‘නටල බලමුද’ යනුවෙන් හැඳුන්වාගත් චිත්‍රපටයක නාටුමක් සඳහා යොදාගත් තරුණියන් තිදෙනෙකු පෙර පුහුණුවීම් වලදී නිරුවතින් නාටවීමට ගත් උත්සාහයක් වැරදී චිත්‍රපටයේ අධ්‍යක්ෂක යැයි කියා ගන්නා පුද්ගලයා හා ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
දැන්වීමකට අනූව පිට පළාත් වලින් ගෙන්වා ගත් තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු දින කිහිපයක් නාටුම් පුහුණු කර ඇතැයි කියති.
නැටුම් ගුරුවර යැයි කියා ගන්නා මෙම පුද්ගලයා ටියුෂන් ගුරුවරයෙක් බව කියති.
සිරුරේ හැඩ බැලීමට කියමින් නිරුවතින් නැටවීමට ගත් උත්සාහය ප්‍රතික්ෂේප කර පැන ගිය මෙම පිරිස පොලිසියට කළ පැමිණිල්ලකට නැටුම් ගුරුවරයා හා බිරිය බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යහපාලනය! (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
හොඳ දඬුවමක් දෙන්න. (ර)
තම ගුරුවරයාට තබන විශ්වාසය සහ ගුරු ගෞරවය මත ජීවිත බිල්ලට ගන්නා මෙම ටියුෂන් බිල්ලන්ට ඔවුන්ගේ පවුල් පිටින් වනගත වන පරිදි දැඩි දඬුවන් දියයුතුය (නි)
දැන් අපේ රටේ ගොඩක් නළු නිළියෝ ඉන්නේ මේ විදියට , ඕක සුළු දෙයක් , (ම)
මට හිතට එන තරහා කියලා නිමකරන්න බැහැ (නි)
දැන් ඉතින් උසාවියෙත් නටලා බලමුකෝ (නි)
අපේ ජනාධිපති කිවුවා වගේ සන්දර්ශන වලදී තනපට විසිකරන අයට බූවල්ලෙන් තලනවා නම් කෙල්ලන් නිරුවතින් නටවන්න යන හොර, කාමුක චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට දෙන්න තියෙන දඬුවම මොකද්ද? තමන්ගේ සොහොයුරියන්, අම්මා අමතක කර අහිංසක කෙල්ලන් මුලාකර මෙවන් වැඩවලට පොළඹවා ගැනීමට උත්සාහ කළ ඔහුගේ පවුලටත් අමතක නොවන දඬුවමක් නොදුන්නොත් තව තව මෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂකලා මෙරටේ බිහිවෙන්න පුළුවන්. (නි)
එතකොට නැටුම් ගුරාගේ සිරුරේ හැඩ පෙන්නුවේ නැද්ද දන්නේ නැහැ (නි)
අද සමහරු ඇඳුම් ඇඳගන හිටියත් නිරුවතින් ඉන්නවා වගේනේ (නි)
දැන් හැමතැනම තියෙන්නෙ නැටුමනෙ. නැටුම දැන් විලාසිතාවක් වෙලා. මේවට වගකිව යුත්තෙ මේ ළමයින්ගෙ දෙමව්පියන්. නමුත් සමහර ළමයි මව්පියන් කියන දේ අහන්නෙ නැතුව හිතුමතේට වැඩකරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. මේ ළමයි මෙහෙමවත් බේරුණා ඇති. නැත්නම් කොහෙන් නවතීද දන්නෙ නැහැ (නි)
දැන් ලංකාවේ හැම දෙයක්ම කරන්නේ වෙනසකටනේ.අපේ සමහර මිනිස්සුන්ටත් ඕනේ වෙනසක්නේ. එකනේ අමු අමුවේ රුපවාහිනියේ පෙන්නන ගීත රාමුවටත් අතිශයෙන් වැඩිහිටියන්ට පණක් වූ රුප රාමු ඔබ්බවන්නේ. (ම)
දැන් අපේ රටේ බොහෝ දුශ්චරිත වලට උපකාරක පන්ති ගුරුවරු චෝදනා ලබනවා. එවැනි ගුරුවරුන්ගේ අධ්‍යාපන හා පාසල් සහතික අධිකරණය මඟින් විමර්ශනය කරන්නේ නම් මෙම සමාජ උවදුර බොහෝදුරට මැඩලිය හැකිවේවි (නි)
දැන් ‘නටල බලයි‘ හිරේදී (නි)
මමත් අවුරුදු 3කට කලින් ඕකට ගියා ඉන්ටවිව් එකට. ගෙදරක තිබ්බෙ. පස්සෙ මට සැක හිතුනා. එතන ඉද්දි දැක්කා "නටලා බලමුද' කියන පෝස්ටර් එක. පස්සෙ ඒක ගූගල් කලාම මේ නිව්ස් එකම ආව අවුරුදු 3කට කලින්. ඒ කාලෙත් මේක වෙලා. පස්සෙ මම බණ්ඩාරගමට පොලීසියට ගිහින් දැනුවත් කරලා ගෙදර ආව. තාමත් මේ දේ වෙන එක ගැනනම් කණගාටුදායකයි.