරපන්න මහන්සි නොගෙන මට අනුකම්පා කරන මෙන් ඉල්ලා සිටිමි.
බුදුන් 3 වරක් වැඩිය මේ දේශයට මේ මොනවාද වීගෙන යන්නේ මිනිසුනේ. පවතින රජයට මේ සම්බන්දයෙන් අති විශාල වගකීමක් තියෙනවා ඒක ගැන කියන්න බෑ. ඒ උනත් රජයට සමාජ ක්‍රමයට අව්වට වැස්සට විවෘත ආර්තිකයට බන බැන බැන ඉදල මේ ප්‍රශ්නේ විසදන්න බැහැ.තමන්ගේ දරුවන්ට යහපත් ආකල්ප හුරු කරන්න රට ජාතිය ආගම තමන් ලබපු මනුස්ස ජීවිතේ වටිනාකමත් ඒක. තමන්ටත් සමාජයටත් යහපත්ව පවත්වාගෙන යන්නේ කොහොමද දාර්මිකව හරි හම්බ කරගෙන ලද දෙයින් සතුටු වෙලා ඉන්නේ කොහොමද. තව කියන්න එයාලා මෙලොවට බිහිකළ දෙමුපියන්ගේ නම බැබලෙන විදියට ජීවත් වෙන්න. අම්ම තාත්ත ප්‍රදානයි. දෙවනුව උපන් රට මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
හොරුන්ට විතරක් නෙවේ පොලිසියට ඇවිත් බලය පේන්නන්න දගලන දේශපාලුවන්ටත් පත්තු කරන්න.(නදී)
දිනෙන් දින අපට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති ඉඩ ඇහිරී යන බවක් පෙනේ.ලෝකයේ වෙනත් රට වල මාධ්‍යවේදීන්ට තිබෙන නිදහස,ආරක්ෂාව සහ රැකවරණය අපේ රටේ මාධ්‍යවේදීන්ට තිබෙනවාද ?වෙනත් රටවල මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අභිමානය සහ ජීවිත සුරක්ෂිතතාව දකින විට අපට ලංකාවේ උපදින්නට සිදුවීම ගැන ඇතිවන්නේ පශ්චත්තාපයකි. (නි)
රත්නායක මුදියන්සෙලාගේ ප්‍රසන්න රත්නායක මෙහෙම දිගු විස්තර ලියලා මට කියලා කණ පලා ගන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්නවා. නිකම් ගල් ආඳා වෙන්න හදන්නේ නැතුව උපාසකයා වගේ කතා කලාට ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා අපි හොඳට දන්නවා (දී)
මම දැන් තමයි දැක්කේ මෙකේ හරි ලස්සන අදහසක් අපේ රත්නායක මුදියන්සෙලාගේ ප්‍රසන්න රත්නායක සර් දාලා තියෙන්නේ. අනේ සර් මට නම් අදහස් දාන්න වැඩි කාල වේලාවක් නැහැ. මම පාඩම් කරන අතරතුර තමයි මහෙම වත් අදහසක් දැම්මේ. සර් දාලා තියෙන අදහස් ටික නම් හරිම ඉස්තරම්..ස්තූතිය සර් (දී)
පිටිගල ඔය හරි. පොලීසියෙන් වෙඩි තිබ්බ කියනවා නම්. පිහි ඇනුම් කෑවා කියන කතාව ගැන බරපලව සිතන්න වෙනවා. වෙඩි හුවමාරුවක් සිදුවන අවසථාවක සන්නද්ධ පොලිසියේ නිලධාරීන් ලගට ඇවිත් පිහියෙන් අනින්න තරම් වෙලාවක් ඔවුන්ට තිබිල ඇතිද? අපි කියවපු විදිහ වැරදිද දන්නේ නැහැ. (අ)
මේකට අදහස් දක්වා ඇති රත්නායක මුදියන්සෙලාගේ ප්‍රසන්න රත්නායක මහතා පෙන්වා දී ඇති සාරගර්භ අදහස් ටික හරියට වටිනවා. මම හිතන්නේ මේ අදහස් දාපු අය හැම කෙනෙක්ම තමන්ගේ වටිනා උගත් අදහස් දැක්වීම හරියටම සිදු කරලා තිබුනේ මේ ප්‍රවෘත්තිය ගැන දැක්වීමේදී පමණයි. මෙහි වල්බූත පල්හෑලි කිසිවක් දාලා නැහැ. නියම සාරවත් අදහස් නියම දැන උගතුන් විසින් දක්වා තිබීම පිළිබඳව ලංකාදීප කතු මඩුල්ල වෙත මගේ කෘතඥතාවය පිරිනමන්න මම කැමතියි. (දී)
මේගොල්ලෝ කොල්ලයටමද ඇවිත් තියෙන්නේ (අ)
වෙඩි තියපු එක 100% සාධාරණයි
පොලිසියට එසේ වෙඩි තියන්න අයිතියක් තියෙනවා
මේ තත්වය ඉක්මනට නවත්තන්න ඕනේ රටට රටේ නමට හොද නැහැ (දී)
පළපුරුද්ද එන්නේ විශේෂයෙන්ම බුද්ධිමත්කම උඩ. උගත්මමත් ඕනේ තමා .කොහොම උනත් කාගේවත් ගෙදරට හොරු එන එක නවතන්න බැහැ තමයි , ඒ උනාට නිකන් බත් ටිකකක් කාල යන්න නොවේ නේ එන්නේ . !. වෙන පත්තරේක තව මාධ්‍ය වේදියෙක් මේ මහත්මිය දේශද්‍රෝහියෙක් විදියට හදුන්වල තිබුන. එක හරි නැහැ නේද. (දී)
එහෙම නම් දැන් මේකයි මාධ්‍ය නිදහසේ අලුත්ම තත්වය. පොලිසිය මෙහෙම කටයුතු කරපු එක ගැන අපි සතුටු විය යුතුයි. බොහෝ වෙලාවට පොලිසිය නීතිය පැත්තක තියල නේ වැඩ කරන්නේ. (නදී)
අමුතුම හොරු සෙට් එකක් වගේ. (නදී)
ඉහත සිදුවීම සම්බන්ධව විවිධ තොරතුරු දැන් දැන් ලැබෙමින් පවතියි. මාධ්‍යවේදීනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ කොළඹ පිහිටි නිවසට කඩා වැදුණු කල්ලියේ සාමාජිකයින් 4 දෙනා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේ, ඔවුන් තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරින් 4 දෙනාගෙන් එක් අයෙකු රෝහලින් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.එම අවස්ථවේදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් මිය ගිය තැනැත්තා කදිරප්පුලිගේ ඉන්දික සම්පත් කුමාරසිරි නම් අවිස්සාවේල්ලේ පදිංචි පදිංචිකරුවෙකු බව හදුනාගෙන තිබේ.එම සිද්ධියෙන් තුවාල ලබා ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන කොල්ලකරුවන් හුංගම කහදමෝදර, අවිස්සාවේල්ල ගැටහැත්ත, කිරිබත්ගොඩ මාකොළ පාර, අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති බවට පොලිසිය සඳහන් කළේය.පොලිසිය පැවසුවේ අපරාධය සිදුකිරීමට පැමිණි ත්‍රිරෝද රථය සහ කොල්ලකරුවන් සතුව තිබූ ජිව අත්බෝම්භයක්ද සොයාගෙන ඇති බව ය.සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ බම්බලපිටිය පොලිසිය විසින් පරික්ෂණ පවත්වාත්නු ලබයි.බම්බලපිටිය, ඩික්මන් පාරේ පිහිටි මාධ්‍යවේදීනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ඊයේ අලුයම 2 ට පමණ මෙම සන්නද්ධ මැර කල්ලිය කඩා වැදී තිබිණ. (දී)
ලංකාවේ මාධ්‍ය මර්දනය ඉතා ලැජ්ජයි විලි ලැජ්ජයි (දී)
පාරේ බැහැලා යන්න බැහැනේ දැන් බලෙන් අපරාධ වලට උස්සන් යන රටක් වෙලා මේක (දී)
හොද වෙලවට හොරු ටික අල්ල ගත්තේ නැත්නම් ඒකත් යන්නේ රජය පිටින්.අනික මේ මාධ්‍යවේදිනිය ලග තියෙන වාහන ටික දැක්කහම පිස්සු හැදෙනවා. (නදී)
අනේ මන්ද, වෙඩි තිබ්බත් වැරදි කියනවා , වෙඩි තියන්න පරක්කු උනත් වැරදියි කියනවා. (අ)
අදිසි හස්තයට නීතිය අභිබවා යාමට ඉඩ නොදෙන එක තමයි අපි අපේ ගරු අලුත් පොලිස්පතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ. (නි)
හොර වැඩ දැනි වැඩියි රජය වග කිව යුතුයි (අ)
ඇති ගරු ජනාධිපති තුමනි, ජාතිබේද නොබලා ලංකාවට ෂරියා නීතිය ගේන්න මේ ඔක්කම අපරාධ දින 7 කින් නවතීවි, එයයි ලංකාවට දැන් ඔබින්නේ.(නදී)
මොනවා. මේ මොනවද කරන්නේ.ඇත්ත මොකක්ද (අ)
හැමදාම මරණ වගේ ප්‍රවෘත්තිවලින් පත්තරේ පිරිලා අප්පා. (අ)
අද කාලේ මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙම වරදින් ! යුද්දය ඉවර වෙලා ආණ්ඩුව රට ඉස්සරහට ගෙනියන විට මිනිස්සුත් ඉස්සරහට අඩියක් තියන්න ඕනේ . ඒත් මිනිස්සු ඒ ගැන හිතලද ! ගෙදරක කී දෙනෙක් නිකන් ඉන්නවද ? වැඩිපුර අදායමක් ගන්න මොනවද කරලා තියෙන්නේ ? අඩු ගානේ ගෙවත්ත වගා කරනවද ? නාස්ති වියදම් කොච්චරද ? සිගරේට් අරක්කු ! අනවශ්‍ය ගමන් ! වතුර නාස්තිය ! වැඩිපුර ආහාර උයල විසි කිරීම් ! සීමාවක් නැති ජංගම දුරකථන ඇමතුම් ! බොරු සෝබන වැඩ ! තවත් මෙකි නොකී වැරදි ! මේවට ආණ්ඩුවට බැනල වෙඩක් නැහැ ! අපේ ප්‍රශ්න විසදන්නේ නැත ! දියුණු යයි කියන රටවල මිනිස්සු කොච්චර දුක් විදිනවද හම්බ කරන්න ! රස්සා දෙක තුන කරනවා . ඔබත් ධනාත්මකව හිතන්න ! (දී)
මේකේ පල වෙලා තියෙන අදහස් දැක්කම සොරකම ගැන බොහෝ දිගු උපදේශ සහිත ප්‍රතිචාර බොහොමයක් තිබෙනවා. මීට වැඩිය වැදගත් පුවත් වලටවත් මෙසේ පොත් වැනි උපදේශ පලවුනේ නැහැ. අනික දෙය තමයි අද නිසියාකාරව තමුන්ගේ වගකීම ඉටු කරන මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වෘත්තීය හරියාකාරව කරගැනීම නොහැකි වී ඇත්තේ බෝතල්-පත්තරකාර නිවට මාධ්‍යකරුවන් නිසයි. නිවටයින් නිහඬව සිටින නිසා හඩනගන නියම මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වේ. (නි)
මම කුසුම්, ඊයේ මේ ප්‍රවුර්තියට අදාලව මට හිතුන අදහස මම පලකලා. නමුත් අද මගේ නමින් වෙනත් අයෙක් කා ගැනදෝ පුහු වර්ණනාවක් කරලා අදහසක් දමලා. මේවා කැත වැඩ. ඇත්තටම ලංකාවේ ඉන්නේ පිරිමිද? ලංකාව දැන් මෝඩයන්ගේ පාරාදීසයක් වෙලා ඉවරයි. එනමුදු මගේ රටයි ලෝකෙම් උතුම් රට .... (දී)
පුදුමත් හිතෙනවා (නි)
වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා, මේකත් ඒ අයට ඕන විදිහටම පොලීසිය වැඩේ කරාවි. අපි අහ ගෙන ඉම්මු. උසාවියට ඉස්සල්ලා පොලීසිය තීන්දුව දීලා ඉවරයි. (අ)
මීට වඩා විස්තර නැද්ද (අ)
මේ ගැන අපිට තව ටිකක් හොයලා හොද විස්තරයක් දාන්න.(නදී)
අබුද්දස්ස කාලේ අමුතු අය අමුතු,අමුතු අදහස් දාල. අපි පොඩි දවස් වල නොතේරුම් කමට මහා ලොකුවට නව කතා ලියන්න උත්සාහ කල හැටි මතක් උනා. ලංකාවේ කඩදාසිත් ගොඩක් ගණන් නිසා සන්ඩේ ලීඩර් මාධ්‍යවෙදිනියගේ ගෙදර තියන ලිපි ගොනු කඩදාසි ටික අරගෙන ගිහින් ලොකු ගානකට විකුණගන්න වෙන්න ඇති පිරිමි පස් දෙනෙක්ම ඇවිත් තියෙන්නේ. අපේ යාළුවන්ට නම් බය වෙන්න දෙයක් නැහැ. මොකද එයාල ළඟ තියෙන්නේ පත්තර නෙමේ,හිස් බෝතල් විතරයි.(නදී)
ෆස්රුල් ගෆූර් - කටාර්, සමරවිට මෙම සිද්දිය රාත්‍රී කාලේ විදුලිය විසන්ධිකර කරන්න ආපු මංකොල්ලයක් විය හැකියි.(නදී)
සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්තට නම් මෙයත් එසේ සිදුවූවක් වියයුතුය.(නදී)
මේ හොරුන්ට අපහස කරන්න එපා. මේ අය විසි දෙවෙනිදා රටම ආදරේ කරපු රස්සාවකින් අස්වෙලා කියලත් ආරංචි තියෙනවා .අනේ මන්දා රටට ගිය කලක්.(නදී)
අපේ ශ්‍රී ලංකවට මොකක්ද මේ වෙලා තියෙන්නේ?මිනි මැරුම් ,මිනි මැරුම්. මිනි මැරුම් ,දුෂණ ,දුෂණ,ප්‍රශ්න ,ප්‍රශ්න ,ප්‍රශ්න.(නදී)
පොලිසියේ අයට ඉක්මන් සුවය. ගත්තු තීරණය හරියටහ හරි.(නදී)
ඩික්මන් පාරේ සල්ලි තියන ගෙවල් ඔච්චර තියෙද්දී මාධ්‍යෙව්දිනියගේ ගෙදරට අවේ හොරුද? (නදී)
ලංකාවේ දැන් වෙන වැඩ දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි (දී)
මම හිතන දේ හරිනම් ඔන්න බලන්න මේ වෙඩි තියපු පොලිස් නිලධාරින් තමා වැරදි කාරයො වෙන්නෙ. මොකද හොරු ඇවිත් ෆයිල් අවුස්සන්නෙ නෑනෙ. අර කටු ගෙයි අනික.(නදී)
අපි පොලිසිය අගයන්න ඕනේ මේ වෙලාවේ (දී)
සහෝදරවරුනි,සහෝදරියනි ,පුරාණයේ රජවරු සමග රට පාලනයට සිටියේ රටේ අනාගතයට ආදරයකළ පිරිසක්. තමන්ගේ දහදිය මහන්සියෙන් හරි හම්බකරගෙන ජීවත් වුණු පිරිසක්. අවාසනාවක තරම කියනවනම් අද අපේර ටේ රජුන් සමග රටපාලනයට සිටින්නේ මිනිමරුවෝ ,මංකොල්ලකාරයෝ ,ස්ත්‍රී දුෂකයෝ ,කුඩු මුදලාලිලා ,හොර අරක්කු මුදලාලිලා. අපේ රටට සුභම සුභ අනාගතයක්.(නදී)
ශ්‍රී ලංකා පොලීසියට ජය !!! (දී)
හොද වැඩේ මරලත් මදි. පොලිස් නිලදාරින්ට ඉක්මන් සුවය ලැබේවා. (දී)
ලංකාවේ ජිවත් වෙන්න බැරි තත්වයක් තමයි දැන් තියෙන්නේ (දී)
සමාවෙන්න සර්, අපි හිතුවේ මේක ඇත්තටම සොරකමක් කියා.අපි නොදැනයි මේකට මැදිහත් වුනේ. යාන්තම් හරි මේ වගක් දැන ගෙන හිටියානම් හරි , වෙන තැන් වලදී වගේ අපිව දැනුවත් කලානම් හරි. අපි ඔය පැත්ත පළාතේ යන්නේ නැහැනේ .(නදී)
පොලිසියේ ක්‍රියාව ප්‍රසංශනීයයි . මෙය මේ විදියට නොවුනානම් හෙට අනිත්දා ලංකාවට එන මානවහිමිකම් සභාපතිනියට පෙන්නන්න හොඳ මාතෘකාවක් තබුන ලංකාවේ මාද්‍යවේදීන්ට සලකන විදිය ගැන . ඕව හොඳට සැලසුම් කරලා කරන වැඩ බව බත් කන බූරුවන්ට දැන්වත් තේරෙයිද දන්නේ නැහැ . අනිත් හොරු අල්ලගත්තද දන්නේ නැහැ . පොලිසියට උත්තමාචාරය .(අ)
ෆේයා 3 හොරු අනේ අපිනොදන්න හොරු..අපරාදේ පොලිසිය ඇත්ටටම දන් නැද්ද පව්..හරියට දන්නල කරනම් මැරෙන්නේ නෑ (අ) .
වෙඩි තියලා මදි
ලංකාවේ මේ පවතින තත්වය ඉදිරි අනාගතයට වැරදි ආදර්ශ සපයනවා සිකුරුයි (දී)
සමහරු කියනවා අපරාධ නවත්වන්න ෂරියා නීතිය ගෙනාවොත් හරි කියල. මිනිස්සු අතින් වැරදි සිද්ද වෙන නිසා ෂරිය නිතිය ක්‍රියාත්මක කිරීමේදීත් වැරදි සිද්දවෙන්න පුළුවන්.
මොන හොරකමක් ගැනද ඔය කියන්නේ . කොහෙද යන්නේ . මල්ලේ පොල් . අපිට නම් ආරංචි වෙන කතාවක් .(අ)
ලංකාවේ ඉදිරි ගමන අවිනිෂ්චිතයි (දී)
මරල තියෙන්නේ රණවිරුවෙක් (අ)
එක්සත් ජාතික පක්ෂය තාවකාලිකව දිනවල, පස්සේ ආණ්ඩුවට හරි පැත්තට ගන්න තල්ලුවක් දෙමු
අදයි මම බැලුවේ. අපේ අයව දැක ගන්නත් සතුටුයි. ටෙන්ඩර් විෂය හොරු බෝ කරන විෂයක්. නමුත් මම අකමැත්තෙන් වුනත් මට ඒක කරන්න වෙලා. (අ)
නියමයි නියමයි. ඔහොම තමා මේ අයට කරන්න ඕනා. අපරාධකාරයින් හිතාගෙන ඉන්නෙ තමන්ට බේරිලා ඉන්න පුළුවන් කියලා. මේ අයට වැරදුනේ එතනයි. මොන අපරාධය කලත් පොලිසියෙන් බේරෙන්න බැහැ නේද?(නදී)
හොරකම් කිරීම වැරදි ක්‍රියාවක් බව බුද්ධාගමේ දැක්වේ. නමුත් බුදුහාමුදුරුවෝ කෙලින්ම හොරකම් කරන්න එපා කියලා උගන්නලා නැත. මමත් ටික කාලයක් සිවුරේ හිටපු සාදු කෙනෙක් නිසා බුද්ධාගම ගැන මමත් දන්නවා. බුද්ධාගමේ විදිහට සොරකම් කල බඩු ලඟ තබා ගැනීම පමණක් වැරදි වේ. හොරකම් කරන්නේ නැතුව මේ කාලේ හැටියට මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම අමාරුය. මම ආපදා එකේ කරන රස්සාව කරලා ලැබෙන පඩිය මට දරුවෝ තුන් දෙනෙක් එක්ක ජීවත් වෙන්න මදිය. ඒ නිසා බිරිය සෞදි අරාබියට රැකියාවට යවා තිබුනේය. පුංචි දුව එයා සෞදි ගිහිල්ලා අවුරුදු 3 යද්දී ලැබුනු නිසා එයාව ආයෙමත් ගෙන්න ගත්තා. හොරකම් කරන එක වැරදි නම් මුලින්ම කරන්න තිබ්බේ ආණ්ඩුවට බඩු මුට්ටුවල මිල අඩු කරලා දෙන්න. මේ රජය ගෙනියන වැරදි ආර්ථික ප්‍රතිපත්තය නිසා මිනිස්සු දැන් කාලේ ඉතාම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ලංකාව පුරා ඉතාම වේගයෙන් දරිද්‍රතාවය පැතිරිලා යනවා. මේක පොලිසියට පමණක් නතර කරන්න බැහැ. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි කරුණා කරලා ජනතාවට ජීවන බර අඩු කරන්න. බඩු මුට්ටුවල මිල පහත දමන්න. අපිට රස්සාවක් කරලා මෙහෙම ජීවත් වෙන්න අමාරුනම් කුලී වැඩ කරන මිනිස්සු ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ කොහොමද? ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ළඟ සේවයේ යෙදී ඉන්න උපදේශකවරු 294 න් එක උපදේශකවරයෙකුගේ අවම දළ මාසික වැටුප පමණක් රුපියක් ලක්ෂයකට වඩා වැඩියි. මේ අය වැඩි දෙනෙක් වෙන රස්සාවක් කර ගන්න බැරි අය. සුදුසුකම් තියන උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් රස්සාවල් නැතුව මහපාරේ කුලී වැඩ කර කර ජීවත් වෙන්න වෑයම් කරද්දී කිසිම දැන උගත්කමක් අඩුම තරමන් කිසිම ශීලාචාරකමක් ගෑවිලාවත් නැති නිකම්මු පිරිසක් මාසයකට රුපියල් ලක්ෂ ගණන් පඩි ගන්න එක සාධාරණද? මම වරදක් කිව්වා නම් මට සමාවෙන්න. මගේ හෘද ශාක්ෂියට එකඟව අවංකවයි මෙහෙම කිව්වේ. මෙහෙම කිව්වාට මම ආපදා එකේ රස්සාවට ආවෙත් අපේ ගරු ඇමතුතිමාට පිං සිද්ධ වෙන්න තමයි. නැතිනම් මට වඩා සුදුසුකම් තියෙන උපාධිධාරියෙකුටයි අද මම කරන මේ රස්සාව ලැබෙන්න තිබ්බේ. ගරු ඇමතිතුමා නොහිටියානම් අද මමත් මේ රස්සාවේ නැහැ. මට වඩා සුදුසුකම් තියෙන උපාධිධාරියෙක් අද මම කරන මේ රස්සාවට ඇවිල්ලා තිබ්බා නම් මට වැඩිය හොඳ බව අද මගේ යටත් සේවකයෝ පවා කියනවා. ඒ සියලු දේම නොසලකා මට මේ රස්සාව ලබා දුන්නේ ගරු ඇමතිතුමා. මට ඒ කළගුණය තියනවා. ඒ නිසා මගේ අතින් වැරදි දෙයක් කිය වෙලා නම් මට සමාවෙන්න..(නදී)
හොරකම් කරන එක අන්තිම පහත් ක්‍රියාවක්. මම දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් විදිහට කවදාවත් හොරකම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම කවදාවත් මගේ දරුවන්ට ඔය ජරා පුරුද්ද පුරුදු වෙන්න ඉඩ තියන්නේත් නැහැ. ආයතනයකත් හොරු ඉද්දී ආයතන දියුණු කරන්න බැහැ. සමහරු හොරකම් කරන අතර තමන්ගේ හොරකම් වහ ගන්න දේශපාලන බලය පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ප්‍රසන්න රත්තායක කියන පුද්ගලයා හොරකම් කරනවා. නමුත් කවදාවත් අල්ලා ගන්න බැහැ. මොකද හොරකම් කරන්නේ දේශපාලකයන්ගේ නම් විකුණලා. කරන තරමක් ජරා වැඩ වලට නමගිය පුද්ගලයින්ව පාවා දෙනවා.ඔය ප්‍රසන්න රත්නායක කියන මෝඩ හිඟන්නා දන්න ඉටි ගෙඩියක් නැහැ. මිනිහා නිසා තමයි අපිට හැම හෙනයක්ම සිද්ධ වෙලා තියෙන්නේ.(නදී)
මෙය එක්තරා ආකාරයකට සැලසුම් සහගතව සිදු කරන ලද අපරාධමය ක්‍රියාවක් බව මේ ප්‍රවෘත්තිය සහ ඊට අදාළව පළ කර ඇති අදහස් ප්‍රතිචාර අනුව සැළකිය හැකිය. මන්ද මාධ්‍යවේදිනියගේ නිවසට පැමිණ ඇත්තේ සාමාන්‍ය හොරු නොව කම්බා හොරුබව මේ සිදුවීමේ ඇතැම් සිද්ධිමය ක්‍රියාකාරකම් අනුව පැහැදිලි වන බැවිනි. මේ අදහස්වලින් කුමක් ඇත්තද යන්න පැවසීමට මේ වේලාසන වැඩිය. කුමන ස්වරූපයකින් දැක්වුවද මේ සිදුවීම දළ වශයෙන් ගත් විට අද මේ රටේ සිදුවන මාධ්‍ය මර්ධනයක් පිළිබඳවද කියවෙන බව පැවසිය හැකිය. (නි)
අමුතු හොරු පැය 3 ක්ම මොනවද කළේ.(නදී)
අනේ අපේ හොරු! (නි)
මම මේ මහන්සියට ලංකාදීප පත්තරේ බලද්දී තමයි මුලින්ම මේ හොරකම ගැන දැක ගත්තේ. මම නම් හිතන්නේ මෙතැන සාමාන්‍ය හොරකමකට එහා ගිය සිදුවීමක් තියනවා කියලයි. මොකද හොරු වුනත් ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මිළ මුදල්, රන් ආභරණ, උපකරණ වැනි වටිනා දේවල් හොරකම් කරන්න නෙවෙයිලු. ෆයිල්ස් වගයක් හොරකම් කරගෙන ගෙදරකට සාමාන්‍ය හොරු නම් එන්නේ නැහැ. හොරුන්ගේ අරමුණ අනුව පැහැදිලි වෙන්නේ මේක සංවිධානාත්මකව සිදු කරපු අපරාධයක් කියලයි. මේ ප්‍රහාරය මඟින් මාධ්‍ය නිහඬ කරවීමට වෑයම් කිරීම මේ ප්‍රහාරය සැලසුම් කරපු අයගේ එක අරමුණක්. අනික තමයි රජය විවේචනය කිරීමට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලැබෙන ක්‍රමවේදය හා පුද්ගලයින්ව නිරාවණය කර ගැනීම. පොලිසිය වහා ක්‍රියාත්මක වී අපරාධකරුවන් කොටු කර ගැනීම නිසා මේ සංවිධානාත්මක පිරිසට තමන්ගේ අරමුණ පහසුවෙන් ඉටු කර ගැනීමට ඉඩ ලැබිලා නැහැ. නමුත් මේ ප්‍රවෘත්තියට ලැබෙන විශාල ප්‍රතිචාර හමුවේ ඒ හරහා නිදහස් මාධ්‍යවේදීන් නිහඩ කරවීමේ මානසික මෙහෙයුමක් සිදු කෙරෙනවද කියලා මට නම් සැකයක් තියෙනවා. සිදුවීම සැලවූ අවස්ථාවේදීම ඉතා ක්‍රියාකාරීව මාධ්‍යවේදිනියගේ නිවසට අවශ්‍ය ආරක්ෂාව සලසා දීමට හා ඇයට හිරිහැර කළ මැර පිරිස අත්අඩංගුවට ගැනීමට අවම බලය පාවිච්චි කර නිසි පරිදි පොලිස් රාජකාරිය අකුරටම ඉටු කළ නිර්භීන පොලිස් රණවිරුවන්ට මගේ උත්තමාචාරය පිරි නමමි. එම උත්තමාචාරයෙන් කොටසක් ගරු පොලිස්පතිතුමා වෙතද පිරිනමමි. (නි)
හොරු පැය ගණනාවක් නිවසේ ගතකළේ ඇයි? කිසිම චකිතයක් නැතුව එහෙම ඉන්න පුලුවන්ද හොරුන්ට? වෙනත් ආරංචි අනුව වෙලා තියෙන්නෙ මොකකද කියලා හිතාගන්න බැරි මෝඩයෝ නෙමෙයි අපි . මතක තියාගන්න හැමදාම හැමතැනම මේවා කරන්න බැරි බව. කොතැනකින් හරි එලියට පනිනවා. එදාට ඔයගොල්ලන් බේරගන්න ඔය බැඳපු පිරිත් නූල් වලට බැරිවෙයි (නි)
එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි කාලයක නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ.තිලක් කියපු අදහසට මමත් එකඟයි. (නි)
ටිරල්, ඔබේ නමත් අමුතුයි. නමෙන් ඇති වැඩක් නැහැ තත්වය ගැන අවබෝදයක් ගන්න. අබේවික්‍රම මහත්මිය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සබාපති. මේ ඇවිත් ඉන්නේ සල්ලි හොර ගන්නමද කියන එක ගැන හිතන්න. බොහෝ අයගේ අදහස් කිසි කමකට නැහැ. කරුණාකරලා හොදට සිද්දිය විචක්ෂණය කරලා අදහස් ලියන්න.(නදී)
කබරගොයා තලගොය කිරිම ජරා වැඩක්. ඕක කොල්ලයක් නෙමේ. දේසපාලන වැඩක්. අපි පස්සෙ එක ඔප්පු කරලා පෙන්නන්නම්.(දී)
ටිකිරි මේ, ඔයා මට අපහාස කරන්න එන්න එපා. මම ඔයාට විරුද්ධව අපහාස නඩුවක් දාලා ඔයාගෙන් වන්දි අය කර ගන්නවා. (නි)
මට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ. කොච්චර අවංකව අද කාලේ ජීවත් වුනත් කරන රස්සාවට ගැලපෙන වාටුපක් ලැබෙන්නේ නැති වුනාම මිනිස්සු හොරකම් කරන්න පුරුදු වෙන එක ඒ හැටි අරුමයක් නෙවෙයි. බලන්න අද බැංකු කඩනවා. මහ පාරේ මහ දවල් මංකොල්ල කෑම් කරනවා. මිනිස්සු මරලා කප්පම් අරගෙන විශාල පිරිසක් එයින් ජීවත් වෙනවා. බොරුවට මේ රට කොන්ක්‍රීට් කාන්තාරයක් කලාට වැඩක් නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමවේදයක් රජයක් මඟින් හදාලා නැතිනම්. මිනිස්සුන්ට හොරකම් කරන්න එපා කිව්වට හරියන්නේ නැහැ ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න ඕන. මේ පවතින ක්‍රමය අනුව නම් උගත්කමක් තියෙන, ශිල්පීය හැකියාව තිබෙන අයටවත් එදිනෙදා ජීවත් වෙන්න ඒ ලැබෙන මුදල් හොඳටම මදි. ඉතන් උගත්කමක් වත් නැති, දෑතේ කර්මාන්තයක් වත් නැති අය ගැන මොන කතාද? ඒ අය ජීවත් වෙන්නේ හුළං බීලද? පාතාලා අපරාධකරුවෝ කියලා අමුතු මිනිස්සු ජාතියක් නැහැ. ඒ අයත් අපි ඔයාලා වගේම සාමාන්‍ය ඇට, ලේ, මස්, සම් නහර වලින් හැදුනු මිනිස්සු තමයි. වරද තියෙන්නේ සමාජ ක්‍රමය ඇතුලේ. ඒ වුනාට මේ සමාජ ක්‍රමය ඇතුලේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ට පමණක්ම ඇඟිල්ල දිගු කරන්න එපා. එහෙම කරන එක අන්තිම වැරදියි. ඒ වගේම ඒක පහත් ක්‍රියාවක්. වරද තියෙන්නේ සමාජ ක්‍රමයේ නම් නිවැරදි කරන්න ඕනෙත් සමාජ ක්‍රමයමයි. මිනිස්සුන්ට විතරක් ඇඟිල්ල දිගු කරන්න කළින් මේ විත්තයත් කරුණාකර සිතට ගත්තොත් හොදයි.(නදී)
නිශාන්ත ඩුබායි, ලංකාව රජ කාලේ සාධාරණ සාමකාමී රටක් වෙලා තිබුනේ. බුදුන් 3 වරක් වැඩිය කියල කතාවක් තියෙන හින්ද නොවෙයි. මේ රටේ හිටපු බලවත් රජවරු රට සංවර්ධනය කරලා රටේ නීතිය තදින් සාධාරණව රැක්කා. අද ජනාධිපති තුමාටත් කරන්න තියෙන්නේ ඒකයි. මේ රට ගොඩගන්න. එහෙම නැතිව මේ චාරයක් නැති සංවිධානවලටයි, හොර දේශ පාලුවන්න්ටයි රට කන්න ඇරලා හිටියොත් ලංකාව විනාස වෙලා රට තුනකට බෙදිලා කුලල්කාගෙන තමයි නවතින්නේ. ජනාධිපති තුමාට "පරාක්‍රම බාහු" රජතුමාගේ ස්වභාවය ගන්න කාලය දැන් හරි.(නදී)
සාදු,සාදු,සාදු. සමහරු නිකන් බොරුවට බන කතා ලියනවා. මේ සිද්දිය නිදහස් මතධාරී මාධ්‍යවේදීන්ට කරන ලද විශාල තර්ජනයක්.මේක මිනිස් මංකොල්ල කෑමක් මුදල් නොවේ . කොන්ත්‍රාත් ක්‍රමයේ ක්‍රියාවක්. ඔය අල්ලපු ඉතිරි 'හොරු' නිදහස් කරන්න එපා.(නදී)
හොරකම් කරන එක වැරදියි. ඒක මම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මුළු මහත් සමාජයම ඒක අනුමත කරන්නේ නැහැ. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි හැම කෙනෙකුම චාරිත්‍රයක් වශයෙන් පන්සිල් සමාදන් වීමේදී බුදුහාමුදුරුවන් ඉදිරියේ සංඝ රත්නය ඉදිරියේ පොරොන්දු වෙනවා මම අන් සතු දෙය සොරකම් නොකරමි කියලා. සමහරු පන්සිල් ගත්තට පන්සිල් පද පහේ තේරුමවත් හරියට දන්නේ නැහැ. ගිහි අය ගැන මොන කතාද අද කාල් හොඳ අවංකව ප්‍රතිපත්තගරුකව ජීවත් වෙන අවංකව කෝටියක් සංවර ශීලය රකින් බෞද්ධ භික්ෂූන් වහන්සේ ලා වුනත් ඉන්නේ කීයෙන් කී දෙනාද අවංකව සිල්වත් අය විදිහට වැඩ ඉන්නේ. මෙහෙම කිව්වාට මාව වරදවා තේරුම් ගන්න එපා. මොකද මමත් පාරම්පරිකව හොඳ බෞද්ධයෙක්. අදටත් ගමේ දායක සභාවේ මම ඉන්නවා. අදින්නාදානා වේරමණී කියන්නේ පොල් ගෙියක් පුවක් ගෙඩියක් වගේ පුංචි දෙයක් පමණක් හොරකම් කිරීම විතරක් නෙවෙයි. රටක මහජනතාව විසින් භාණ්ඩ හා සේවා වලට බදු වශයෙන් ගෙවන බදු මුදල් කෝටි, ප්‍රකෝටි ගණන්වලින් කොමිස් මුදල් වශයෙන් ගසාකෑම පවා අදින්නාදානා වේරමණී කියන ශික්ඛා පදයට අයිතියි. අද බලන්න හැම තැනම පාරවල් හැදෙනවා. සාමාන්‍ය පාරකට තාර දානවටත් වඩා ඉක්මනින් රටේ හැම තැනකම අධිවේගී මාර්ග ඉතාම සීඝ්‍රයෙන් ඉදිවෙනවා. ඒ එක පාරක වර්ග අඩියක වැඩ නිම කරන්න රුපියල් ලක්ෂ 70-90 අතර මුදලක් වියදම් වෙනවා. මේවා ඇත්තටම පාර හදන්න වැය වෙන මුදල පමණක්ද? එහෙම නම් කමක් නැහැ. නැහැ මේවා වලින් වැඩි හරියක් කොමිස් මුදල් වශයන් ඉහළ ඉඳලා පහළටම ඉන්න වවිධ මට්ටම්වල නිලධාරීන් අතර කොමිස් මුදල් වශයෙන් බෙදිලා එකිනෙකාගේ සාක්කුවලට තමයි යන්නේ. කොමිස් වශයෙන් මෙහෙම බෙදිලා යන මුදල් තමය රටක ජනතාවගේ බදු මුදල්. එතකොට මහජනතාව හිතා ඉන්නවා මේ දැවැන්ත ව්‍යාපෘති වලට අවංකවම මේ මුදල් වැය වෙනවා කියලා. ඇත්තටම මේ ව්‍යාපෘතිවලට වැය වෙන්නේ මේ වැය වෙතැයි කියලා හොර ඇස්තමේන්තු හදලා පෙන්වන මුදලට වඩා බොහෝම සුළු මුදලක්. උදාහරණයක් විදිහට වර්ග අඩියකට රුපියල් ලක්ෂ 90 කියලා බොරු ඇස්තමේන්තු හදලා පෙන්වන කාර්යක් නිම කිරීම සඳහා ඇත්තටම වැය වෙන්නේ ඒ මුදලින් 1/5 කටත් වඩ සුළු මුදලක්. පුංචි ගානකින් කාර්යය නිම කලාම ඉතිරි වෙන සම්පූර්ණ ධනස්කන්ධය යන්නේ කාගේ සාක්කුවලටද? ඒ පාරේ වැඩ ටෙන්ඩර් බාර දුන්න තැන ඉඳලා ඉන්න නිලධාරී බුරුත්ත අතරේ ටිකක් බෙදිලා යන අතර පළාත් සභා, ආයතනවල ඉන්න දේශපාලන ලොකු පුටු අතර විශාල මුදලක් කොමිස් ලෙස බෙදිලා යනවා.අද මෙහෙම තමයි මේ රටේ මහ ලොකු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හැම දෙයක් සිද්ධ වෙන්නේ. රටේ මහ ජනතාව මේ සියල්ල බලා ඉන්නේ ඉතා ටික කාලයයි. මේ විදිහට ගියොතින් අපේ රටේ කිරි පිටි පැකට් එක, පාන් ගෙඩිය, හල් කිලෝ එක, පොල් ගෙඩිය පවා සේප්පුවල දාලා පරිස්සම් කර ගන්න ඉදිරියේදී ජනතාවට සිදු වේවි අනිවාර්යයෙන්ම. මොකද අද මේ රට යන විදිහට හොරකම මේ රටේ ප්‍රධානතම ජාතික කර්මාන්තය විදිහට නොනිල වශයෙන් ප්‍රකාශයට පත්වේවි කියලා මට අනිවාර්යයෙන්ම හිතෙනවා. එතකොට නැති බැරි අහිංසක දුප්පත් මිනිහෙක් බුලත් කොලයක්, පුවක් ගෙඩියක් හොරකම් කිරීම විතරක් නෙවෙයි ඊට වඩා සිය දහස් වාරයක් රටට සමාජයට අහිතකර වෙන්න මම මේකේ මුලින්ම සඳහන් කළ මහා පරිමාණ වංචා, දූෂණ, කොමිස් ගැහිලි ආදියයි. ඒ නිසා හොරකම පුංචි මිනිකේ බුලත් කොලයක්, පුවක් ගෙඩියක් හොරකම් කලාට වඩා අධිවේගී සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහා පරිමාණයෙන් සිදු කරද්දී සිදුවන පාපකර්මය අතිවිශාලයි. මේ නිසා හොරකම් නවත්වන්න සිදු කරන්න ඕනේ මේ රටේ ඉහළ සිට පහළට සිදුවන මහා පරිමාණ කොමිස් ගැහිලි වහාම නවත්වන එකයි. එවිට මේ රටේ සිදුවන මෙවැනි පුංචි හොරකම් නතර වේවි. ගුරුතුමා හිටගෙන කරද්දී වැරදි වැඩේ ගෝලයේ දුව දුව විතරක් නෙවෙයි නට නට වුනත් කරනවා. ඒ නිසා මුලින්ම ගුරුවරයාව නිවැරදි කරන්න ඕනේ.(නදී)
අර කතාවක් තියනවා නේද විද්දේ පදුරට වැදුනේ හාවට කියලා. අපේ පොලිසිය මහත්වරු කතා ලියන්න දක්ෂ නිසා දැනටමත් හොද පද රචනයට සින්දුවක් හදලා තනුත් දාලා ගායකයකුත් තෝරාගෙන ඇති.(නදී)
මෙතන වෙනම කතාවක් නේද තියෙන්නේ?එක් කෙනෙක් මෙම මාධ්‍යවේදිනියව ගිය සතියේ හැදින්නුවේ දේශද්‍රෝහී කියලා නේද ? (නි)
මේ කට්ටිය හොරු නොවෙයි.වෙන කට්ටියක් (නි)
කොල්ල කන්නට උත්සහ කර ඇත්තේ භාෂණයේ නිදහසයි . (නි)
අද අපිට ඉන්න පළා බබා සෙට් එකෙන් මීට වඩා යමක් බලාපොරාත්තු වෙන්න බැහැ. ප්‍රසන්න රත්නායක සහෝදරයා. ඔයා කිව්ව කතාවට මමත් එකඟයි. මොකද හොරකම් කරන්න පුරුදු වෙන්නේ වෙනත් රස්සාවක් කරගන්න නොලැබුනු නිසායි. මමත් මේ සුළු රැකියාවක නියැලිලා ඉන්න අතර තුර ඉංජිනේරු පාඨමාලාවක් හදාරනවා. මම ගණිත මාධයෙන් උසස් පෙළ සමත් වෙලා ඉන්නේ. මම දැන් කරන රස්සාව ඇහුවොත් හැමෝමට පුදුම වේවි. මම රජයේ ආයතනයක අනුන්ට තේ හදනවා. තේ අල්ලනවා. මගේ රස්සාව ඒකයි. මම කොච්චර ඉහලට ඉගෙන ගෙන තිබ්බා වුනත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ කිසිම දවසක. මම ආම්බර වෙනවා මගේ රැකියාව ගැන. මම හොරකම් කරන්නේ නැහැ. පික් පොකට් ගහන්නේ නැහැ. වෙන කිසිම වැරදි වැඩක් කරන්නේ නැහැ. මට වැඩිය උගත්කම්, සුදුසුකම් තියෙන අය මා වැඩ කරන තැන්වල සුළු සුළු රැකියාවල නිරත වෙලා ඉන්නවා දකිද්දී මගේ රස්සාව කවදාවත් මම පහත් කරලා හිතන්නේ නැහැ. සමහර වෙලාවට මම තේ එක අල්ලන තැන ක්ලාක් මහත්තය උසස් පෙළ අසමත්. නමුත් මම ගණිත මාධ්‍යයෙන් උසස් පෙළ සමත්. ඕන්න ඕකයි සැබෑ වෙනස. අනික සමහර ඉහළ කළමනාකාරීත්වයට අදාළ ඇතැම් තනතුරුවල පවා කිසිදු සුදුසුකමක් නැති අවම තරමින් උපාධියක් වත් නැති අය ඉන්නවා මම ඇස් දෙකින්ම දැකලා තියෙනවා. නිදසුනක් විදිහට සහකාර අධ්‍යක්ෂ තනතුර සඳහා තියෙන එක අවම සුදුසුකමක් තමයි උපාධියක් තියෙන එක. නමුත් උපාධියක් නැති අයත් ඒ තනතුරේ ඉන්නවා මම දැකලා තියනවා. වැඩිපුරම සුදුස්සන්ට අවහිරතා, කරදර ඇති කරන්නේම එබඳු නුසුදුසු අය කියලා මම දැකලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව එයාලා ළඟ තියෙන හීනමානය. එයාලගේ හිත දන්නවා එයාලා ඉන්න ඕන නියම තැනට වඩා ලොකු තැනක ඉන්නවා කියලා. ඒක නිසා ඇත්තටම සුදුසුකම් තියෙන අයට එයලා නොයෙකුත් ලෙඩ දානවා. රහසිගතව නොයක් නින්දා අපහාස කරවලා රස්සාව දාලා යන තැනට වැඩ සලස්වනවා. තමන්ට සුදුසු නැති තනතුරක් යමෙකු දැරීමත් හොරකමක් තමයි. මොකද ඒක හිමි වෙන්න ඕන සුදුසුකම් ඇති කෙනෙකුට නිසා. සුදුස්සා පැත්තක තියෙද්දී විවධ දේශපාලන දැන ඇඳුනුම්කම් භාවිතා කරලා අද මේ රටේ විශාල පිරිසක් නොසුදුසු ලෙස ඉහළ තැන්වල වැජඹෙනවා. සුදුසුකම් තියෙන දේශපාලන ඥාතී සම්බන්ධතා මොකුත් නැති ඉතාමත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියෙන විශාල පිරිසකට රස්සාවල් නැතුව දුක් විඳිනවා. සමහරු ඌන සේවා වියුක්තිකයින්ව ඉන්නවා. තමන්ගේ සුදුසුකම්වලට කිසිසේත්ම නොගැලපෙන මොකක් හරි රස්සාවක් කරලා ජීවත් වෙන්න වෑයම් කරන අයත් මේ අතර විශාල පිරිසක් ඉන්නවා. මේ වගේ පසුබිමක මේ වගේ හොරකම් සිදුවීම එතරම් අරුමක් විදිහට මම දකින්න් නැහැ.(නදී)
මේ අදහස් දාලා තියන අය ලංකාවේද නැත්නම් අන්ද මන්ද දූපතෙන්ද? ඔතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. (නි)
අපේ රණවිරුවන්ට හොරු කියලා කියන්න එපා. ඒ අය ආවේ රාජකාරියකට. (නි)
හොරු වෙනුවෙන් කව්රු හරි කතා කරන්නේ නැති කම සමාජ අසාධාරණයක්. රස්සාවල් නැහැ.බඩු ගිනි ගණන්..ඇත්තෝ කති බොති සුඛ විහරණය කරති. අහිංසකයන්ට ඇත්තේ තිබෙන තැනකින් හොරකම් කිරීම පමණි. (නි)
මන්දනා ස්මයිල් මහත්මිය සහ ඇගේ සැමියා තැනට සුදසු නුවන පාවිචි කළ නිසා ජීවත කීපයක්ම බේරා ගැනීමට හැකිවීම සතුටක්, පොලිසියේ මහතුන්ට ඉක්මන් සුවය! මේ අයට අපේ උපහාර! සොරුන්ට දැඩි දඩුවම් දෙන්න. (නි)
මේ මාධ්‍යවේදිනියට පසුගිය දිනක දේශද්‍රෝහී ලේබලය අලවා මරණ තර්ජනත් එල්ල කර තිබුනා නේද ?ඇය තම ජීවිත අවදානම පිළිබඳව අවධානයෙන් නොසිටියේ නම් තවත් මාධ්‍යයවේදිනියක් අතුරුදහන් වීමට ඉඩ තිබුනා. (නි)
මාධ්‍ය වේදීන්ගේ ජීවිත වලට ඇති තර්ජනය සහ අවධානම දිනෙන් දින උග්‍ර වේ.මේවා සොරකමක මුහුණුවරකින් හෝ නාදුනන කණ්ඩායමක මුහුණුවරකින් කලත් පරමාර්ථය එකමය.
මාධ්‍ය වේදීන්ගේ ජීවිත වලට ඇති තර්ජනය සහ අවධානම දිනෙන් දින උග්‍ර වේ.මේවා සොරකමක මුහුණුවරකින් හෝ නාදුනන කණ්ඩායමක මුහුණුවරකින් කලත් පරමාර්ථය එකමය.
මාධ්‍ය වේදීන්ගේ ජීවිත වලට ඇති තර්ජනය සහ අවධානම දිනෙන් දින උග්‍ර වේ.මේවා සොරකමක මුහුණුවරකින් හෝ නාදුනන කණ්ඩායමක මුහුණුවරකින් කලත් පරමාර්ථය එකමය.
රට යන අත කාට හෝ කිව හැකිද (දී)
පොලිසියට ජයවේවා කල වැඩේ 100% හරි (දී)
ඔය ඔක්කොම කියන දේවලුත් එක්ක මම එකක් කියන්නම්..පොලිසියට තියෙන බලය පාවිච්චි නොකරපු නිසා මේ රටට උන දේ හොදටම ඇති.(නදී)
ඔය ඔක්කොම කියන දේවලුත් එක්ක මම එකක් කියන්නම්..පොලිසියට තියෙන බලය පාවිච්චි නොකරපු නිසා මේ රටට උන දේ හොදටම ඇති. කරුණාකර දැන්වත් ඇස් දෙක කන ඇරගෙන වැඩ කරලා වැඩ කරන්න.(නදී)
සඳරුවන්, අද කවුද මල්ලි සුදුසුකම් ඇතුව රස්සව කරන අය ඉන්නේ. ඔයා ඔහොම කියද්දී මට මා ගැනත් කියන්න දේවල් තියෙනවා. මමත් උසස් පෙළ සමත් වෙලා ඉන්නේ. ඒත් මමත් ඔයා වගේම සුළු රස්සාවක් නේ අද කරන්නේ. ඕක ඔයාට වගේම මටත් පොදු දෙයක්. ඉස්සර නම් කිව්වේ තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. නමුත් දැන් කාලේ එහෙම නැහැ. රටේ හොරකම් මංකොල්ලකෑම් වැඩියි තමයි. මමත් මේ රජය බලයට පත් කරන්න මගේ ඡන්දය ලබා දුන්න කෙනෙක්. නමුත් අද රට මේ යන විදිහ මම වුනත් අනුමත කරන්නේ නැහැ. මොකද අද හැමෝම බලන්නේ අනුන්ට මොකක් හරි අංචියක් ඇදලා හරි කීයක් හරි හොයා ගන්න තමයි. ඒ වගේම මුළු රට පුරාම සුරාව, සුදුව, ගණිකා ව්‍යාපාරය, හොර මත්පැන්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, බැංකු මංකොල්ල හැම තැනම ඉතාම බහුල විදිහට සිදු වෙනවා. රටක මංකොල්ලකෑම්, අපරාධ නැති කරලා රට සුරක්ෂිත කරන්න පොලිසියට විතරක් තනියම ක්‍රියාත්මක වෙන්න බැහැ. පොලිසිය මේ සිදු කරන මෙහෙවරට මගේ ප්‍රණාමය හිමි වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මේ රටේ නීතිය, ප්‍රතිපත්තිය හා ආර්ථික සැලසුම් බාරව සිටින වගකිව යුතු පිරිස් මීට වඩා මේ රටේ ජනතාව පිලිබඳව සංවේදීව සිතිය යුතු යැයි මම සිතමි. අපි පමණක් යුතුකම් ඉටු කළාට මදිය. පාලක පිරිස්ද රටේ ජනතාවට තමන්ගෙන් විය යුතු යුතුකම් ටික හරි හැටි ඉටු කළ යුතුය. රටක් දියුණු වනුයේ එවිටයි. ප්‍රතිපත්තියෙන් ආදර්ශමත් විය යුතු මේ පිරිස එය පැහැර හැර හැමදාම රටේ විපක්ෂයම හැම වැරැද්දකටම මාධ්‍ය හරහා දෝෂාරෝපණය කරවීමේ පිළිවෙත මහජනතාව අනුමත නොකරනු ඇත. (නි)
හොරුන්ට ගිය කල
අපි අය අවේ සොරකමට නොවෙයි (දී)
රත්නායක මහතා වෙත, උපාධියක් ගත පමණින් රස්සාවක් දෙන්න බැහැ නේද? උධාහරනයක් හැටියට බෞද්ධ සස්කෘතිය ගැන ඉගෙන ගත්තු කෙනෙක්, කොහොමද ආයතනයක් පාලනය කරන්නේ? එකට කළමනාකරණ උපධියක් තියෙන්න ඕන නේද? අද රාජ්‍ය ආයතනකට ගියාම පිස්සු හැදෙනවා. අලුතෙන් අරන් තියෙන අ ය දැක්කම. අනික නිදහස් අධ්‍යාපනය දුන් පමණින් නිකම්ම උපධියක් නැතුව, රට අවශ්‍ය තමන්ට අනාගතයක් තියෙන දෙයක් කලොත් එකෙන් පල නෙලා ගන්න පුළුවන්. ගොඩක් අය අනවශ්‍ය විෂයන් කරලා රස්සාවල් නැතුව උඩ බලන් ඉන්නවා. මම උපාධි ධාරියෙක් උනත් පුග්ගලික අංශයේ වැඩ කරන්නේ. ඔය අපධා කළමනාකරණය ගැනද උපධිය කලේ'? දන්නේ නැති නිසි ඇහැව්වේ? (දී)
මේ අමුතුම හොරු කණ්ඩායමක්.මොකද ජ්‍යෙෂ්ට මාධ්‍යවේදිනියක් තම අරමුණ සඳහා ඉලක්ක කරගැනීම සහ ඔවුන් වටිනා භාණ්ඩ සොරා ගැනීමට වඩා ලිපි ගොනු පරීක්ෂා කිරීමට ප්‍රමුඛතාවක් ලබා දීම.මීට පෙර මේ මාධ්‍යවේදිනියට මරණ තර්ජනද තිබු බව දැනගන්නට ලැබුණි. (නි)
මමත් සඳරුවන් මල්ලි කියන එක අනුමත කරනවා. උගත්කමට අද මේ රටේ කිසිම තැනක් නැහැ. ඒකයි මිනිස්සු මේ විදිහට හොරකම් කරන්නේ සල්ලි මංකොල්ල කන්නේ. මේකේ අදහස් දාලා තියන මිහිඳු කියන කෙනා කියලා තියෙන දේවල් නම් සත පහකට වැඩක් නැහැ. මේ නිවස මංකොල්ලකාලා .තියෙන්නේ ඇය මාධ්‍යෙව්දිනියක් නිසා නොවෙයි. බොරුවට කටට එන හැමදේම හිතන්නේ නැතුව නූගත් අය වගේ වමාරන්න එපා. මේකේ අදහස් දක්වලා තියෙන වැදගත් උගත් බුද්ධිමත් අයගේ අදහස් වලට ගරු කරලා ටිකක් ශීලාචාරව කතා කරන්න ඉගෙන ගන්න. මමත් උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් සමත්. නමුත් මම කරන්නේ රියදුරු රැකියාව. මම නම් කියන්න් බොරුවට දේශපාලන පත්වීම් ලබා නොදී සුදුසුස්සාට සුදුසු දේ ලබා දිය යුතුයි. නැත්නම් මේ රට මේ යන විදිහට බොහෝම ඉක්මනට ආර්ථික වශයෙන් කඩා වැටෙනවා කඩා වැටෙනවාමයි. (නි)
හොරුන්ට වෙඩි තියන්න ගියොත් ලංකාවේ කී දෙනෙකුට වෙඩිතියන්න වෙයිද?? (නි)
මාධ්‍යවේදීන්ට පළමුව දේශද්‍රෝහී ලේබලය.දෙවනුව තර්ජනය. තෙවනුව පැහැර ගැනීම්, විපත් සිදු කිරීම ,හෝ වධ හිංසාව. (නි)
සුදුස්සාට අද මේ රටේ තැන ලැබෙනවා නම් අද මට වුනත් මෙහෙම දේවල් වෙනවායෑ. මට වුනත් හොඳ තැනක රස්සාව ලැබුනු නිසා හොඳයි. නැත්නම් මටත් වෙන්නේ චමිල්ට වුනා වගේ නිකම්ම රස්සාව දමලා ගහලා ගෙදර නතර වෙන්න මට කරපු දේවල් වල හැටියට. මේකට ප්‍රධානම හේතුව ආයතනවල ඉන්න ප්‍රධානීන් අනුන්ගේ කේලම් 100% විශ්වාස කිරීම. සමහරු ෆෝන් වලට රෙකෝඩ් කරගෙන ඇවිල්ලා සාක්ෂිත් එක්ක කේළම් කියනවා. එතකොට ප්‍රධානියට ඒත්තූ ගන්නන්න ලේසි නිසා. කෙනෙක් හොරකම් කරනවා කියන්නේ තවත් කෙනෙකුට හිමි වෙන්න ඕනෑ දෙයක් තමන් සතු කරගැනීමයි. මේ අනුව මිළ මුදල් දේපළ කීර්ති නාමය විතරක් නෙවෙයි නම්බුව කීර්ති නාමය වගේ දේවල් පවා හොරකම් කියන කොටසට අයිති වෙනවා. ඒ අනුව හොරකම් වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළමු එක ද්‍රව්‍යාත්මක හොරකම්. ඒ කියන්නේ මිල මුදල් වස්තුව දේපළ වගේ දේවල් හොරකම් කිරීම. දෙවන කොටස අද්‍රව්‍ය හොරකම්. අනුන් සතු කීර්තිනාමය, නම්බුව, පෙළපත් නාමය වගේ දේවල් අවසරයකින් තොරව භාවිතා කිරීමට මේකට අයිතියි. මේ හොරකම් වර්ග දෙකින් අද්‍රව්‍ය හොරකමේ නියැලිලා ඉන්නේ තරමක් දැන උගත් ඉහළ සමාජ මට්ටමක් තියන සමාජයේ වැදගත් උදවිය විදිහට පෙනී ඉන්න අය. ද්‍රව්‍ය හොරකම් කියන වර්ගයේ හොරකම් කරන්නේ බහුලවම නූගත්, අඩු අධ්‍යාපන මට්ටමක් තියෙන අඩු සමාජ මට්ටමක් තියන දිළිඳු අය. මේ අතර මීට වඩා වෙනස් සමාජ මට්ටම් තියන අය ටික දෙනෙක් ඉඳියි. මම නැහැ කියන්නේ නැහැ. ඉතින් මේ ප්‍රවෘත්තියේ පළ වෙන්නේ අද ද්‍රව්‍ය හොරකම් කියන කොටසට අයිති පිරිසක් කරපු හොරකමක් ගැනයි. (නි)