මීරිගම කණ්ඩලම වලව්වේ සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්ට බාර දුන් ඇත් පැටවා නැවත ගැනීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හෝ නියෝජිතයකු පැමිණි විට විරෝධතාවකින් තොරව ඇත් පැටවා බාර දෙන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය සුමංගල හිමියන්ට අද නියෝග කළාය.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අවසන් වන තෙක් ඇත් පැටවා උඩවලව ඇත් අතුරු වෙනේ රඳවා තබා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ද විනිසුරුවරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ගේ භාරයේ හිටියම මොකද වෙන්නේ ? (නදී)
සත්ව හිංසාවෙන් මිදෙන්න. එම අලි පැටවා එහා මෙහා ගෙනයාමෙනුත් හිංසාවට ලක්වෙනවා නේද? (නි)
ඔය අලි පැටිය හිටියේ හෙල්ලෙන්න බැරි විදියට කකුල් දෙපැත්තට බැඳලා. පුදුම දුකක් අසරණ සතා වින්දේ. කැලේ හිටියා නම් මොන තරම් විනොදෙන්ද එයා ඉන්නේ. (නදී)
අැයි හාමුදුරුවෝ ඇත් පැටියා ආපහු දෙන්න අදි මදි කලාද? තණ්හාය ජායතී ශෝකෝ, තණ්හාය ජායතී භයන් (නදී)
මේ දේවල් වලින් අන්තිමේදී දුක්විඳින්නේ අහිංසක සත්තු (නි)