
(තිලකරත්න දිසානායක)
මාර්ග අංක 154 කිරිබත්ගොඩ සහ අගුලාන අතර ධාවනය වන බසයකට ගමන් වාරයක කාලය වැඩි කරන ලෙස ඉල්ලා බස් සේවකයෝ අද විරෝධයක් පළ කළහ.
මෙම මාර්ගයේ දැනට පවතින ගමන් වාර කාලය පැය 1 විනාඩි 50 ක කාලය පැය 2 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අද (4) දිනයේ බස් ධාවනයෙන් ඉවත්ව සේවකයෝ විරෝධයක නිරතව සිටියහ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා මේ බව පැවසීය.
කිලෝ මීටර් 26 ක දුරින් යුත් කිරිබත්ගොඩ සහ අගුලාන අතර ගමන් වාරයක් සදහා අතීතයේ ලබාදී තිබූ පැය 1 විනාඩි 35 ක කාලය බස් සේවකයින් ඉල්ලීම මත පසුව පැය 1 විනාඩි 50 දක්වා වැඩි බවත් එය පැය 2 ක් දක්වා වැඩි කරන්නැයි ඉල්ලීම අනුමත කරන්නේ නෑ. පැය දෙකක් ඉල්ලීම මගී ජනතාව දැඩි අපහසුතාවකට පත් කිරීමක්.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල ඇතුලුව දෛනිකව විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් ගන්නා මෙම බස් මාර්ගයේ ධාවනය කෙරෙන බස් ඉබි ගමනින් ධාවනය කෙරෙන බවට විශාල පැමිණිලි සංඛ්‍යාවක් මගීන්ගෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලැබී ඇති බව පැවසූ කළමනාකාරවරයා, දිනකට බස් රථ 70 ධාවනය කෙරෙන මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට වන අපහසුතාවයට පිළියම් යෙදීම විය යුතු බව වැඩි දුරටත් කියා සිටියේය.
එම නිසා දැනට පවතින කාලය කිසිසේත්ම වැඩි කළ නොහැකි බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අප්පා, මේ බස් යන විදියට පැය 8/10 දෙන්න ඕනෑ.
193 මාර්ගයට වූ දේ මේකටත් වෙනවා. මලගම... දැනටත් මගීන් ඔය බස් වර්ජනය කරලා. ඔය දුරට විනාඩි 70ත් වැඩියි. මජර බඩගාන බස්...
ලංකාවේ තියන කාලකන්නිම බස් රූට් එකක් මේක... බස් සේවකයින් සහ හිමිකරුවන්ට ඕනෑ විදිහට ද මිනිස්සු තමන්ගේ වැඩ රාජකාරි වලට යන වෙලාව හදාගන්න ඕනෑ.. මේ රටේ තියන ඩොලර් සහ ඉන්ධන ප්‍රශ්නවලට එක අතකින් මේ බස් කාරයින් වගකියන්න ඕනෑ... මොකද මේ බස්වල හිරවෙලා, මග දිගට කොට කොට කාලේ කා දමමින් බස් එකේ යනවට වඩා හොඳයි බයික් එකක්, පොඩි කාර් එකක් ගන්නවා කියලා මිනිස්සු වාහන ගත්තා... රටේ වාහන තදබද වැඩි වුණේත් මේ නිසා. දියුණු රටවල පොදු ප්‍රවාහනේ තමා හැමෝම පාවිච්චි කරන්නේ... ලංකාවේ තනිකරම තියෙන්නේ කුණු වෙච්ච පොදු ප්‍රවාහන සේවයක්... බස් ඩ්‍රයිවර්ගේ කොන්දොස්තරගේ අඳෝනා සින්දු අහගෙන, ඩිස්කෝ ලයිට් දාගෙන බස්වල උදේ පාන්දර ළමයි ඉස්කෝලේ යන රටක දියුණුවක් වෙයිද?
බොරැල්ල හන්දියට ආවා නම් බස් එක කොච්චර වෙලා නවත්තන් ඉන්නවාද කියලා බලාගන්න තිබ්බා. මොන අයද පැය 1.5ක් තිබ්බ එක වැඩිකළේ?
දැනටමත් 154 ඉබි ගමෙනෙන් යන්නේ. මගින් ඉතාමත් අපහසුවෙන් ඉන්නේ. සෙනග පුරවමින් සිටින විට බස් රථයේ රැඳී ඉන්න මගින් විශාල ශාරීරික සහ මානසික පීඩාවකට පත් වනවා. පුළුවන් නම් තවත් කාලය කෙටි කරන්න.
බඩගාන කාලය දික්කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ මගීන්ය.
රටේ ඩීසල් ටික පුච්ච පුච්ච ට්‍රැෆික් වැඩි කර කර තවත් වාහන වලත් ප්‍රෙට්‍රල් ඩීසල් පුච්ච පුච්ච මුන්ට මතක නැ විද්ද දුක.. උන්ගෙ මඩි තර වෙනව නං එච්චරයි.. ඔච්චර දුක් විදගෙන යන්න ඔන නැ. ඔය බස් ලඩි අයින් කරලම දාමු.
26Km යන්න පැය දෙකක්. ඊට වඩා හොදයි පයින් යන එක. මගින් එකතුවී මෙම මාර්ගයේ බස්රථ වර්ජනය කල යුතුයි. මින් පෙර මාර්ග අංක 104 බස් සේවයට අත්වූ ඉරණමම 154 බස් සේවයටද ලබා දෙන්න. මගීන් හැටියට තමන්ගේ හැකියාවද පෙන්වා මෙම බස් සේවය වර්ජනය කරන්න
දැනටමත් යන්නෙ ඉබි ගමනේ .තව වැඩි කරොත් අපිට වෙන්නේ මග මැරෙන්න
අපි දන්නා කdලේ ඉඳන්ම 154 කියන්නේ ඉබි ගමනින් යන බසයක්. මේකට ප්‍රධාන හේතුව තමයි මේවා පාලනය කරන්නේ බස් අයිතිකාරයෝ, ගෝලයෝ වගේ නූගත් අය වීමයි. 176 වගේ දුවන්න, දුවලා බලන්න වෙනදාට වඩා අදායම වැඩි නැද්ද කියලා. රට පුරාම සිදුවන දෙයක් බස් රූට් දුවන්නේ අධ්‍යාපනයක් නැති මිනිස්සුන්ගේ පාලනයකින්... ඉතින් සාමාන්‍ය ජනතාව පීඩා විඳිනවා.