හය මාසයක දී පළාත් හයක දී මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු සල්ලි කාරයන්ගේ ගෙවල් කොල්ල කෑ සන්නද්ධ කල්ලියක 23 දෙනෙක් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ අත්අඩංගුවට ගත් මේ පිරිස අතර කොල්ලයක් මෙහෙය වූ ගැහැණියක ද සිටින බව කියති.
අම්බලන්ගොඩ වාද්දූව බලංගොඩ, හොරණ, කිරිබත්ගොඩ හා ජාඇළ ගෙවල්වලට පැණ අවි පෙන්වා සල්ලි, මැණික් හා රන් අබරණ ඔවුන් පැහැරගෙන ඇතැයි ද, අම්බලන්ගොඩ කොල්ලය මෙහෙයවා ඇත්තේ ගැහැනියක බව ද කියති.
සන්නද්ධ කල්ලියේ සංඛ්‍යාව හය දෙනකු බවත් පරිවාර පිරිස 17ක් බවත් පොලිසිය පවසයි.
2014 මුල් හය මාසයේ දී මේ කොල්ලකෑම් කර ඇති බව ද බලංගොඩ බෝවත්තේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ල කෑමේ සිද්ධිය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණීමෙන් පසුව පරීක්ෂණ මෙවන් ද සිල්වා මහතාට බාර කළ බව ද දැනගන්නට ඇත.
එක් කොල්ලකරුවකුට අනියම් බාර්යාවන් 11 දෙනකු සිටි බව ද, කොල්ලකෑම් අවසානයේ කොල්කරුවන් ඉන්දියාවේ සති තුනක සංචාරයකට ද ගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මටත් හිටියනම් ! (ස)
භාර්යාවෝ 11 දෙනාවම ගෙන්වලා දැන් මෙයාව මුණගැස්සුවා නම් වෙන දඬුවමක් ඕනෑ වෙන්නේ නැහැ . (නි)
මේ වගේ අයත් ඉන්දියාවේ ගිහින් වන්දනාමාන කරනවද? (නි)
වර්ෂ 1867 දී පමණ කසාද සහතිකය ඇතිකළේ. ඊට පෙර එවැනි දෙයක් නොතිබුණි.කෙනෙක් කාන්තාවන් කීපදෙනෙකුට අන්‍යෝන්‍ය සහයෝගයෙන් උදව් කලාට අපි ඔහුට අනියම් භාර්යාවන් සිටියායි කීමට අයිතියක් නැහැ. (ස)
කොල්ල කාල ඉන්දියාවේ ගිහින් දඹදිවත් වැඳ පුදාගෙන ඇවිත් වගේ . (අ)
කවුද කොහේද මෙයා (අ)
අනියම් භාර්යාවන් 11 දෙනකු සිටිය කියන්නේ සැහෙන කාර්යබහුල පුත්ගලයෙක්. ඉන්දියාවේ ගියේ අපේ පාර්ලිමේන්තුවේ කට්ටිය යන දේවාලේ වදින්නද දන්නේ නැහැ. කොහොම කරත් පෙර පින් කරපු ඇත්තෝ දැන් ඉතින් විඳවයි.(බ)