(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටිය ගාලුපාරේදී මාරක රිය අනතුරක් සිදුකර ත්‍රිරෝද රථ රියැදුරෙකු මරණයට පත් කර ඩුබායි රාජ්‍යයට පලා ගොස් නැවත පැමිණ සිටියදී කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා අද (13) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 10 පදිංචි 26 හැවිරිදි මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රයිසුල් නැමැත්තාය.
සැකකරු ඉකුත් 12 වැනිදා රාත්‍රී 9.50ට ඩුබායි සිට එමිරේට්ස් ගවන් සේවයේ ඊ කේ 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට පැමිණී අවස්ථාවේදී ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන භාරදුන් බව කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරාතිරම නොබලා දඬුවම් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.
මේක බොරුවක් වෙන්න ඕන. මුස්ලිම් අය මත්පැන් බොන්නේ නැහැ නේද.?