IMG-LOGO

කෙල්ලට මලපැන්නේ FB Photo එකටලු...

2016-07-01-ent-13ළඟදි පෙන්නපු චිත්‍රපටයක මංගල දර්ශනයක් සඳහා ආරාධනා පත්‍රයක් ලැබුණලු මාධ්‍ය සහෝදරයෙකුට. එදා වැඩ අධික දවසක් නිසා ශාලාවට යන කොට ෆිල්ම් එක පටන් ගන්න ඔන්න මෙන්නලු. බැල්කනියෙ එතනම තිබුණ සීට් එකේ වාඩි වෙලා ඔහු ෆිල්ම් එක බැලුවලු. ඔන්න ඉන්ටර්වල් එකේදී කැමරා ආම්පන්න ලයිට් අමෝරාගෙන කට්ටිය වීඩියෝ කරනවා, පින්තූරැ ගන්නවා. යාන්තම් බෙල්ල හරවලා බැලුවම අපේ යාළුව ළඟම වාඩිවෙලා ඉන්නෙ මේ දවස්වල නැඟී ගෙන නිළි නංගි කෙනෙක්ලු. එයාව දැක්ක ගමන් යාළුවට හුස්මත් හිරවෙන්න ගත්තලු. පින්තූරැ ගන්නවලු පපුව ගැහෙන වේගෙටම.

එදා රූම ඒ ඇවිත් හිටිය කට්ටියගෙ පින්තූරැ එක එක ගොසිප් වෙබ්සයිට්වල ගියාලු. මේ මාධ්‍ය යාළුවගෙ යාළුවොටික ඒවයෙන් එක පින්තූරයක් ඩවුන්ලෝඩ් කරලා මෙයයි අර නිළියයි ඉන්න ගානට පින්තූරෙ CROPකරලා මූණු පොතේ ඉතාම හොඳ චේතනාවෙන් මුදා හැරියලු.

පහුවදා මේ යාළුවගේ උපන්දිනේ. වෙන අවුරැදුවල නම් මෙයාගෙ පෙම්වතිය හරියට රූ 12 කණිසම වදිනවාත් එක්කම මෙයාට කතා කරලා සුභ පතනවලු. නමුත් එදා දවස පුරාම අඩුම ගානෙ එස්.එම්.එස්. එකක් වත් නැහැලු.

බැරිම තැන මෙයා කෙල්ලට කතා කළා - ප්‍රතිචාරයක් නැත. SMS එකක් යැව්වලු. ඒකටනම් ප්‍රතිචාරයක් ලැබුණා. "හරි ෂෝක්. මම FB එක බැලුවා.* මොහු අන්දුන් කුන්දුන් වී මූණුපොත සැරිසරන්න පටන් ගත්තලු. වැඩේ පත්තුවුණ හැටි තේරැම් ගත් ඔහු FB එකේ පෝස්ට් එකක් දැම්මලු.

"මගේ බොක්කෙ යාළුවන්ගේ. උපන්දින තෑග්ගට ගොඩාක් ස්තූතියි!"

 

DESHAYA



අදහස් (0)

කෙල්ලට මලපැන්නේ FB Photo එකටලු...

නුවන් Monday, 04 July 2016 03:20 AM

මොළේ කල්පනා කරන්න දන්න පෙම්වතෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 475 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 296 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site