හංවැල්ලේ කොල්ලකරුවන් රණාලේ ජාසිංහමුල්ල කැලයට වැදී ඇතැයි ලැබුණු තොරතුරක් අනුව පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් කැළය වටකරගෙන සිටියි.
මිරිහාන විශේෂ පොලිස් අපරාධ විමර්ශන ඒකකය ද මින් මද වේලාවකට පෙර එහි යවනු ලැබීය.
පැහැරගත් ත්‍රිරෝද රිය ද කොල්ලකරුවන් මඟ දමා ගොස් ඇතැයි කියති.
එම සැකකරුවන් පැහැරගත් ත්‍රිරෝද රියෙන් රණාලේ එලිෆන්ට් හවුස් ආයතනය ළඟින් බැස රබර් වත්තක් මැදින් ගිය බවත්, එක් අයකු රෝසපාට ටීෂර්ටයක් ඇඳ සිටි බවත් ත්‍රිරෝද රියදුරා පොලිසියට කියා ඇත.
රබර්වත්ත කෙළවරේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවියකු කියා ඇත්තේ තුවක්කුවක් හා පොට්ටනියක් බැඳගත් දෙදෙනකු මිනිත්තු දහයකට කළින් කුඹුර දිගේ යනු දුටු බවයි.
පොලිසිය කියනුයේ හතර දෙනා දෙකට බෙදී දෙපැත්තකට යන්නට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd