IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොල්ලුපිටියේ මන්දිරයකට හොර ඔප්පු හදලා

හොර ඔප්පුවක් ලියා කොල්ලුපිටියේ අල්විස් පෙදෙසේ රුපියල් කෝටි 75ක මන්දිරයක හිමිකාරිය පන්නා දැමීමට කටයුතු කළැයි කියන පිරිසේ තුන් වැනි සැකකරුගේ නිවසේ තිබී ගිනි අවි තුනක් හා උණ්ඩ සොයා ගත් බව රහස් පොලිසිය අද  අධිකරණයට දැන්වීය.

ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තුන් වැනි සැකකරුට එරෙහිව වෙනම බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

ඉඩමේ හිමිකරු වූ ලාංකිකයා මිය ගිය පසු ඔහුගේ බිරිය වන ඉන්දියා ජාතික කාන්තාවට ඉඩමේ හිමිකාරිත්වය නොයන පරිදි හොර ඔප්පු ලියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සිද්ධියේ එක් සැකකරුවකු රිමාන්ඩ් බාරයේ සිටින අතර සෙසු සැකරකුවෝ ඇප මත සිටිති.



අදහස් (0)

කොල්ලුපිටියේ මන්දිරයකට හොර ඔප්පු හදලා

ලක්සිරි Wednesday, 06 April 2016 03:56 PM

මගෙත් කොළඹ වටිනා ඉඩමකට අවුරුදු ගානක් තිස්සේ නඩු කියනවා. අනේ ඇත්තට මෙහෙම කොලොප්පන්, වෙන රටවල නෑනේ.අපේ රට මුල ඉඳන් කණපිට හරවල හදන් නැතිව මේ ප්රුශ්න විසදන්න බැහැ.(හේ)

:       0       0

ඉම්රාන් Thursday, 07 April 2016 05:20 AM

ඉඩම් කොමසාරිස් මගෙන් පගාව ඉල්ලුව හොර ඔප්පුවක් හදල දෙන්න.(බ)

:       0       0

කිත්සිරි Wednesday, 06 April 2016 08:03 PM

අනේ මන්දා මෙහෙම යනකොට තව ඉස්සරහට මොන මොනවා වෙයිද කියලා (නි)

:       0       0

කෝනාර Wednesday, 06 April 2016 10:14 PM

ඇයි අපේ රටට බැරි කෙනෙකුගේ නම හෝ හඅඳුනුම්පත් අංකය ඇතුළත් කළවිට එයාගෙ නමින් ඇති ඉඩම් වාහන මොනවද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් හදන්න. දැනට කාඩ්බොඩ් ෆයිල් වල ඇති දත්ත පරිගණකයට ඇතුළත් කරන්න විතරයි ඕනෑ. වෙන රටවල මේවා තියෙනවා. අපේ අය වෙන වෙන මහප්‍රාණ කළාට මේ වගේ දේවල් කරන්නෙ නැහැ. (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 06 April 2016 11:35 PM

අනුන්ගේ දේවල් අත්කරගන්නා, අනුන්ගේ දියුණුවට අකුල්හෙළන එකම ජාතිය අපේ ජාතියද? (නි)

:       0       0

රාජුන් Wednesday, 06 April 2016 11:44 PM

මේ හොර ඔප්පු හදන්න රජයේ කාර්යාල වලින් උදව් ලැබෙන්න ඕනෑ. අන්න ඒ කාර්යාල වල වැඩ කරන මේ වගේ වැඩ වලට උදව් දෙන අය අල්ලලා උල තියන්න තියෙන්නේ. දැක්කා නේද හොර උප්පැන්නයක් හදලා මැදපෙරදිගට ඇරිය අහිංසක දැරිවියට වුණ දේ (නි)

:       0       0

පෙරේරා Thursday, 07 April 2016 12:37 AM

එහෙම වෙන්න තිබෙන ඉඩකඩ බොහොමයි ධම්ම (නි)

:       0       0

ධම්ම Wednesday, 06 April 2016 01:48 PM

තිස් අවුරුද්දක් පිටරට කඹුරලා හදාගත්ත මගේ ගෙටත් හොර ඔප්පු හදයිද දන්නේ නැහැ. එහෙම වුනොත් වහ කන්න තමයි වෙන්නේ.(හේ)

:       0       0

බණ්ඩාර Thursday, 07 April 2016 03:59 AM

අපේ තාක්ෂනය තවම ඉබිගමනේ අරාබි රටවල් හැදුනුම්පත අංකයෙන් මුළු පැටිකිරියම එලියට එනවා. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site