ආයුර්වේද සම්භාහන ආයතනයකට මුවාවී කොළඹ කොල්ලුපිටියේ ගණිකා නිවසක් පවත්වාගෙන ගිය බවට 2011 දී පැවරූ නඩුවකින් එහි අඳ හිමිකරු හා සේවිකාවෝ අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් නිදහස් කරනු ලැබූහ.
කොල්ලුපිටිය පොලිසිය නීති විරෝධී ලෙස එම ස්ථානය වටලා ඇතැයි ද, පැමිණිල්ල ඔප්පුකිරීමට බැරිවීයැයි ද මහේස්ත්‍රාත්වරයා කීවේය.
සමාගම් පනත යටතේ තම සම්බාහන මධ්‍යස්ථානය 1958 දී ඇරැඹූ බවත් ළමා කාලයේ අඳ භාවයට පත් වූ තමා රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ දී සම්භාහනය ඉගෙන ගත් බවත්, සෝදිසි වරෙන්තුවක් නොමැතිව කොල්ලුපිටිය පොලිසිය 2011 අගෝස්තු 10 වැනි දා තම මධ්‍යස්ථානය වටලූ බවත් එහි හිමිකරු නවරත්න බණ්ඩා (83) මහතා සාක්කි දෙමින් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනා මැඩම්ගේ සම්බාහන මධ්‍යස්ථානයට පොලිසිය සලකපු හැටි හැමෝම දන්නවානේ. ඇයි අර සඟිස්කුරුතිය රකින්න ඉන්න එක්කෙනාත් සාක්කිනේ. (අ)
"ලංකාවේ මේ වගේ තැන් වහලා දාන්න ඕනේ." නොදන්නා දේගන කතා නොකර හිටියොත් හොඳි නේද? මහේස්ත්‍රාත් තුමා මෙයා නිදහස් කලේ එතුමා සැහීමකට පත් උන නිසයි. (නදී)
මේ වගේ සේවාවන් ගැන පොලිසියට හොඳ දැනුමක් ලබා දෙන්න ඕනෑ. පටු විදියට බලන්න හොඳ නැහැ. සම්භාහන ආයතන සියල්ල ගණිකා නිවස නෙමෙයි.පිළිගත් සම්භාහන ආයතනයකට යන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. (නි)
ඔය තැන ගැන මමත් දන්නවා.ඇත්තටම මෙහෙම තැන් ලංකාවේ තියෙන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. එතකොට මිනිසුන්ට තිබෙන මානසික අසහනතා නැතිකරගන්න පුළුවන්. (නි)
ලංකාවේ මේ වගේ තැන් වහලා දාන්න ඕනේ. අනෙක් දේ තමයි මේ ටුවරිස්ට් ගයිඩ්ල හැටියට ඉන්න අපේ ගැහැණු දැන් ආණ්ඩුවේ ලයිසම පිට නරක දේවල් කරනවා. මේවා නම්බු නාම නොවේ. ලංකාව වැනි රට වලට ,ලැජ්ජයි , දුකයි රට ගැන. මේවා වහාම නැවත් විය යුතුයි. මා මෙය කියන්නේ වග කීමෙන්. (නදී)
අනේ! එයාලට ඔය වරෙන්තු ගැන දැනුමක් නැතුව ඇති නේද? (නි)
මම මේ තැනට 2000 ඉදන් යනවා ලංකාවට ගියාම. මෙතැන හොද සේවයක් කරනවා අඩු මුදලකට බොහොම වැදගත් විදියට. සම්බාහන ආයතනයක් මිසක් ලිංගික සේවාවක් නොවේ.(නදී)