හොර ඔප්පුවක් ලියා කොල්ලුපිටියේ අල්විස් පෙදෙසේ රුපියල් කෝටි 75ක මන්දිරයක හිමිකාරිය පන්නා දැමීමට කටයුතු කළැයි කියන පිරිසේ තුන් වැනි සැකකරුගේ නිවසේ තිබී ගිනි අවි තුනක් හා උණ්ඩ සොයා ගත් බව රහස් පොලිසිය අද අධිකරණයට දැන්වීය.
ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තුන් වැනි සැකකරුට එරෙහිව වෙනම බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඉඩමේ හිමිකරු වූ ලාංකිකයා මිය ගිය පසු ඔහුගේ බිරිය වන ඉන්දියා ජාතික කාන්තාවට ඉඩමේ හිමිකාරිත්වය නොයන පරිදි හොර ඔප්පු ලියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
සිද්ධියේ එක් සැකකරුවකු රිමාන්ඩ් බාරයේ සිටින අතර සෙසු සැකරකුවෝ ඇප මත සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙත් කොළඹ වටිනා ඉඩමකට අවුරුදු ගානක් තිස්සේ නඩු කියනවා. අනේ ඇත්තට මෙහෙම කොලොප්පන්, වෙන රටවල නෑනේ.අපේ රට මුල ඉඳන් කණපිට හරවල හදන් නැතිව මේ ප්රුශ්න විසදන්න බැහැ.(හේ)
ඉඩම් කොමසාරිස් මගෙන් පගාව ඉල්ලුව හොර ඔප්පුවක් හදල දෙන්න.(බ)
අනේ මන්දා මෙහෙම යනකොට තව ඉස්සරහට මොන මොනවා වෙයිද කියලා (නි)
ඇයි අපේ රටට බැරි කෙනෙකුගේ නම හෝ හඅඳුනුම්පත් අංකය ඇතුළත් කළවිට එයාගෙ නමින් ඇති ඉඩම් වාහන මොනවද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් හදන්න. දැනට කාඩ්බොඩ් ෆයිල් වල ඇති දත්ත පරිගණකයට ඇතුළත් කරන්න විතරයි ඕනෑ. වෙන රටවල මේවා තියෙනවා. අපේ අය වෙන වෙන මහප්‍රාණ කළාට මේ වගේ දේවල් කරන්නෙ නැහැ. (නි)
අනුන්ගේ දේවල් අත්කරගන්නා, අනුන්ගේ දියුණුවට අකුල්හෙළන එකම ජාතිය අපේ ජාතියද? (නි)
මේ හොර ඔප්පු හදන්න රජයේ කාර්යාල වලින් උදව් ලැබෙන්න ඕනෑ. අන්න ඒ කාර්යාල වල වැඩ කරන මේ වගේ වැඩ වලට උදව් දෙන අය අල්ලලා උල තියන්න තියෙන්නේ. දැක්කා නේද හොර උප්පැන්නයක් හදලා මැදපෙරදිගට ඇරිය අහිංසක දැරිවියට වුණ දේ (නි)
එහෙම වෙන්න තිබෙන ඉඩකඩ බොහොමයි ධම්ම (නි)
තිස් අවුරුද්දක් පිටරට කඹුරලා හදාගත්ත මගේ ගෙටත් හොර ඔප්පු හදයිද දන්නේ නැහැ. එහෙම වුනොත් වහ කන්න තමයි වෙන්නේ.(හේ)
අපේ තාක්ෂනය තවම ඉබිගමනේ අරාබි රටවල් හැදුනුම්පත අංකයෙන් මුළු පැටිකිරියම එලියට එනවා. (කෞ)