IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුලියාපිටි නවකවද සිද්ධියේ සිසුන් රිමාන්ඩ් බාරයට

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවකවදය දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත්  සිසුන් සිව් දෙනා මේ මස 16 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා අද නියම කළේය.

එලෙස බන්ධනාගාර ගතවූයේ මාරස්සන ප්‍රදේශයේ එරංග කනිෂ්ක බණ්ඩාර, වැලිගල්ල පදිංචි සිසිර දසුන් වීරසිංහ, රඹුක්කන පදිංචි තිමිර ජයනාත් හා නිකවැරටියේ කාවින්දි අප්සරා නැමති එම කාර්මික විද්‍යාලයේම  සිසුන් තිදෙනෙකු හා සිසුවියෙකි.

නවකවදය විඳදරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිවි හාණිකර ගන්නට වැවට පැන්න බව කියන  සිසුවිය මේ වනවිටත් කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නීවාසික ප්‍රතිකාර ලබයි.

මෙහිදී කරුණු දැක්වූ කුලියාපිටිය පොලිසිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන දැරිය මෙම සිදුවීම් මාලාව හේතුවෙන් දැඩි කම්පාවට පත්ව සිටින බවයි.

එමෙන්ම ශාරීරිකව හා මානසිකව විවිධ වධ හිංසා පමුණවා තිබූ බවට දැරියගේ ප්‍රකාශ අනුව හෙළිවූ බවත් වින්ධිත දැරිය ඒ පිළිබඳ ගුරුවරුන්ට හා සිය ඥාතීන්ට පවසා ඇති බවත් කරුණු අනාවරණය වූ බවද පැවසීය.

 



අදහස් (3)

කුලියාපිටි නවකවද සිද්ධියේ සිසුන් රිමාන්ඩ් බාරයට

Pradeep Kumara Wednesday, 04 June 2025 09:16 PM

රිමාන්ඩ් කරලා මදි, මොවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා දාන්නත් ඕනෑ. මානසික ලෙඩ්ඩු

:       0       0

pakeer Wednesday, 04 June 2025 09:36 PM

අන්න එහෙම නම් දාන්න. ඔය වගේ අය රස්සාවල් හොයන් එනකොට දෙන්නම්... වැඩේ. අනික මේ කාර්මික විද්‍යාලවල ඉන්න අය. මොවුන් හරියට විභාග පාස් වෙලාවත් නැති අය.

:       0       0

Bunny Preena Thursday, 05 June 2025 09:28 AM

මොවුන්ට කිසිම සමාවක් නොදිය යුතුයි. ඉදිරියේදී මෙවැනි දේවල් සිදු නොවීමට නම් මොවුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා දමා බන්ධනාගාරගත කළ යුතුයි... විශ්ව විද්‍යාලය වැනි උතුම් පුරවැසියන් බිහි කරන මෙවැන්නන් සුදුසු නැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site