IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොල්ල කල්ලි ජාලයක නායිකාවක්-ඇගේ පුත්‍රයා ඇතුළු තිදෙනකු අල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් එම නිවාසවල සේවා කටයුතු ආදියේ නිරත වෙමින්  කොල්ල කණ්ඩායමක් යොදවා නිවාස කොල්ලකෑමේ නිරත සංවිධානාත්මක ජාලයක නායිකාව වන කාන්තාවක ඇගේ පුත්‍රයා ඇතුලු තිදෙනෛකු සමඟ අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසියට කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස හඟුරන් කෙත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙම කාන්තාව සිය පුතුගේ කල්ලිය සමඟ එක්ව කරන මෙම කොල්ලකෑම් හෙළි කර ගැනීමට හැකි වී ඇත්තේ  බෙම්මුල්ල සපුගස්තැන්න ප්‍රදේශයේ නිවසක සිදුවූ කොල්ලයක් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමේදීය.වයස අවුරුදු හතක් වූ මුනුබුරා සමඟ   දෙමහල් නිවසේ ජීවත් වෙන වයස අවුරුදු පනස් හතරක් පමණ වන කාන්තාවක නිවසේ අත පය බැඳ දමා  තිබූ අතර   එදින රාත්‍රියේ එකට පමණ දෙදෙනෙක් පැමිණ ඇය ගැටගසා නිවසේ තිබූ රන් ආභරණ සහ දුරකථන දෙකක් රැගෙන ගොස් තිබිණි.

සිද්ධිය සිදුවීමට මාස එකහමාරකට පමණ ප්‍රථම මෙම නිවසේ මෙහෙකාර සේවයට මීගමුව ප්‍රදේශයේ මෑන් පවර් ආයතනයකින් කාන්තාවක් බඳවාගෙන ඇති බවත් එම කාන්තාව සිද්ධිය සිදු වූ මොහොතේ සිට නිවසෙන් අතුරුදහන්ව ඇති බව පැමිණිලිකාරිය ලබා දුන් ප්‍රකාශය  අනුව දැනගැනීමට හැකිව ඇත.මෙම කාන්තාව හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත.

මෙම කාන්තාව පිළිබඳව කරුණු පරික්ෂා කිරීමේදී ආයතනය මෙම කාන්තාව සම්බන්ධව කිසිදු පොලිස් වාර්තාවක්වත් ලබාගෙන නොමැති බව අනාවරණය විය.   හඟුරන් කෙත පොලිසිය මගින්  කාන්තාව සම්බන්ධව තොරතුරු සොයා බැලීමේදී  මෙම කාන්තාවට යම් වැරදි වෙනුවෙන් වරෙන්තු 10 පවතින බවත් දැනට ප්‍රදේශයෙන් අතුරුදහන් නැති බවත් අනාවරණය වී ඇත.

 අනතුරුව සිදුකළ පරීක්ෂනයේදී සැකකාර කාන්තාවගේ පුත්‍රයා එප්පාවල නගරයේදී අත්අඩංගුවට ගත් අතර සොරාගත්  රත්‍රන් ආභරණද මොහු සතුව තිබී සොයාගැනීමට පොලීසියට හැකිවී ඇත. සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 800 සහ රත්තරන් සුරයක්ද , මංකොල්ල එක්  ජංගම දුරකථනයක් ද   සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත.අනතුරුව සෙසු සැකකරැවන් දෙදෙනාද සොරකම් කරන ලද අත් පළදනාවක්, සමග සොයා ගැනීමට හැකිවී ඇති අතර කොල්ලිය සඳහා භාවිතා කළ බව කියන ඔහුගේ යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.   

සැකකාර කාන්තාව  මිනුවන්ගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව මිනුවන් ගොඩ නගරයේදී පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.  

 



අදහස් (0)

කොල්ල කල්ලි ජාලයක නායිකාවක්-ඇගේ පුත්‍රයා ඇතුළු තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site